BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සමන් පුෂ්පසිරි ගේ 'කුළම්බුව' සිතුවම් දැක්ම; 18,19, 20 ලයනල් වෙන්ඩ්ට්හිදී

T

The Leader

July 15, 2025 • 9:15 AM

සමන් පුෂ්පසිරි ගේ 'කුළම්බුව' සිතුවම් දැක්ම; 18,19, 20 ලයනල් වෙන්ඩ්ට්හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීන චිත්‍ර ශිල්පී සමන් පුෂ්පසිරි ගේ සිතුවම් දැක්ම 'කුළම්බුව' නමින් මෙම මස 18,19, 20 තෙදින පුරා ලයනල් වෙන්ඩ්ට් ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.
  • මෙයට වසර 30කට පමණ පෙර වාණිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ සමන් පුෂ්ප සිරි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රචාරණ ආයතන රැසක සේවය කළ අයෙකි.
  •  සාම්ප්‍රදායික දේශීය චිත්‍ර ශිල්පය පිළිබඳ පියාගෙන් ලද දැනුමට අමතරව, සිය වෘත්තිය නිසාම බටහිර චිත්‍ර විධි ක්‍රමයන් පිළිබඳ ස්වයං අධ්‍යනයක යෙදෙන්නටත් තමාට හැකිවූ බව ඔහු අප සමග පැවසීය.
  • නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ප්‍රචාරණ ක්ෂේත්‍රයේ බොහෝ නිර්මාණ වලට දායක වූ සමන් එම වෘත්තීය දිවියෙන් සමුගත් පසු කුඩා කළ තමන් හැදෑරූ පෙරදිග හා දේශීය චිත්‍ර සම්ප්‍රදායත්, තාත්විකවාදී බටහිර චිත්‍ර සම්ප්‍රදායත් පිළිබඳව සිය අවධානය යොමු කළ බව ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


සමන් පුෂ්පසිරි චිත්‍ර ශිල්පියෙකු ලෙස ඉදිරියට ආ ගමන සිහිපත් කරමින් සඳහන් කළේ, තමා කුඩා කළ පියාගෙන් ලද ආභාෂය නිසා චිත්‍ර ශිල්පියෙකු වූ බවය.

මෙයට වසර 30කට පමණ පෙර වාණිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ සමන් පුෂ්ප සිරි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රචාරණ ආයතන රැසක සේවය කළ අයෙකි.

 සාම්ප්‍රදායික දේශීය චිත්‍ර ශිල්පය පිළිබඳ පියාගෙන් ලද දැනුමට අමතරව, සිය වෘත්තිය නිසාම බටහිර චිත්‍ර විධි ක්‍රමයන් පිළිබඳ ස්වයං අධ්‍යනයක යෙදෙන්නටත් තමාට හැකිවූ බව ඔහු අප සමග පැවසීය.

නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ප්‍රචාරණ ක්ෂේත්‍රයේ බොහෝ නිර්මාණ වලට දායක වූ සමන් එම වෘත්තීය දිවියෙන් සමුගත් පසු කුඩා කළ තමන් හැදෑරූ පෙරදිග හා දේශීය චිත්‍ර සම්ප්‍රදායත්, තාත්විකවාදී බටහිර චිත්‍ර සම්ප්‍රදායත් පිළිබඳව සිය අවධානය යොමු කළ බව ඔහු කීය. එසේම මෙරට අතීත සිත්තරුන්ගේ භාවිතාවන් හා උපක්‍රමයන් පිළිබඳවත් තමා වැඩියෙන් අවධානය යොමු කළ බවද කියා සිටියේය.

kdfeff| සමන් පුෂ්පසිරි අඳින ලද සිතුවමක්
එම අතීත ශිල්පීය ක්‍රම හා දැනුම අද අප රටෙන් බොහෝ දුරට ගිලිහී ඇති බව ඔහුගේ අදහසයි. ඒවා කිහිප දෙනෙකු අත යම් ප්‍රමාණයකට ඉතිරිව තිබුණත් විවිධ හේතූන් මත ඒවාද අපට අහිමි වෙමින් පවතී. ඒ නිසාම තමා ශ්‍රී ලංකාවේ පැරණි සිත්තරුන් ගේ ශිල්පීය ක්‍රම හා වර්ණ සැකසීමේ ක්‍රමද, සිත්තම්වල ආරක්ෂාව සඳහා භාවිතා කළ තලප (ඖෂධ, කල්ක) ගැනද වැඩි අවධානයක් යොමු කළා.

xcbfdbgඔහු කුඩා කළ සිටම දැඩි සේ ඇලුම් කරන සීගිරි, අජන්තා වැනි පෙරදිග සිත්තම් වල ඇති සුවිශේෂී ගුණයත්, බටහිර සිත්තරුන්ගේ අභාසයත් කැටි කර ගත් සිත්තම් පෙළක් ඔහු මෙම ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කරයි. එසේම අප රටට ආවේනික වැලලී ගිය භාවිතාවන් කරලියට ගෙන වීමට ද ඔහු මෙම ප්‍රදර්ශනයේදී උත්සහ කරයි.

ඒ අනුව සියළු නිර්මාණ සඳහා අතීතයේ මෙරට භාවිතා වුණු ස්වභාවික වර්ණ පමණක් භාවිතා කිරීම මෙහිදී සිදුවෙයි. එලෙස මෙරටට ආවේනික අතීතයේ භාවිතා වුණු ගස්, පොතු, මුල්, මල්, පස් වර්ග වලින් පමණක් සකසා ගත් වර්ණ කැන්වස් හා කඩදාසි මත ආලේප කිරීමෙන් මෙම සිත්තම් නිර්මාණය වී ඇත.

ඔහු විසින් මෙම ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කර ඇති චිත්‍ර අතර, කිහිපයක් හැර සියළුම චිත්‍ර බුද්ධ චරිතය ඇසුරින් නිර්මාණය කිරීමද විශේෂයකි. එසේම බුද්ධ චරිතයේ එතරම් සිත්තරුන්ගේ අවධානයට ලක් නොවුණු අවස්ථාවන් චිත්‍රයට නැගීම මෙහිදී සිදු වී ඇත.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...