BREAKING
Top Ad
පුවත්

ත්‍රිකුණාමල සිසුන් පස්දෙනා මරා දැමුවන් 16 වසරක් නිදැල්ලේ

T

The Leader

January 3, 2022 • 5:22 AM

ත්‍රිකුණාමල සිසුන් පස්දෙනා මරා දැමුවන් 16 වසරක් නිදැල්ලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ හමුදා විසින් වෙඩිතබා මරා දමා මෙතෙක් යුක්තිය ඉටු නොවුණු සිසුන් පිරිසක් සිහිකර සාමකාමී සමරුවක් ත්‍රිකුණාමලයේදී පවත්වා තිබේ.
  • සිසු ඝාතනයෙන් වසර 16 කට පසුව ත්‍රිකුණාමලය ගාන්ධි පිළිරූ වටරවුමට ඊයේ [02] එක්වූ මරා දැමූ සිසුන්ගේ දෙමාපියන්, ඥාතින්, මිතුරන් මෙන්ම දේශපාලන හා සමාජ ක්‍රියාධරයන් මල්, පහන් දල්වා සාමකාමී සමරුවක් පැවැත්වීය.
  • මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට යාමෙන් ආරක්‍ෂක හමුදාවන්ගේ ධෛර්ය බිඳ හෙළීමට හේතුවන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඒ වනට බිඳී ගොස් නොමැත) ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදී කණ්ඩායම් සමඟ එක්ව එවක උද්ඝෝෂණ පැවැත්වීය.
  • සමහරවිට මිනිසුන් ඝාතනයේදී ඔවුන් වෙනස් අවි භාවිතා කරනවා විය හැකි යැ''යි ඔහු ප්‍රකාශ කළ බව විකීලීක්ස් හෙළිකරයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් හා කොනේශ්වරම් හින්දු විද්‍යාලයේ සිසුන් වූ මනෝහරන් රජීහර්, යෝගරාජා හේමචන්ද්‍රන්, ශන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝගිදරාජා රෝහන්  සහ තංගතුරෙයි සිවානන්දා 2006 වසරේ ජනවාරි 02 වැනිදා ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව අසල මුහුදු වෙරළ ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

යෝගනාදන් පුනන්ගුලාලන් සහ පරරාජසිංහම් ගොකුල්රාජ් වෙඩි ප්‍රහාරයන්ට ලක් වුවද දිවි බේරා ගැනීමට සමත් වූහ.

සිසු ඝාතනයෙන් වසර 16 කට පසුව ත්‍රිකුණාමලය ගාන්ධි පිළිරූ වටරවුමට ඊයේ [02] එක්වූ මරා දැමූ සිසුන්ගේ දෙමාපියන්, ඥාතින්, මිතුරන් මෙන්ම දේශපාලන හා සමාජ ක්‍රියාධරයන් මල්, පහන් දල්වා සාමකාමී සමරුවක් පැවැත්වීය.

 

මෙම සිසු ඝාතනයට ආරක්ෂක අංශවල සබඳතාවක් නොමැති බවට මුලින්ම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කියා සිටිය ද, සුඩර් ඔලි මාධ්‍යවේදී සුගිර්දරාජන් සුබ්‍රමානියම් විසින් ලබා ගත් මරා දැමුණු සිසුන්ගේ සමීප ජායාරුප මගින් සනාථ වුයේ මොවුන් මිය ගොස් ඇත්තේ වෙඩි තැබීමකින් බවය. ඊට සති දෙකකට පසු සුගිර්දරාජන් මාධ්‍යවේදියා ද ඝාතනය කරනු ලැබුවේ නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය පිහිටි අධි ආරක්‍ෂක කලාපයක් තුලය.

 

සිසු ඝාතනයට එරෙහිව දෙමාපියන් විසින් අධිකරණය වෙත යාමත් සමගින්, රජයේ ආරක්ෂක හමුදා භටයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට යාමෙන් ආරක්‍ෂක හමුදාවන්ගේ ධෛර්ය බිඳ හෙළීමට හේතුවන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඒ වනට බිඳී ගොස් නොමැත) ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදී කණ්ඩායම් සමඟ එක්ව එවක උද්ඝෝෂණ පැවැත්වීය.


ඇමති බැසිල් කියපු කතාව :


මේ අතර විකී ලීක්ස් කේබල් වලින් හෙළිදරව් වී ඇති කරුණු අනුව, එවකට මහාමාර්ග සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ එවකට ඇමෙරිකන් තානාපතිව සිටි රොබර්ට් බ්ලේක් සමග පවසා තිබුනේ එස්ටීඑෆ් භටයන් ක්‍රියාවට සම්බන්ධ වූ බව තමන් (ආණ්ඩුව) දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කම නිසා බවයි.

''තුවක්කු සහ උණ්ඩ පිළිබඳ සාක්‍ෂිවලින් එය ඔප්පු කළ නොහැකියි. සමහරවිට මිනිසුන් ඝාතනයේදී ඔවුන් වෙනස් අවි භාවිතා කරනවා විය හැකි යැ''යි ඔහු ප්‍රකාශ කළ බව විකීලීක්ස් හෙළිකරයි.

තර්ජන ගර්ජන හා බියවැද්දීම් වලින් මරා දැමූ සිසුන්ගේ දෙමාපියන් යටත් කිරීමට උත්සාහ දරු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පසුව වෑයම් කළේ වරදාන ප්‍රදානය කරමින් ඔහුන් නිහඬ කිරීමටය.

මරා දැමුණු රජීහර් මනෝහරන්ගේ සේයාරුවක් සමග ඔහුගේ පියා, වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන්

 

එවකට මානව හිමිකම් සහ ආපදා කළමණාකරණ ඇමැති, ලංකාවේ වත්මන් ඇමෙරිකානු තානාපති  මහින්ද සමරසිංහ 'මේ ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙනයාමෙන් කිසිවෙකුට යහපතක් නොවන බවත් එහෙයින් මෙම පැමිණිල්ල අත්හැර දමන ලෙසත් එසේ කරන්නේ නම් කොළඹින් නිවසක් සහ ආරක්ෂාව ද සැපයීමට තමන්ට හැකි බව' කියා සිටියේ යයි වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් සාක්‍ෂියේ සඳහන් කර තිබේ.

එහෙත් මරා දැමුණු සිසු මනෝහරන් රාජ්හර් ගේ පියා වූ වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වා ත්‍රිමලේ සිසු ඝාතනය රැගෙන ගිය ද, වසර 16 ක් ගත විත්, ඒ සඳහා යුක්තිය ඉටුවී නොමැත.



සබැඳි පුවත් :


ත්‍රී'මලේ සිසු ඝාතනය:  අවි ගත්තෝ නඩුවෙන් දිනති !

ත්‍රි'මලේ දී ඝාතනය කළ තරුණයන් 5 දෙනාගේ අවනඩුව ජාත්‍යන්තර අධිකරණයට (වීඩියෝ)


 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
අද ගොසිප් එක 
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...