BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලංකාවේ චිත්‍රපට දෙකක් මෙවර බූසාන් සිනමා උළෙලට තේරෙයි

T

The Leader

September 21, 2023 • 2:27 AM

ලංකාවේ චිත්‍රපට දෙකක් මෙවර බූසාන් සිනමා උළෙලට තේරෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියාවේ ප්‍රධානම සිනමා උත්සවයක් වන දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලට මෙරට චිත්‍රපට දෙකක් නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
  • ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ''පැරඩයිස්'' චිත්‍රපටය ඒ අනුව ''ජිසොක්'' නම් තරගකාරී අංශයෙන් සුදුසුකම් ලබා ඇත.
  • ඒ අනුව චිත්‍රපටය ඔක්තෝබර් 7, 8 සහ 10 තෙදින ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
  •    ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' චිත්‍රපටය උළෙලට සුදුසුකම් ලබා ඇත්තේ ''ආසියානු සිනමාවට කවුළුවක්'' අංශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රසන්න විතානගේ ගේ ''පැරඩයිස්'' සහ ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' එම චිත්‍රපට දෙක යි.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ''පැරඩයිස්'' චිත්‍රපටය ඒ අනුව ''ජිසොක්'' නම් තරගකාරී අංශයෙන් සුදුසුකම් ලබා ඇත. එම අංශයේ හොඳම සිනමාපට දෙකට ''කිම් ජිසොක්'' සම්මානය හිමිවෙන අතර මෙම සම්මානය නම් කර ඇත්තේ ආසියානු සිනමාව නගා සිටුවීම උදෙසා කැපවූ, බූසාන් සිනමා උළෙලේ සම නිර්මාතෘ නැසී ගිය කිම් ජිසොක් නමිනි. 

ඉන්දීය-ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන ''පැරඩයිස්'' හි ලෝක මංගල දැක්ම පවත්වන්නේ ද මෙවර බූසාන් සිනමා උළෙලේ දී ය. ඒ අනුව චිත්‍රපටය ඔක්තෝබර් 7, 8 සහ 10 තෙදින ප්‍රදර්ශනය කෙරෙනු ඇත.   

busan 1
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' චිත්‍රපටය උළෙලට සුදුසුකම් ලබා ඇත්තේ ''ආසියානු සිනමාවට කවුළුවක්'' අංශයෙනි. මෙම සිනමාපටය ඔක්තෝබර් 7, 9 සහ 10 තෙදින ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

busan 2

28 වැනි බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 4 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ය.

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...