BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 2025 දෙසැම්බර් 30 සිට

T

The Leader

December 28, 2025 • 6:01 AM

11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 2025 දෙසැම්බර් 30 සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඛණ්ඩව 11වැනි වරටත් සංවිධානය කෙරෙන ලංකාවේ පැවැත්වෙන එකම අන්තර්ජාතික සිනමා උලෙළ වන "යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ" (Jaffna International Cinema Festival) 2025 දෙසැම්බර් 30 සිට 2026 ජනවාරි 04 දක්වා යාපනයේ දී පැවැත් වේ.
  • ඒ සමඟම වෙනත් සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීමෙන් සිනමාව හරහා සහජීවනය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමයි.
  • Agenda 14 ආයතනය ඉදිරිපත් කරන මෙම උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහය සිලෝන් තියටර් සමාගම හා යාපනය විශ්වවිද්‍යාලය විසින් සපයයි.
  • උලෙළ ආරම්භක උත්සවය 2025 දෙසැම්බර් 30 වැනිදා සවස පස්වරු 6.15ට යාපනය තිරුවලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Jaffna Thiruvalluvar Cultural Centre) ආරම්භ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමාවේ සමකාලීන නිර්මාණාත්මක ප්‍රකාශන ගවේෂණය කිරීමේ අපක්ෂපාතී වේදිකාවක් වන යාපනය අන්තර්ජාතික සිනමා (Jaffna International Cinema Festival)උලෙළෙහි ප්‍රධාන අරමුණ ස්වාධීන සිනමාව සැමරීමයි. ඒ සමඟම වෙනත් සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීමෙන් සිනමාව හරහා සහජීවනය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමයි. මෙම උළෙලේ දී සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපට සහ කෙටි චිත්‍රපට තිරගත කිරීම තුළින් තරුණ චිත්‍රපට නිර්මාණකරුවන් දිරිගැන්වෙයි. Agenda 14 ආයතනය ඉදිරිපත් කරන මෙම උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහය සිලෝන් තියටර් සමාගම හා යාපනය විශ්වවිද්‍යාලය විසින් සපයයි.

605580985 1465462795300734 5249113157619484989 n 1

 

Jaffna ICF 2025 හි අනෙකුත් හවුල්කරුවන් වන්නේ ජර්මන් සංස්කෘතික ආයතනය (Goethe-Institut), ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය (Swami Vivekananda Cultural Centre - High Commission of India), බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council), චිත්‍රපට සංගමය - යාපනය විශ්වවිද්‍යාලය (Film Society- University of Jaffna), Kalam - A Space for Cultural Encounters, සහ Federation of Film Societies - Asia Pacific Section යන ආයතනයි.

උලෙළෙහි සිනමා දර්ශන ‍යාපනයේ කාර්ගිල්ස් චතුරස්‍රයේ රීගල් සිනමාශාලාව (Regal Cinemas-Cargills Square), කලාම් - සංස්කෘතික හමුවීම් සඳහා අවකාශය (Kalam - A Space for Cultural Encounters) සහ යාපනය තිරුවලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Jaffna Thiruvalluvar Cultural Centre) පැවැත්වේ.

උලෙළ ආරම්භක උත්සවය 2025 දෙසැම්බර් 30 වැනිදා සවස පස්වරු 6.15ට යාපනය තිරුවලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Jaffna Thiruvalluvar Cultural Centre) ආරම්භ වේ.

උළෙලේ ආරම්භ වන්නේ සම්මානලාභී ප්‍රදීප් කුරුබාගේ ‘The Elysian Field’ (02:03:00 | 2025 | ඉන්දියාව) සිනමාපටයෙනි.

 

606458505 1466814661832214 8091181243068561672 n
මෙවර උලෙළේදී චිත්‍රපට 60කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒවාට දීර්ඝ චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපට ඇතුළත් වේ. සහභාගී වන රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ජපානය, නේපාලය, පාකිස්තානය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.

මෙවර චිත්‍රපට උලෙළ ඉන්දියානු සුප්‍රකට චිත්‍රපට නිර්මාණකරු රිට්වික් ගටක්ට; ඔහුගේ උපන් සියවස සැමරීම නිමිත්තෙන් කැප කෙරේ.

 

605605116 1466178481895832 1673572111270010365 n
දෙසැම්බර් 31 දා රිට්වික් ගටක්ගේ සිනමාව හා ජීවිතය පිළිබඳ MasterClasses සහ වැඩමුළුවක් පැවැත්වේ.එය මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය අන්කූරන් දත්තා විසිනි.

ශ්‍රී ලාංකික චිත්‍රපට නිර්මාණකරු විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ (The Forsaken Land) සිනමාපටය ද තිරගත වේ. ඒ එය නිකුත් වී වසර 20ක් සැමරීමත්, 2005 Cannes උළෙලේදී Caméra d'Or සම්මානය දිනාගැනීමත් නිමිත්තෙනි.

උලෙළෙහි සමාප්තිය, 2026 ජනවාරි 04 වැනිදා ‍යාපනයේ කාර්ගිල්ස් චතුරස්‍රයේ රීගල් සිනමාශාලාවේදී සිදු කෙරේ. අවසාන චිත්‍රපටය ලෙස ශ්‍රී ලාංකික චිත්‍රපට නිර්මාණකරු අශෝක හඳගමගේ ‘සඳ දඩයම’ (The Forsaken Land) තිරගත වේ. එදින තිරගත වන්නේ එහි ලෝක මංගල දර්ශනය යි.

ජ්‍යෙෂ්ඨයන්ට ගෞරව කිරීමත්, තරුණ චිත්‍රපට නිර්මාණකරුවන් දිරිගැන්වීමත් සඳහා උළෙලේදී සම්මාන 6ක් පිරිනැමෙනු ඇත. ඒවා වන්නේ Lifetime Achievement Award, Best Debut Film, Best Documentary in New Asian Currents, Best International Short Film, Ceylon Theatres Award for the Best National Short Film සහ Audience Choice Award for the most popular short film ය.

මෙවර Jaffna ICF උළෙලේ Lifetime Achievement Award පිරිනැමෙන්නේ ප්‍රේමේන්ද්‍ර මසුම්දර්ටයි, ඔහු සිනමාව පිළිබඳ බහුකාර්ය හැකියාවන්ගෙන් කටයුතු කරයි.  1976 සිට චිත්‍රපට සමාජ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකි. ජාත්‍යන්තර චිත්‍රපට සංගම් සම්මේලනයේ ආසියානු ලේකම් (2010-12), ඉන්දියානු චිත්‍රපට සංගම් සම්මේලනයේ උප සභාපති (2010-14) සහ ඉන්දියානු චිත්‍රපට සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් (2014-16) විය. ඔහු ඉන්දියානු චිත්‍රපට විචාරක කවයේ සභාපති සහ ඉන්දියානු චිත්‍රපට විචාරක සංගමයේ ප්‍රධාන ලේකම් වේ. ඔහු දේශීය හා විදේශීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙල කිහිපයක උපදේශක ලෙස ද කටයුතු කරයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...