BREAKING
Top Ad
පුවත්

ඩයස්පෝරා නායිකාවගේ ලන්ඩන් උපවාසයට කාන්තා දිනේට දවස් 10 යි

T

The Leader

March 9, 2021 • 1:19 AM

ඩයස්පෝරා නායිකාවගේ ලන්ඩන් උපවාසයට කාන්තා දිනේට දවස් 10 යි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධාධිකරණයට
  •   “දිගටම කෙරෙමින් පවතින වර්ග සංහාරයෙන් දෙමළ ජනතාව ගලවා ගැනීමට මැදිහත් වන ලෙස මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි,” යි අම්බිහෙයි සෙල්වකුමාර් පවසන්නීය.
  •     එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයේ සැලකිල්ලට ගැනීම සඳහා අම්බිහෙයි සෙල්වකුමාර් පහත දැක්වෙන ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇත්තීය.
  •   1- යුද ඔඅරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වර්ග සංහාරය සම්බන්ධ චෝදනා පලදායී ලෙස විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සහ මහා මණ්ඩලයට නිර්දේශ කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
යොමුකිරීම ඇතුළු සිව් වැදෑරුම් ඉල්ලීම් පෙරටු කොටගෙන දෙමළ ඩයස්පෝරා ක්‍රියාධාරිනියක් බ්‍රිතාන්‍යයේ ආරම්භ කර ඇති උපවාසයට ඊයේ (08) දිනට දින දහයක් සපිරිණ.
 
වර්ගසංහාරය වැලැක්වීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICPPG) නම්, ලන්ඩනය මුලස්ථානය කොටගත් සංවිධානයේ අධ්‍යක්ෂිකා අම්බිහෙයි සෙල්වකුමාර් ජලය පමණක් පානය කරමින් යෙදී සිටින උපවාස භුමියේ සිට නිකුත් කර ඇති විශේෂ වීඩියෝ පණිවිඩයකින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ දෙමළ ජනතාව ගලවා ගැනීම සඳහා මෙවර මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි තීරණයකට එළැඹෙන ලෙසයි.
 
“දිගටම කෙරෙමින් පවතින වර්ග සංහාරයෙන් දෙමළ ජනතාව ගලවා ගැනීමට මැදිහත් වන ලෙස මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි,” යි අම්බිහෙයි සෙල්වකුමාර් පවසන්නීය.
 
“මගේ මාතෘභූමියේ සිටින දෙමළ ජනතාව කරන්නෙත් මෙම ඉල්ලීම් මයි. ජාත්‍යන්තර ප්‍රජාවට තේරෙන එකම භාෂාව ගාන්ධිවාදී මාර්ගය පමණයි.”
 
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය විසින් ඉල්ලා තිබු පරිදි ආණ්ඩුව ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සමාජ සේවිකාවක වශයෙන් රාජ්‍ය සේවයට කැපවී තමන් ජීවත්වන බ්‍රිතාන්‍යය පියවර නොගැනීම ගැන ICPPG අධ්‍යක්ෂවරිය කනගාටුව පලකරන්නීය.
 xfgvsdfg
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයේ සැලකිල්ලට ගැනීම සඳහා අම්බිහෙයි සෙල්වකුමාර් පහත දැක්වෙන ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇත්තීය.
 
1- යුද ඔඅරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වර්ග සංහාරය සම්බන්ධ චෝදනා පලදායී ලෙස විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සහ මහා මණ්ඩලයට නිර්දේශ කළ යුතුය.
 
 
2- සිරියාව සහ මියන්මාරය වෙනුවෙන් පිහිටුවා ඇත්තාක් වැනි ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයක් ස්ථාපිත කොට එහි වරම යටතේ අපරාධ නඩු පැවරීම අරමුණු කොටගෙන ජාත්‍යන්තර අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ සාක්ෂි එකතු කිරීම.
 
 
3- ශ්‍රී ලංකාවේ නොනැවතී සිදුවන උල්ලංඝන දිගටම අධීක්ෂණය සඳහා විශේෂ නියෝජිතයකු පත් කරන ලෙස මානව හිමිකම්  පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියට බලය පවරමින්, එම කාර්යාලයේ නියෝජනයක් ශ්‍රී ලංකා භුමියේ පිහිටුවීම.
 
 
4- ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යනු සාම්ප්‍රදායික දෙමළ නිජභුමියයි යන්න පදනම් කොටගෙන දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිළිගෙන ශ්‍රී ලංකාවේ තම අභිලාෂයන් දෙමළ ජනතාවට තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ජනමත විචාරණයක් පැවැත්වීම. 
 
දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වී අම්බිහෙයි සෙල්වකුමාර් ගේ ජීවිතය රැකදීමට මැදිහත් වන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට යොමු කර ඇති අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 13,000 කට වැඩි සංඛ්‍යාවක් එකතුවී තිබේ.
 
 

 


 

 

 

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...