BREAKING
Top Ad
පුවත්

ගෝඨාට එන්න කියන්න මන්ත්‍රීවරු පිරිසක් 20දා සිංගප්පුරුවට !

T

The Leader

June 16, 2019 • 10:48 PM

ගෝඨාට එන්න කියන්න මන්ත්‍රීවරු පිරිසක් 20දා සිංගප්පුරුවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ බැහැදැක සුවයලත් වහාම යලි දේශපාලනයට පිවිසෙන්නැයි
  • ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය එදිනට යෙදී ඇති අතර ඔහුට දේශපාලනයට ප්‍රවේශවීම සඳහා ආත්ම විශ්වාසයක් ලබාදීම එම මන්ත්‍රීවරුන්ගේ සංචාරයේ මුලික අරමුණ වී ඇතැයි පැවසේ.
  • එසේ දන්වනු ලැබුවහොත්, අදාල විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති අතර, ඒ අනුව නඩුව නිශ්ප්‍රභ කළ යුතුද නැතිද යන්න සලකා බැලීමට ඔහුට සිදුවනු ඇත.
  • ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව ගෝඨාභය බේරාගැනීම සඳහා විදේශ අමාත්‍යංශ හරහා දැරෙන මේ උත්සාහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුමත් ඇතිව සිදුවෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජුනි මස 20දා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය එදිනට යෙදී ඇති අතර ඔහුට දේශපාලනයට ප්‍රවේශවීම සඳහා ආත්ම විශ්වාසයක් ලබාදීම එම මන්ත්‍රීවරුන්ගේ සංචාරයේ මුලික අරමුණ වී ඇතැයි පැවසේ.

හදිසියේ ඇතිවූ අසනීප තත්වයත්, එකින් එකට ගොනුවෙමින් පවතින නඩු හබත්, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ ඇතැමුන් අතර පවතින කුලල්කා ගැනීමත් නිසා දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තමා තීරණය කර ඇතැයි ඔහුගේ සුවදුක් බැලීමට රෝහලට ගිය හිතවතුන් කිහිප දෙනෙකුටම ගෝඨාභය රාජපක්ෂ දැඩි කලකිරීමෙන් යුතුව ප්‍රකාශකර ඇත.

ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතාබහ පසෙකලා ජනාධිපති, අගමැති සමග යළි සුහඳතාවයක් යළි ගොඩනගා ගැනීමට කටයුතු කරන්නයි ඔහුගේ පවුලේ සාමාජිකයින් කළ ඉල්ලීමක් අනුව ගෝඨාභයගේ සමීප මිතුරකු පසුගියදා ජනාධිපතිවරයා රහසිගතවත්, අගමැතිවරයා ප්‍රසිද්ධියෙමත් හමුවී ගෝඨාභය දේශපාලනයට නොඑන බවට සහතික වී තිබිණ.

 

ගෝඨා බේරාගැනීමේ මෙහෙයුමක් !

මේ අතර 'අනිද්දා' පුවත්පත වාර්තාකර ඇත්තේ, මධ්‍යම කැලිෆෝනියාවේ දිස්ත්‍රික් උසාවියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද සිවිල් නඩු දෙකෙන් ඔහු ගලවා ගනු පිණිස, ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබා දෙන මෙන් එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ සූදානමක් ශ්‍රී ලංකාවෙ විදේශ අමාත්‍යංශය හරහා සැලසුම් කෙරෙමින් තිබෙන බවයි.

දැන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිදු නිල තනතුරක් හොබවන්නේ නැති ගෝඨාභයට විරුද්ධව පවරා ඇති අධිකරණ ක්‍රියාමාර්ගයන්ට මුහුණ දීමෙන් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ හැකි එකම මග වී ඇත්තේ, ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබාදීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කොට, එම තීරණය විදේශ අමාත්‍යංශ හරහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැන්වීමයි.

එසේ දන්වනු ලැබුවහොත්, අදාල විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති අතර, ඒ අනුව නඩුව නිශ්ප්‍රභ කළ යුතුද නැතිද යන්න සලකා බැලීමට ඔහුට සිදුවනු ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව ගෝඨාභය බේරාගැනීම සඳහා විදේශ අමාත්‍යංශ හරහා දැරෙන මේ උත්සාහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුමත් ඇතිව සිදුවෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.

 

ලසන්ත ඝාතනය:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් 2019 අප්‍රෙල් මාසයේදී පවරන ලද එක් නඩුවක් සඳහා නීති ආධාර සපයනු ලබන්නේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය ( Justice and Respondents contribution) සඳහා වූ මාධ්‍ය විසිනි.

ලසන්ත ඝාතනය සහ විවේචනාත්මක මාධ්‍යකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය යොදාගැනීම සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවට පැමිණිල්ල වෙතින් චෝදනා ලැබ තිබේ.

මීට පෙර, චිලියේ ජෙනරාල් අවුගුස්තෝ පිනෝචේගේ මිලිටරි ඒකාධිපති පාලනය විසින් ඝාතනය කරන ලද ගායක වික්ටර් හාරාගේ පවුලේ සාමාජිකයන්ගේත්, එල් සැල්වදෝරයේ හමුදා ඝාතක කණ්ඩායම් විසින් මරා දැමූ අගරදගරු ඔස්කාර් රොමේරෝ ඇතුළු සැල්වදෝර පුවැසියන්ගෙත් අයිතීන් වෙනුවෙන් ද නඩු පැවරීමට මුල් වී ක්‍රියාකරන ලද්දේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය විසිනි.

 

ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව :

කැනේඩියානු පුරවැසි දෙමළ වින්දිතයෙකු වූ රෝයි සාමාදානම් විසින් කරන ලද පැමිණිල්ලක් මත ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව පැවරීමට මුල් වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පදනම්ව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර යුක්තිය හා සත්‍යය සඳහා වූ ව්‍යාපෘතියයි. (International Justice and Truth Project) .

2017 වසරේදී තමන් අත්අඩංගුවට ගෙන තුන් වසරක් නිකරුනේ රඳවා තබා දරුනු වද හිංසාවන්ට පාත්‍ර කිරීම සම්බන්ධයෙන් සාමාදානම් කළ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා ඇත්තේ වද හිංසා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ය.

කීර්තිමත් අන්තර්ජාතික නීති සමාගමක් වන හවුස්ෆෙල්ඩ් නීති ආයතනය වෙනුවෙන් නීතිඥ ස්කොට් ගිල්මෝර් නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියි.

මාධ්‍යවෙදිනී මාරි කොල්වින් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු ආණ්ඩුවට ඩොලර් මිලියන 302.5ක වන්දියක් නියම කරමින් 2019 ජනවාරි මාසයේ දී ලබාදුන් ජයග්‍රාහී නඩු තීන්දුව ලබා ගැනීමට මුල් වූයේද නීතීඥ ගිල්මෝර් ය.

 

නඩු ඉක්මන් කරවා ගැනීමට ශ්‍රීලනිපයේ සාකච්ජා !

මේ අතර 'සිරස' රූපවාහිනි වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණවල පවරා ඇති නඩු ඉක්මනින් කැඳවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ සාකච්ඡාවක් සිදුව ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ යයි වාර්තා වන තොරතුරු නිසා එක් පියවරක් ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බව එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස සඳහන් කර ඇතැයි ද එහි කියැවින.

අධිකරණය කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත් නඩු ඉක්මන් කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම කඩිනමින් කළ යුතු යැයි ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...