BREAKING
Top Ad
පුවත්

දෙමළ මාධ්‍යවේදී සුගීර්තරාජන් මරාදමා 16 වැනි වසර සැමරේ

T

The Leader

January 24, 2022 • 1:13 PM

 දෙමළ මාධ්‍යවේදී සුගීර්තරාජන් මරාදමා 16 වැනි වසර සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට කරන ලදුව දහසය අවුරුද්දක් තිස්සේ යුක්තිය ඉෂ්ට නොවූ දෙමළ මාධ්‍යවේදියකු නැගෙනහිරදී අනුස්මරණය කොට තිබේ.
  •  එම අනුස්මරණය මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුණු බව හෙළි කෙරෙන ඡායාරූප මාධ්‍යවේදී රාජන් විසින් යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ඔහු ව ඝාතනය කරන ලදී.
  • 2006 වසරේ ජනවාරි 24 අඟහරුවාදා උදෑසන සිය නිවෙසට ආසන්නයේ දී, තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


  සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන්ට මඩකලපුව මාධ්‍ය සමාජයේදී මලින් පහනින්  උපහාර දැක්වුයේ ජනවාරි 24 වැනි සදුදා දිනයි.

 එම අනුස්මරණය මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.



ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුණු බව හෙළි කෙරෙන ඡායාරූප මාධ්‍යවේදී රාජන් විසින් යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ඔහුව ඝාතනය කරන ලදී.



2006 වසරේ ජනවාරි 24 අඟහරුවාදා උදෑසන සිය නිවෙසට ආසන්නයේ දී, තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නැත.

 ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් ලේඛනගත කර ඇති පරිදි 2004 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගණන  44 කි.

 ඒ අතුරින් බහුතරය උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ මාධ්‍යවේදීන්ය.

  

Leader Whats app


 
 
 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...