BREAKING
Top Ad
පුවත්

යුද්ධය ඉවර වී අවුරුදු 12 යි; උතුරේ සිය ගණනක් තවමත් අනාථයි

T

The Leader

February 2, 2021 • 12:00 PM

යුද්ධය ඉවර වී අවුරුදු 12 යි; උතුරේ සිය ගණනක් තවමත් අනාථයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරේ දියත් කළ යුද්ධය අවසන් වී දොලොස් වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් යාපනය දිස්ත්‍රික්කයේ අනාථ කඳවුරු තුළ පවුල් හාරසීයකට අධික සංඛ්‍යාවක් තවමත් සිටින බව හෙළි වී තිබේ.
  •   කම්පාසහගත මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 1 සඳුදා රැස්වු කැබිනට් මණ්ඩලයේදීය.
  •     එහෙත් එම ප්‍රදේශයේ දැනට පවතින ඉඩම් මිල ගණන් අනුව රුපියල් ලක්ෂ හතක මිලකට පර්චස් 20 ක ඉඩම් කොටසක් ලබා ගැනීම අපහසු බව රජය පවසයි.
  •   උතුරේ යුද අනාථයන් ලෙස ජීවත්වන්නට බල කෙරී ඇත්තේ ඉන් බහුතරයකගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගැනීම නිසා බව දෙමළ දේශපාලකයන් සහ ක්‍රියාධරයන් දැඩි ලෙස අවධාරණය කරති.
අකුරු ප්‍රමාණය (Font Size):
යාපනය දිස්ත්‍රික්කයේ අවතැන්වුවන්ගේ සුභසාධන මධ්‍යස්ථාන තුළ සිටින පවුල් 409 න් පවුල් 233 ක්ම  ඉඩම් නොමැති පවුල් වශයෙන් හදුනාගෙන ඇති බව රජය පවසයි.
 
කම්පාසහගත මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 1 සඳුදා රැස්වු කැබිනට් මණ්ඩලයේදීය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ සුභසාධන මධ්‍යස්ථාන වල සිටින ඉඩම් නොමැති පවුල් 381 ක් සදහා ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට යටත්ව, රුපියල් ලක්ෂ හතක වියදමින් පර්චස් 20 ක ඉඩම් කොටසක් බැගින් ලබා දීම සදහා අවශ්‍ය පියවර ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය හිමිව තිබේ.
 
 
පෙබරවාරි 1 සඳුදා දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ නිවේදනයේ දැක්වෙන පරිදි අවතැන් මධ්‍යස්ථාන තුළ රැදී සිටින පවුල් 409 අතුරින් ඉඩම් නොමැති පවුල් වශයෙන් හදුනාගෙන ඇති පවුල් 233 ක්  සිය උපන් ස්ථානයන්ට සමීප ස්ථානවලින් විකල්ප ඉඩම් ලබා ගැනීමට ඉල්ලිම් කර ඇත.
 
 
එහෙත් එම ප්‍රදේශයේ දැනට පවතින ඉඩම් මිල ගණන් අනුව රුපියල් ලක්ෂ හතක මිලකට පර්චස් 20 ක ඉඩම් කොටසක් ලබා ගැනීම අපහසු බව රජය පවසයි.
 
එබැවින් එම මුදල් නොඉක්මවන සේ රජයේ තක්සේරුකරුගේ තක්සේරුවට යටත්ව පර්චස් 10 -20 අතර ඉඩම් කොටසක් පෞද්ගලික අයිතිකරුවන්ගෙන් මිල දී ගෙන එම පවුල් වෙත ලබා දීමටත්, එයට සමගාමීව නිවාස ඉදි කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කර අවතැන්වු පවුල් නැවත පදිංචි කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලෙස අගමැතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර කළ බව රජය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
 
උතුරේ යුද අනාථයන් ලෙස ජීවත්වන්නට බල කෙරී ඇත්තේ ඉන් බහුතරයකගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගැනීම නිසා බව දෙමළ දේශපාලකයන් සහ ක්‍රියාධරයන් දැඩි ලෙස අවධාරණය කරති.
 
 
 
 
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරේ ජනතා නියෝජිතයෙක් පසුගියදා මාධ්‍යවේදීන් හා පවසා තිබුනේ ත්‍රිවිධ හමුදාව අත්පත් කරගෙන සිටින අක්කර 8000 කට වැඩි ඉඩම් ප්‍රමාණයක් තවමත්ව ඒවායේ නිසි අයිතිකරුවන්ට භාර දී නොමැති බවයි.
 
 
තවමත් වගා කළ හැකි ඉඩම් දහස් ගණනක් හමුදාව යටතේ පවතින අතර, එමගින් දහස් ගණනක් දෙමළ ජනයාගේ ජීවනෝපාය අහිමි කර ඇති බව, කිලිනොච්චි දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන්  වැඩි දුරටත් පවසා තිබුනි.
 
 
##############
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...