BREAKING
Top Ad
පුවත්

බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවී ඇතුළු පිරිස නිදහස්

T

The Leader

December 6, 2021 • 2:01 AM

බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවී ඇතුළු පිරිස නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම
  • මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.
  • අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළේය.
  • 2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.

අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළේය.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණ.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා පැවසිය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කරගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව ජනවාරි මස 26 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය. 

 
 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...