BREAKING
Top Ad
පුවත්

අද (13) එළියට යන්න පුළුවන් ඔත්තේ අයට පමණයි

T

The Leader

May 12, 2021 • 9:56 PM

අද (13) එළියට යන්න පුළුවන් ඔත්තේ අයට පමණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම 31 වැනිදා දක්වා මාර්ගයක ගමන් කරන සෑම පුද්ගලයෙකු සතුව
  •   හැඳුනුම්පතේ අංකය ඉරට්ටේ අංකයක් නම් (2,4,6,8) නිවසින් බැහැරට යාහැකි වන්නේ මාසයේ ඉරට්ටේ දිනයන්හිදීය.
  • එනම් ලබන අඟහරුවාදා (18 වැනිදා) නිවසින් බැහැරට යාමට හැකි වන්නේ හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් සහිත පුද්ගලයින්ටය.
  •     හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය රැගෙන යායුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු හැඳුනුම්පතක් තිබියයුතු බවත්, අත්‍යාවශ්‍ය රාජකාරි කටයුතු වල නිරත නොවන පුද්ගලයින් නිවසින් බැහැරව යායුත්තේ අදාළ හැදුනුම්පතේ අවසාන අංකයට අදාළ ඔත්තේ හෝ ඉරට්ටේ දිනවලදී පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ පැවසුවේය.
 
ඒ අනුව එක් අයෙකුට පමණක් නිවසින් බැහැරව භාණ්ඩ මිලදී ගැනීම හෝ වෙනත් ගමනක් බිමනක් යා හැකිය.
 
ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ අවසාන අංකය ඔත්තේ අංකයක් නම් (1,3,5,7,9) නිවසින් බැහැරව යා හැක්කේ මාසයේ ඔත්තේ දිනයන්හිදීය. 
 
උදාහරණයක් ලෙස අද (13 වැනිදා) නිවසින් බැහැරට යාහැකි වන්නේ හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ අංකය තිබෙන පුද්ගලයින්ටය.
 
හැඳුනුම්පතේ අංකය ඉරට්ටේ අංකයක් නම් (2,4,6,8) නිවසින් බැහැරට යාහැකි වන්නේ මාසයේ ඉරට්ටේ දිනයන්හිදීය. එනම් ලබන අඟහරුවාදා (18 වැනිදා) නිවසින් බැහැරට යාමට හැකි වන්නේ හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් සහිත පුද්ගලයින්ටය.
 
හැඳුනුම්පතේ අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සලකා කටයුතු කෙරේ.
 
13579
 
හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය රැගෙන යායුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
 
අදාළ අංක පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කටයුත්තක් හෝ රාජකාරි කටයුත්තක නිරත අයට බලපාන්නේ නැත.
 
ඒ අනුව, තමුන්ගේ ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවන්හිදී පමණක් විදේශ ගමන් බලපත්‍රය භාවිතා කිරීමට අවසරය ඇති බවත්, එවැනි ආකාරයට බලපත්‍ර දෙකක් වංචනික ආකාරයෙන් භාවිතා කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත්, හැඳුනුම්පතක් නොමැති අය ග්‍රාම නිලධාරිවරයාගෙන් සහතිකයක් ලබාගත යුතු බවත් ඔහු කීවේය.
 
හැඳුනුම්පත නොමැති විදේශීය ජාතිකයින් විදේශ ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ළඟතබා ගත යුතුය.
 
(අරුණ)
 

 

 

 


 

 THE LEADER TV 

 
 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...