BREAKING
Top Ad
පුවත්

2023 අයවැය : නව යෝජනා මොනවාද?

T

The Leader

November 14, 2022 • 11:41 AM

2023 අයවැය : නව යෝජනා මොනවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන
  • ඒ, 2023 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
  • 2023 නව අයවැයේ වැඩිම වියදම් කුමකටද ?
  • 2023 නව අයවැය යෝජනා මොනවාද ?
අකුරු ප්‍රමාණය (Font Size):

නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ අද (නොවැම්බර් 14 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ, 2023 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.


2023 නව අයවැයේ වැඩිම වියදම් කුමකටද ?

2023 Budget
2023 නව අයවැය යෝජනා මොනවාද ?

sdg



# බස්නාහිර, වයඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ ආර්ථික කලාප පිහිටුවීමට යෝජනා.

# ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් මත අධිභාර බද්දක් පැනවෙන අතර එය ආනයන අවස්ථාවේදී අය කිරීමට යෝජනා.

# බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා.

# දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.

# පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 ට අඩු හෝ ඊට අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීමට යෝජනා.

# 'බුකීකරු' යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ද ඇතුළත්ව සියලු ආකාරවල ක්‍රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා කටුයුතු කරන තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීමට යෝජනා.

# බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත, ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාල බදු හා දඩ ගෙවීමට යටත්ව නිදහස් කිරීමට යෝජනා.

# භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් යෝජනා.

# පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණ ආවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීමට යෝජනා.

# සේවක භාරකාර අරමුදලෙන් යෝජිත සෞඛ්‍ය හා රක්ෂණ ආවරණයට මුදල් වෙන් කිරීම සඳහා සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට යෝජනා.

# රාජ්‍ය ව්‍යවසායයන් විසින් රාජ්‍ය සේවකයින්ගේ උපයන විට ගෙවීම් බද්ද ගෙවීම, 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට ගෙවීම් අත්හිටුවීමට යෝජනා.

# පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට යෝජනා.

# විශේෂ කාණ්ඩ හැරැණුකොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ ලබාදීමට යෝජනා.

# බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට යෝජනා.

# ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය (කංසා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීමට හා විශේෂඥ කමිටුවක් පත්කිරීමට යෝජනා.

# පළාත් සහ ජාතික පාසල්වල සනිපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කෙරේ.

# සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්‍රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට.

# විද්‍යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනයට පහසුකම් සැලසීමට යෝජනා.

# ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබා දීමට යෝජනා.

# පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් හඳුන්වා දීමට යෝජනා.

# රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා. පළමු අදියර ජාතික හා මූලික රෝහල්වල.

# ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා.

# දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

# 2023/24 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දීප ව්‍යාප්ත කුසලතා පදනමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නා ප්‍රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීමට යෝජනා.

# මද්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මක භාවය පරික්ෂා කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් පිහිටුවීමට යෝජනා.

# ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීමට යෝජනා.


(BBC සිංහල සේවය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...