BREAKING
Top Ad
පුවත්

'මුස්ලිම් ඡන්ද පස්සේ ගියොත් 2019 දීත් පරාදයි' - විමල්ලා, මහින්දට හා බැසිල්ට කියයි

T

The Leader

July 28, 2019 • 9:42 PM

'මුස්ලිම් ඡන්ද පස්සේ ගියොත් 2019 දීත් පරාදයි' - විමල්ලා, මහින්දට හා බැසිල්ට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවදුරටත් රිෂාඩ්-හකීම් සන්ධානය ‘බැලන්ස්' කරමින් මුස්ලිම් ඡන්දවලට 'කෙළ හලමින්' සිටියහොත් 2019 දී ද හිමිවන්නේ පරාජයක් බව
  • විමල් විරවංශගේ පක්ෂයේ ද ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර ඔහු විසින් පවත්වාගෙන යන lankaleadnews.com වෙබ් අඩවියේ ''වහාබ්වාදීන්ගේ ‘‘බැලන්ස් කිරීමේ‘‘ න්‍යාය තුළ විපක්ෂයේ මානසික බාධක'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති දීර්ග ලිපියෙන් එම දැනුම්දීම සිදුකර ඇත.
  • රිෂාඩ්-හකීම් අශුද්ධ සන්ධානයේ ලනු ලිල්ලොත් එනම් ලැබෙන්නේ නැති, දෙන්නේ නැති බොරුවට දෙන බව පෙන්වන ඡන්ද වලට කෙළ හැළුවොත් ලැබෙන්නට තිබෙන සිංහල ඡන්ද නොලැබී මහින්ද පිළ පරාජය වනු නියතයැයි ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් තම මතය තහවුරු කිරීමට උත්සහ කරයි.
  • ඒ සඳහා වහාබ් අන්තවාදීන්ට සහ පොදුවේ ඉස්ලාම් මූලධර්මවාදයට යටත් නොවන බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කරන්නැයි ඔහු විපක්ෂ නායකවරයාට දැඩි ලෙස කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

'ජාතික සංවිධාන' එකමුතුවේ ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට හා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට දැනුම්දී සිටියි.

විමල් විරවංශගේ පක්ෂයේ ද ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර ඔහු විසින් පවත්වාගෙන යන lankaleadnews.com වෙබ් අඩවියේ ''වහාබ්වාදීන්ගේ ‘‘බැලන්ස් කිරීමේ‘‘ න්‍යාය තුළ විපක්ෂයේ මානසික බාධක'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති දීර්ග ලිපියෙන් එම දැනුම්දීම සිදුකර ඇත.

රිෂාඩ්-හකීම් අශුද්ධ සන්ධානයේ ලනු ලිල්ලොත් එනම් ලැබෙන්නේ නැති, දෙන්නේ නැති බොරුවට දෙන බව පෙන්වන ඡන්ද වලට කෙළ හැළුවොත් ලැබෙන්නට තිබෙන සිංහල ඡන්ද නොලැබී මහින්ද පිළ පරාජය වනු නියතයැයි ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් තම මතය තහවුරු කිරීමට උත්සහ කරයි.

මුස්ලිම්වරුන් ‘බැලන්ස්' කිරීමට වඩා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බැට කෑ කතෝලික ප්‍රජාව ආකර්ෂණය කරගැනීමේ හා බෞද්ධයින් වෙනුවෙන් පෙනිසිටීමේ අවශ්‍යතාවය ඔහු සිය ලිපිය මගින් ඉස්මතුකර තිබේ.

ඒ සඳහා වහාබ් අන්තවාදීන්ට සහ පොදුවේ ඉස්ලාම් මූලධර්මවාදයට යටත් නොවන බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කරන්නැයි ඔහු විපක්ෂ නායකවරයාට දැඩි ලෙස කියා සිටියි.

text 18

මහින්දට මානසික බලපෑම් කරන ඇතුලේ උගතුන් !

රාජපක්ෂ කඳවුරේ ඇතැම් උපදේශකයින් මුස්ලිම් ප්‍රශ්නයේදී මහින්ද රාජපක්ෂ ‘‘බැලන්ස්‘‘ කිරීම හෙවත් ඔහුට මානසික බාධක පැනවීම දැඩි ලෙස විවේචනය කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පවසයි.

''එම උගතුන් විසින් ඉදිරිපත් කරන තර්ක වලට අනුව සමස්ත මුස්ලිම් ඡන්ද හෙවත් 2019 දී ලක්ෂ 14කට ආසන්න විය හැකි එම ඡන්ද ප්‍රමාණය බෙදීයන්නේ රිෂාඩ් බදුර්දීන් කඳවුරට 30% රාවුෆ් හකීම් කඳවුරට 30% සෙසු කණ්ඩායම්වලට 5% එක්සත් ජාතික පක්ෂයට 30% සහ මහින්ද රාජපක්ෂ මහතාට 5% වශයෙනි.

ඔවුන් විපක්ෂයට පෙන්වා දෙන්නේ මුස්ලිම් ඡන්ද වලින් 70% ලබා ගැනීම සඳහා කෙසේ හෝ රිෂාඩ්- හකීම් ඇමතිවරුන් සතුටු කරන ලෙසය. එසේ නැතහොත් අඩු තරමින් ඔවුන්ගේ සිත් රිදවන ක්‍රියාවලින් වැළකී සිටින ලෙසය. තමා වටා සිටි විපක්ෂ බලවේග වලටද ඒ ආකාරයට හැසිරෙන ලෙස මානසික බාධක පනවන ලෙස ඔවුහු විපක්ෂ නායකවරයාට මානසික බලපෑම් කරති.

එම සමස්ත ක්‍රියාවලිය ඔවුන් විසින් හඳුන්වන්නේ විපක්ෂය බැලන්ස් කිරීම ලෙසය. ඒතුළ සාෆි වෛද්‍යවරයාට හෝ රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව පවතින චෝදනා ඔප්පු වන තුරු කතා නොකළ යුතු බව පවසන පිරිස් නුගේගොඩ රැස්වීම ගැන විවෘතව දොස් පවරති.''

වහබ්වාදී න්‍යාය පත්‍රය

text 19

කෙසේ වෙතත් වක්‍රව වහබ්වාදී න්‍යාය පත්‍රයට අනුව තම භූමිකාව ඉටු කරන මෙම උගතුන් සඳහන් කරන එක් කරුණක් පසුගිය ජනාධිපතිවරණයේදී සනාථ විය. එනම් මහින්ද රාජපක්ෂට ලබාගත හැක්කේ මුස්ලිම් ඡන්ද වලින් 5%ක් පමණක් යන තර්කය මේ වන විට ඔප්පු වී ඇත.

සුළු ජන ඡන්ද අතුරින් මුස්ලිම් ඡන්ද බහුතරයක් පවතින ගම්පහ, කළුතර ආදී දිස්ත්‍රික්ක වලින් මහින්ද රාජපක්ෂ 2015දී ලබාගෙන ඇති සමස්ත මුළු සුළු ජන ඡන්ද ප්‍රතිශතය 5% පමණි. මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල එම ප්‍රතිශතය 2% හා 4% දක්වා පහත වැටී ඇත.

නමුත් දෙමළ ජනතාව 11%ක් සහ මුස්ලිම් ජනතාව 2% සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ දී මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 27%කි. එසේම දෙමළ ජනතාව අති බහුතරයක් වාසය කරන සහ මුස්ලිම් ජනතාව ප්‍රතිශතයක් ලෙස නොසලකා හැරිය හැකි මට්ටමක් පවතින යාපනය දිස්ත්‍රික්කයේදී මහින්ද රාජපක්ෂ 22% සුළු ජන ඡන්ද ලබා ගැනීමට සමත් වේ.

 

2015 මහින්ද පරාජය වූ ඇත්ත හේතුව !

text 20

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ 2015 දී පරාජය වන්නේ සුළු ඡන්ද ඔහුට අහිමි වීම නිසාය, යන මතය සංඛ්‍යාලේඛන වැරදි ආකාරයට අර්ථකථනය කිරීම මගින් තහවුරු කෙරෙන්නෙකි.

ඔහු 2010 දී උතුරු හා නැගෙනහිර පළාත් වල ෆොන්සේකාට එරෙහිව ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට වඩා 2015 දී මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අඩු වන්නේ ඡන්ද 21,000කින් පමණි. නව ඡන්ද හෙවත් තරුණ ඡන්ද ආකර්ෂණය කර ගැනීමට ඔහු අසමත් වී ඇති බව සත්‍යයකි.

එසේනම් ඔහු පරදින්නේ 2010 දී ඔහු සෙසු පළාත් වලින් ලබාගත් වැඩි ඡන්ද ලක්ෂ 18 තුළ අඩංගු වූ බහුතර සිංහල ඡන්ද නැවත දිනා ගැනීමට අසමත්වූ බැවින් සහ නව ඡන්ද ආකර්ෂණයෂණය කරගැනීමට අසමත් වූ බැවිනි.

මහින්ද රාජපක්ෂ රත්නපුරය හා මොණරාගල දිස්ත්‍රික්ක වලින් සිංහල ඡන්ද පිළිවෙළින් 60% සහ 65% බැගින් ලබා ගන්නා විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්නේ 45% කි. එනම් ඔහු ලබාගත් සාමාන්‍ය සිංහල ඡන්ද ප්‍රතිශතය වන 58% ට වඩා අඩු ප්‍රමාණයකි.

text 21

එම තත්ත්වය කතෝලික ඡන්ද අහිමි වීම නිසා ඇතිවූ තත්ත්වයක් බවට උපකල්පනය කළ හැක. එදා 2015 දී ලක්ෂ 8ක් පමණ වූ කතෝලික ඡන්ද වලින් ලක්ෂ 6ක් වත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය භාවිතා කරන්නට ඇති වගකිවයුතු කතෝලික පූජකවරු පවසති.

ඔවුන්ගේ මතය අනුව මෙවර මහින්ද රාජපක්ෂ පිලට කතෝලික ඡන්ද වලින් 65%ක් 70%ක් ලබාගැනීම යනු පහසුු ඉලක්කයකි. නමුත් ඒ සඳහා වන පූර්ව කොන්දේසියක් ගැන ඔවුන් සඳහන් කරති.

මුස්ලිම්වරුන් ‘’බැලන්ස්’’ කිරීමට ගොස් කතෝලික ඡන්ද අහිමිවේද ?

ඒ පාස්කු ප්‍රහාරයේ දී මියගිය සහ තුවාල වූ ජනතාවට සත්‍ය වශයෙන්ම සාධාරණය ඉටු කිරීමය. නමුත් මුස්ලිම් උගතුන්ගේ ‘’බැලන්ස්’’ කිරීමේ න්‍යාය තුළ ඊට ඉඩක් නැති බව පැහැදිලිය.

කෙසේවෙතත් එහි දී කතෝලික ඡන්ද දිනා ගැනීම සඳහා හෝ බෞද්ධ ඡන්ද දිනාගැනීම සඳහා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට හෙවත් කූඨ හෝ ව්‍යාජ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නැත. මේ වනවිට අනාරක්ෂිත මනසකින් පසුවන්නේ කතෝලික සහ බෞද්ධ ජනතාව පමණක් නොවේ ටී.එන්.ඒ පක්ෂයට ඡන්දය නොදුන් 65% ක් වූ දෙමළ ජනතාව පමණක් නොවේ. ටී.එන්.ඒ පක්ෂයේ මතවාද පිළිගත් 35% වූ දෙමළ ජනතාව ද පසුවන්නේ අනාරක්ෂිත මනසකිනි.

ඔවුන්ගේ ඒ අනාරක්ෂිත මනස සුවපත් කළ හැක්කේ වහාබ් අන්තවාදීන්ට සහ පොදුවේ ඉස්ලාම් මූලධර්මවාදයට යටත් නොවන බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කිරීමෙනි. සැබෑ ලෙසම අනාරක්ෂිත මනසකින් පසුවන සහ අන්තවාදය පිටුදකින මුස්ලිම්වරුන් විශේෂයෙන්ම සුෆි වරුන් දිනාගත හැක්කේ ද එම සෘජු ප්‍රතිපත්තිය තුළ පමණි.

නමුත් ඉහත සඳහන් කළ බැලන්ස් කිරීමේ න්‍යාය යටතේ මානසික බාධක පනවාගෙන වහබ්වාදය පෝෂණය කරන අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයින් කිහිප දෙනා සතුව පවතිනවා යැයි කියන 60% මුස්ලිම් ඡන්ද නම් වූ මිරිඟුව හඹා යාම මගින් ඒ දෙය කළ නොහැක.

වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න
වහාබ්වාදීන්ගේ ‘‘බැලන්ස් කිරීමේ‘‘ න්‍යාය තුළ විපක්ෂයේ මානසික බාධක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...