BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'

T

The Leader

September 20, 2023 • 1:59 AM

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලවත්ත මිතුරාගේ අලුත් ම නවකතාව (ඔහු නම් ඔහුගෙ පොත් හඳුන්වන්නෙ ‘ප්‍රබන්ධ’ කියල) නම් කරල තියෙන්නෙ ‘‘ගෞර ග්‍රන්ථ’’ කියල.
  •   පොතේ කරුණු අවධාරණය කිරීම සඳහා යොදාගන්නා වාග් විලාසය ඇතැම් විට ප්‍රමාණය ඉක්මවල යනව වගේ මට දැනෙනවා.
  • ඒ වගේ ම එහි දී ගොඩනගන බොහෝ සංවාද ඒකාකාරී බවක්ද ගන්නා බවක් මට හැගෙනවා.
  • මොකද ජයසිරි අලවත්ත මෙතෙක් ආපු ගමන් මග පුරා ඔහුගේ සාහිත්‍ය දියුණුව සහ පළපුරුදු බව මේ පොතෙත් ඉතා හොඳට ඇතුළත් වෙලා තියෙනවා.    පොත කියවලා ඉවර වුණාම මට නම් හිතුණෙ දකුණු ඉන්දියානු සිනමාවේ දකින්න තියෙන කුතුහලයෙන් පිරුණු චිත්‍රපටයක් වගේ.
අකුරු ප්‍රමාණය (Font Size):
මම පොත් කියවන්නෙක් මිසක ලියන්නෙක් හෝ කියවපු සහ කියවන පොත් ගැන විචාර ලියන කෙනෙක් නෙවෙයි. මේක මේ පොත කියෙව්වට පස්සෙ මට හැඟුණ අදහසක් විතරයි.
 
පොතේ කරුණු අවධාරණය කිරීම සඳහා යොදාගන්නා වාග් විලාසය ඇතැම් විට ප්‍රමාණය ඉක්මවල යනව වගේ මට දැනෙනවා. ඒක මගේ අවුලක්ද දන්නෙත් නැහැ. ඒ වගේ ම එහි දී ගොඩනගන බොහෝ සංවාද ඒකාකාරී බවක්ද ගන්නා බවක් මට හැගෙනවා. සමහර විට ඒ කෘතියට අවශ්‍ය පරිදි යොදාගත් සංවාද වෙන්නත් පුළුවන්. මෙය ඔහුගේ රචනා ශෛලියේ ආරම්භයේ සිට ම සිදුවන දුර්වලතාවක්ද කියලත් මට හිතෙනවා. ඒ තත්ත්වය ඔහුගේ ‘‘අක් දහර’’ කෘතියේ සිට මේ දක්වා ම පැමිණ තිබෙනවා.
109694626 100291761771352 3563163628753414913 n
 
පොතේ ප්‍රධාන චරිත දෙකකක් වෙන අනිත්‍යා සහ චේතිය විවාහයට පෙර ලබාගන්නා ලිංගික සතුට ගැන චේතියගේ සිතුවිලි කාගේ සිතුවිල්ලක්ද යන්න තරමක් අපැහැදිලියි. මොකද ඒක මොඩර්න් නැහැ. ඒකත් ඔහු ඉදිරිපත් කරන්නෙ ඒ චරිතයේ සීමාවෙ ඉඳගෙනද කියලත් සැකයක් තියෙනවා.

හැබැයි මට මෙහෙම දැනුණට ‘‘ගෞර ග්‍රන්ථ’’ පොත  මටම වුනත් එක දිගටම කියවලා රස විඳින්න පුළුවන් වුණා. ඒ වගේ ම කියවන හැමෝටම පොත එහෙම විඳින්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. මොකද ජයසිරි අලවත්ත මෙතෙක් ආපු ගමන් මග පුරා ඔහුගේ සාහිත්‍ය දියුණුව සහ පළපුරුදු බව මේ පොතෙත් ඉතා හොඳට ඇතුළත් වෙලා තියෙනවා. 
 
Screenshot 2023 09 20 at 12.50.44පොත කියවලා ඉවර වුණාම මට නම් හිතුණෙ දකුණු ඉන්දියානු සිනමාවේ දකින්න තියෙන කුතුහලයෙන් පිරුණු චිත්‍රපටයක් වගේ. ඇත්ත ම මේ පොත ඇසුරු කරගෙන හොඳ සිනමා තිර රචනයක් ලියන්න පුළුවන් නම්, ලියල චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ජයසිරි අලවත්ත මේ කතාව තුළින් කියන්න හදන දේ තව හුඟාක් දුරට මිනිස්සු අතරට අරගෙන යන්න පුළුවන් කියල මට හිතෙනවා. මොකද දැන් පොත් කියවන පිරිස අඩු නිසා සහ මේ පොතේ රූප රචනා බොහොම බලවත් නිසා. ඒත් ලංකාවෙ සිනමාවට නම් දෙන්න එපා කියන එකයි මගේ පුද්ගලික අදහස. සමහර විට එහෙම වුනොත් ජයසිරි අලවත්තට හතරවෙනි තට්ටුවෙන් පනින්න පවා හිතෙන්න පුළුවන්.
මම දන්න ජයසිරි අලවත්ත කියන්නෙ කලක් හොඳ දේශපාලන ක්‍රියාධරයෙක් වගේ ම දේශපාලන විචාරකයෙක්. නමුත් ඔහුගේ මීට පෙර පොත්වල වගේ ම මේ පොතේදිත් ඒ දේශපාලන ක්‍රියාධරයා වගේම දේශපාලන විචාරකයා අපිට හමුවෙන්නෙ නැහැ. ඒක ඔහු වුවමනාවෙන් ම මගහරිනව ද කියල මට තේරෙන්නෙ නැහැ.

මගේ දැනීමේ හැටියට ඔහු දැන් අවුරුදු 55ත් පහු කරපු කෙනෙක්. නමුත් ඔහුගේ පොත්වලින් ඔහු දක්ෂ වෙලා තියෙන්නෙ තමන් විඳපු දේවල් ඉතා ත්‍රාස ජනක සිද්ධි විදියට ඉදිරිපත් කරන්න විතරයි කියල මට හිතෙනවා. මම ඔහුගෙන් අහන්නෙ මේ ත්‍රාස ජනක, කුතුහලය දනවන, ආකෘතික හරඹ කරන  ක්‍රමය අවසන් කරල තමන් ලබපු දේශපාලන අත්දැකිම් ලියන්නෙ කවදද කියල. මගේ අදහස නම් ජයසිරි අලවත්ත කියන ලේඛකයා CID Invstigation, Horrow ewents වගේ ම Tragedi කතා වස්තුවල හිර වෙලා හිටිය දැන් හොඳට ම ඇති. ඒ විදිය වෙන කෙනෙකුට බාර දෙන්න කියල මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා.
 
jayasiri 07 1.jpgජයසිරි අලවත්ත
 
හැබැයි මම මෙහෙම ලිව්වට මේ පොතේ වුනත් සමාජයේ වෙසෙන ක්ෂේත්‍ර කිහිපයක නග්න බව ඉතා සියුම් විදියට මතු කරනවා. ඒක ඔහුගේ තියෙන තවත් සුවිශේෂී හැකියාවක්. ඔහුගෙ හැම නවකතාවකම ඒ ලක්ෂණ දකින්න ලැබුණා. ඒකත් එක්තරා ආකාරයක දේශපාලනයක් තමයි. නමුත් ජයසිරි අලවත්ත කියන ලේඛකයට ඊට වඩා යමක් කරන්න පුළුවන් කියන විශ්වාසෙ මට තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ මාවත වෙනස් කරන්න කියල මං ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

මම එහෙම කියන්නෙ විශේෂ හේතුවක් නිසා. ඔහු දැන් දේශපාලනය ගැන කලකිරිල ඉන්නව කියල අපි දන්නවා. නමුත් මේ විදියට ගියොත් ඔහුගේ මනසේ තැන්පත් වෙලා තියෙන දේශපාලන දැක්ම සහ අත් දැකීම් කවදාවත් සාහිත්‍ය මගින් සමාජ ගතකරන්න බැරිවේවි.
 
Screenshot 2023 09 20 at 12.58.04
 
මේ මොන දේ කිව්වත් මම ආයෙත් ලියන්නෙ ‘‘ගෞර ග්‍රන්ථ’’ ඔහුගෙ අනෙක් පොත්වලට වඩා හුඟක් ඉදිරියෙන් තියෙනවා. විශේෂයෙන් ම ඔහු දැනට නිරත වෙලා ඉන්න ක්ෂේත්‍රය ඇතුළෙ තියෙන තිත්ත ඇත්ත ගැන ඔහු බය නැතුව ලියල තියෙනවා. ඒ නිසා සාමාන්‍ය පොත් කියවන අය වගේ ම පොත් ලියන අයත්, පොත් ප්‍රකාශයට පත් කරන අයත්, සම්මාන උළෙල සංවිධානය කරන අයත්, ඒ සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන අයත් මේ පොත කියවිය යුතුමයි. මොකද මේ පොතේ ජයසිරි අලවත්ත ඒ හැමෝගෙම දක්ෂතා වගේ ම දුර්වලතා ඉතාමත් සියුම් අන්දමට ඇතුළත් කරල තියෙනවා. ඒකට මගේ ආචාරය...!
අවසාන වශයෙන් කියන් තියෙන්නෙ චේතියලා මගේ ජීවිතයෙදි අනන්තවත් හම්බවෙලා තියෙනවා. අනිත්‍යාලත් සමාජයේ ඉන්නවා. අපිට පේන්න නැතත් එහෙම අය ඉන්නව කියල දන්නවා. හැබැයි මම තවමත් මේ පොතේ ඉන්න, Update වෙච්ච අභිමන් දිසානායක වගේ කෙනෙක් ගැන නම් අහලවත් නෑ. එහෙම අය අනිවාර්යයෙන් ඉන්නම ඕනෙ. (බොහෝ විට ජයසිරි අලවත්තට එහෙම කෙනෙක් මුණ ගැහිලත් ඇති.) මොකද සාහිත්‍ය ක්ෂේත්‍රයේ කෙරෙන නොපනත්කම්වලට මතක හිටින පාඩමක් උගන්වන්න පුළුවන් අභිමන්ල වගේ අයට විතරයි.


උපුල් පුෂ්පකුමාර(උපුල් පුෂ්පකුමාර පතිරගේ)
pushpakumaraupul542@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...