BREAKING
Top Ad
පුවත්

ජුලි 09 : 'ගලක්වත් අතට ගන්න එපා' - ජවිපෙ නායකයා කියයි

T

The Leader

July 8, 2022 • 12:18 AM

ජුලි 09 : 'ගලක්වත් අතට ගන්න එපා' - ජවිපෙ නායකයා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුලි 9 හෙට පැවැත්වෙන විරෝධතාවයෙදී කිසිම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත්
  • මෙම ජාතික විරෝධතා දිනය පවත්වන්නේ රනිල් - ගෝඨා කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පළවා හැරීම අරමුණු කරගෙන බවත් ඊට තම දේශපාලන ව්‍යාපාරය සහාය දීම අවශ්‍ය යැයි තීරණය කළ බවත් ජවිපෙ නායකයා එහිදී සඳහන් කළේය.
  • ආණ්ඩුව මෙවැනි විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ පොදු ප්‍රවාහනය අඩාල කරමින් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙම අරගලකරුවන්ගේ සාධනීය ඉල්ලීම් හමුවේ ප්‍රචණ්ඩත්වය මවාපෑම ප්‍රායෝගික නොවන බවත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන කිසිවෙකුට නොව ආණ්ඩුවට බවත් පැවැසීය.
  • එම නිසා කිසි ම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වය දියත් කර ආණ්ඩුවට කිසිදු වාසියක් සැලසිය යුතු නොමැති බව ද ඔහු වැඩිදුරටත් කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවට එය වාසිසහගත වන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් ඊයේ  (07) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවීමට බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සිදුකළ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය.

මෙම ජාතික විරෝධතා දිනය පවත්වන්නේ රනිල් - ගෝඨා කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පළවා හැරීම අරමුණු කරගෙන බවත් ඊට තම දේශපාලන ව්‍යාපාරය සහාය දීම අවශ්‍ය යැයි තීරණය කළ බවත් ජවිපෙ නායකයා එහිදී සඳහන් කළේය.

ආණ්ඩුව මෙවැනි විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ පොදු ප්‍රවාහනය අඩාල කරමින් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙම අරගලකරුවන්ගේ සාධනීය ඉල්ලීම් හමුවේ ප්‍රචණ්ඩත්වය මවාපෑම ප්‍රායෝගික නොවන බවත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන කිසිවෙකුට නොව ආණ්ඩුවට බවත් පැවැසීය.

එම නිසා කිසි ම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වය දියත් කර ආණ්ඩුවට කිසිදු වාසියක් සැලසිය යුතු නොමැති බව ද ඔහු වැඩිදුරටත් කීය.

292738686 596852165144350 1846820557309023684 n

292337855 596852221811011 8461983759416241816 n

292564051 596852298477670 2211898029664305475 n

292606097 596852341810999 6469561537906725565 n

292398007 596852401810993 8626708550675846330 n


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...