BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආර්. මුත්තුසාමි රුව විවෘතවීම 19 දා

T

The Leader

January 18, 2024 • 5:16 AM

 ආර්. මුත්තුසාමි රුව විවෘතවීම 19 දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමි මහතා ගේ සේයාරුවක් මෙම ජනවාරි 19 දා ගුවන්විදුලියේ
  • 1926 දී ඉන්දියාවේදී දෙමළ හා හින්දු භක්තිකයෙකු ලෙස උපතලද ආර්, මුත්තුසාමි මහතා වයස 05 සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.
  • ඒ මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953 දී ලැබුණු ජාත්‍යන්තර සම්මානය හේතුවෙනි.
  • නන්දා මාලනී ගායන ක්‍ෂේත්‍රයටහදුන්වා දුන්නේ ද ඔහුය.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිතය.

1926 දී ඉන්දියාවේදී දෙමළ හා හින්දු භක්තිකයෙකු ලෙස උපතලද ආර්, මුත්තුසාමි මහතා වයස 05 සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.

ඉන්දියානු චිත්‍රපට වල වාදනය ඉදිරිපත් කල ඔහු මෙරට පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ වාදනයට ද එක්විය.

ඔහු ලංකාවට පැමිණියේ නායගම් මහතාගේ ඇයුමෙනි.

ඔහුට මෙරට පුරවැසිකම ලබා දුන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල මහතාය. ඒ මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953 දී ලැබුණු ජාත්‍යන්තර සම්මානය හේතුවෙනි.

ඇන්ජලීන්, සුජාතා . නන්දා මාලනී ගායන ක්‍ෂේත්‍රයටහදුන්වා දුන්නේ ද ඔහුය. රුක්මණී, ධර්මදාස, ලතා, ජොතිපාල, මිල්ටන් බෙග් මෙන්ම කේමදාස, රොක්සාමි මොහොමඩ් සාලි,  වික්ටර් ආදී බොහෝ අය චිත්‍රපට ගායන හා සංගීත ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දීමට ද මුත්තුසාමි මූලික විය.

මාතලන්, අල්ලපු ගෙදර, සංදේශය, චන්ඩියා, කුරුළුබැද්ද ඇතුළු චිතුපට රැසකට මුත්තුසාමි සංගීතය සැපයීය. තවද චිත්‍රපට කිහිපයක ඔහු ගීත ගායනයට ද එක්විය.

දෝන නිලියා පෙරේරා බෞද්ධ සිංහල කාන්තාව හා වූ අතර සංගීත අධ්‍යක්ෂ මොහාන් රාජ්, චිත්‍රාංගී, ප්‍රසන්නී, කීර්තිකා ඔවුන් දෙපලගේ දරුවන් වේ.

  

 

WhatsApp Image 2024 01 18 at 1.37.43 AM

WhatsApp Image 2024 01 18 at 1.37.42 AM 1
(අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

සබැඳි ලිපි :
භාරතයෙන් පැමිණ අපට රස තනු තැනූ ආර්. මුත්තුසාමි
ලාංකික සිනමාව සැරසූ ආදරණීය ඉන්දියානුවා ආර්.මුත්තුසාමි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...