BREAKING
Top Ad
පුවත්

බැසිල්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ස්ථිර වේ! - ජුලි 08දා රටපුරා සැරසිලි

T

The Leader

July 5, 2021 • 6:46 AM

බැසිල්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ස්ථිර වේ! - ජුලි 08දා රටපුරා සැරසිලි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැසිල් රාජපක්ෂගේ මෙවර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට අදාලව පැවති ගැටළු මේවනවිට මුළුමනින්ම පාහේ විසඳි ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  •   එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉස්මතුවන ආකාරයෙන් සියලු ප්‍රචාරක කටයුතු සිදුකරන්නයි ද දැනුම්වත් කර ඇති අතර ආණ්ඩුවේ කිසිදු පක්ෂ නායකයකුට එරෙහිව කුමන ආකාරයක හෝ ප්‍රචාරක කටයුත්තක් නොකරන්නැයි දැඩිලෙස අවවාද කර ඇතැයි ද පැවසේ.
  •   පොහොට්ටු පක්ෂය විසින් මෙහෙයවනු ලබන සමාජ මාධ්‍ය කණ්ඩායම් වෙත ද එම උපදෙස් ලබාදී ඇතයි වාර්තාවේ.
  •   බැසිල් රාජපක්ෂ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ අනුව, පාර්ලිමේන්තු පැමිණීමට සුබ නැකතක් පවා මේවනවිට සකස් කර ඇතැයි පැවසේ.
 
අද පෙරවරුවේ නෙලුම් මාවත 'පොහොට්ටු' පක්ෂ කාර්යාලයට එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් කැඳවා ඇති අතර 
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව තුල දිව්රුම් දෙන දිනයේ ඔහු වෙනුවෙන් රටපුරා සැරසිලි හා ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.
 
එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉස්මතුවන ආකාරයෙන් සියලු ප්‍රචාරක කටයුතු සිදුකරන්නයි ද දැනුම්වත් කර ඇති අතර ආණ්ඩුවේ කිසිදු පක්ෂ නායකයකුට එරෙහිව කුමන ආකාරයක හෝ ප්‍රචාරක කටයුත්තක් නොකරන්නැයි දැඩිලෙස අවවාද කර ඇතැයි ද පැවසේ.
 
පොහොට්ටු පක්ෂය විසින් මෙහෙයවනු ලබන සමාජ මාධ්‍ය කණ්ඩායම් වෙත ද එම උපදෙස් ලබාදී ඇතයි වාර්තාවේ.
 
 
ආර්ථිකයේ සමස්ත වගකීම :
 
 
බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත බවත්, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇති බවත් 'ලංකාදීප' පුවත් වෙබ් අඩවිය ද වාර්තා කර තිබේ.
 
බැසිල් රාජපක්ෂ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.
 
 
WhatsApp Image 2021 07 05 at 5.33.04 PM
 
 
මේ අතර අද 'ලංකාදීප' වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ,  බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක් ලැබීමට නියමිත බවයි.
 
බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන පසුගියදා ජනාධිපතිවරයාගේ නිවසේ සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
 
 
වගකීම නාමල්ට !
 
 
එම පුවත් වාර්තාවට අනුව, බැසිල් රාජපක්‍ෂ වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටය.
 
එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු වි ඇතැයි ලංකාදීප පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ, පසුගිය මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ලැයිස්තුව පත්කළ බැසිල් රාජපක්ෂට තමා වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම නාමල් ඇමතිවරයාට පැවරීමට සිදුවීම හාස්‍යයට කරුණක්  බවයි.
 
එම ජාතික ලැයිස්තුව පත්කිරීමේදී ජනධිපතිවරයා විසින් නම් කල වියත්මග සාමාජිකයින් දෙතුන් දෙනා සහ අගමැතිවරයා විසින් නම්කරනු ලැබූ ෆලීල් මර්ජාන්, ජයන්ත වීරසිංහ වැනි දෙතුන් දෙනෙකු හැර පොහොට්ටු පක්ෂයේ අන් සියලු දෙනාම පත්කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ විසිනි.
 
කොටින්ම කිවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව සුරේන් රාඝවන් ජාතික ලැයිස්තුවට පත්කර කළේ බැසිල් රාජපක්ෂ විසින් බවට එම පක්ෂයේ නායකයින් මෙදිනවලද චෝදනා කරමින් සිටියි.
 
ජාතික ලැයිස්තුවට නාමල්ගේ ගජ මිතුරන් හෝ තාරුණ්‍යයට හෙටක් වැනි සංවිධානවල සිටි අයකු පත්කර ඇති බවක් වාර්තා නොවේ. 
 
බැසිල් වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම  ඔහුට පවරා ඇත්තේ එවැනි වටපිටාවක් තුලය.
 
 
ප්‍රාතිහාරයක් අභියස....
 
 
කෙසේවුවද බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අද හෙටම පාර්ලිමේන්තුට පැමිණ ඇමති ධුර බාරගනිමින්, ජනාධිපති හා අගමැති සහභාගී වූ ජිවන වියදම් කමිටුවෙන් ඉහල දැමු  ඉන්දන මිල ඇතුළු බඩුමිල යලි පහත හෙලනු ඇතැයි ජනතාව විශාල බලාපොරොත්තුවකින් සිටින බව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලි වේ.
 
ජනතාව තුල එවැනි බලාපොරොත්තුවක් ඇතිකරනු ලැබුවේ බැසිල්වාදී මැති ඇමතිවරුන් හා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලය හරහාය.
 
 
 
 
 
##########
THE LEADER TV 
චීනයෙන් බැසිල්ට බාල්දියක් ? 
 
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...! 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...