BREAKING
Top Ad
පුවත්

‘ඔන්ලයින්’ අධ්‍යාපනය: 'ශිෂ්‍ය ප්‍රජාවෙන් 15%කට අධ්‍යයන අවස්ථා අහිමිවෙලා' -කොළඹ සරසවියේ උපකුලපතිනිය

T

The Leader

May 19, 2020 • 10:34 PM

‘ඔන්ලයින්’ අධ්‍යාපනය: 'ශිෂ්‍ය ප්‍රජාවෙන් 15%කට අධ්‍යයන අවස්ථා අහිමිවෙලා' -කොළඹ සරසවියේ උපකුලපතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොරෝනා වසංගතයත් සමග මහත් පීඩාවකට පත්ව සිටින බව උපකුලපතිනි ජ්‍යෝෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න පවසයි.
  • උපකුලපතිනිය පවසන්නේ මේ වනවිට ‘ඔන්ලයින්’ අධ්‍යාපන ක්‍රම මගින් විද්‍යාර්ථීන්ට අධ්‍යයන කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන් පහසුකම් සපයන නමුත්, ඒයින් සැලකිය යුතු ශිෂ්‍ය ප්‍රජාවකට ඒම පහසුකම් නොමැතිකම හේතුවෙන් අධ්‍යයන අවස්ථා අහිමිවී ඇති බවය.
  • වසංගත කාලයේ ඔවුන් නොසිටින පසුබිමක දී ද ඒම නවාතැන් හිමිකරුවන් කුලී මුදල් ඉල්ලා සිටීම නිසා ඔවුන් මහත් ගැටලුවකට මුහුණදී සිටින බව අනාවරණය වේ.
  • මෙසේ පෞද්ගලික වියදමින් නේවාසික පහසුකම් සපයාගෙන සිටින සංඛ්‍යාව දහසකට ආසන්න බව උපකුලපතිනිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සහාය දැක්වීමට කැමති ප්‍රජාවට ඇරයුම් කරමින් ඇය විසින් නිකුත් කළ ලිපියකින් මේ බව අනාවරණය කර ඇත.

උපකුලපතිනිය පවසන්නේ මේ වනවිට ‘ඔන්ලයින්’ අධ්‍යාපන ක්‍රම මගින් විද්‍යාර්ථීන්ට අධ්‍යයන කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන් පහසුකම් සපයන නමුත්, ඒයින් සැලකිය යුතු ශිෂ්‍ය ප්‍රජාවකට ඒම පහසුකම් නොමැතිකම හේතුවෙන් අධ්‍යයන අවස්ථා අහිමිවී ඇති බවය.

''අන්තර්ජාල පහසුකම් නොමැතිකම නිසා ශිෂ්‍ය ප්‍රජාවෙන් 15%කට අධ්‍යයන අවස්ථා අහිමිව ගොස් ඇති බවත් පෞද්ගලික පරිහරණයට පරිගණකයක්වත් නොමැති ශිෂ්‍ය ප්‍රතිශතය 18% පමණ ඉහළ අගයක් බවත් උපකුලපතිනිය පවසයි.''

අන්තර්ජාල පහසුකම් නොමැතිකම නිසා ශිෂ්‍ය ප්‍රජාවෙන් 15%කට අධ්‍යයන අවස්ථා අහිමිව ගොස් ඇති බවත් පෞද්ගලික පරිහරණයට පරිගණකයක්වත් නොමැති ශිෂ්‍ය ප්‍රතිශතය 18% පමණ ඉහළ අගයක් බවත් ඇය අනාවරණය කර ඇත.

 

කොරෝනා හමුවේ නේවාසිකාගාර පහසුකම් ?

මේ අතර නේවාසිකාගාර පහසුකම් විශ්ව විද්‍යාලයෙන් නොලැබීම හේතුවෙන් දුර බැහැර දරුවන් පෞද්ගලික නිවස්නවලට කුලී ගෙවාගෙන අධ්‍යයන කාර්යයේ නිරත වේ. වසංගත කාලයේ ඔවුන් නොසිටින පසුබිමක දී ද ඒම නවාතැන් හිමිකරුවන් කුලී මුදල් ඉල්ලා සිටීම නිසා ඔවුන් මහත් ගැටලුවකට මුහුණදී සිටින බව අනාවරණය වේ.

මෙසේ පෞද්ගලික වියදමින් නේවාසික පහසුකම් සපයාගෙන සිටින සංඛ්‍යාව දහසකට ආසන්න බව උපකුලපතිනිය පවසයි.

''විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80ක් පමණ තම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන බවද ඔවුන්ට ඇති අවම පහසුකකම් නිසා ගැටලුවලට මුහුණ පාමින් සිටින බවද ජ්‍යෝෂ්ඨ මහාචාර්ය විජයරත්න පවසයි.''

තවද විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80ක් පමණ තම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන බවද ඔවුන්ට ඇති අවම පහසුකකම් නිසා ගැටලුවලට මුහුණ පාමින් සිටින බවද ජ්‍යෝෂ්ඨ මහාචාර්ය විජයරත්න පවසයි.

 

'පාට් ටයිම්' ජොබ් කළ සිසුන් අනාතයි !

එසේම, සරසවි අධ්‍යයන කටයුතු සඳහා යන වියදම් පියවා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ දරුවන් අමතර ආදායම් මාර්ග සපයාගෙන කටයුතු කරන බවද ඔවුන් අතරින් රාත්‍රියට හෝ දහවල් කාලයේ ‘මෝටර් බයිසිකල්වලින් ආහාර සැපයුම්’ සේවා ඉටුකරන සහ පෞද්ගලික පන්ති පවත්වා මුදල් උපයන පිරිසක් සිටින බව උපකුලපතිනිය පෙන්වා දෙයි.

පසුගිය කාලයේ වසංගත තත්වය තුල ඒම කාර්යයන් සියල්ල නැවතීමෙන් ඔවුන් නවාතැනවලට ගෙවාගන්නට හෝ දුරකථන වියදම් පියවා ගන්නට නොහැකි තත්වයක සිටින බැවින් ඔන්ලයින් අධ්‍යයන සේවාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි තරම් ගැටුලුවලට මුහුණ දී සිටින බව පැහැදිලිය.

බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොවි පසුබිමකින් පැමිණෙන බවද ඔවුන් අතර වාර්ෂික ආදායම් ලෙස රුපියල් ලක්ෂ 5ක්ව ත් නැති පවුල් සිටින බවද ජ්‍යෝෂ්ඨ මහාචාර්යවරිය පෙන්වා දෙයි.

මෙම තත්වය තුළ ආචාර්ය පිරිස විසින් දායක වී පීඩාවට පත් දරු දැරියන්ට රු. 5,000ක පමණ ප්‍රදානයක් කරන්නට අප්‍රේල් මාසයේ කටයුතු කළද ඒය දීර්ඝකාලීන විසඳුමක් නොවන බව විශ්ව විද්‍යාලයීය ආචාර්ය ප්‍රජාවගේ අදහස වී තිබේ.

(lankaviews.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...