BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වායාම සරාගී ඉතිහාසය සහ සුසුමාදර්ශී වෙනස - (මහාචාර්යය නලින් අබේසේකර)

T

The Leader

September 25, 2023 • 1:09 AM

වායාම සරාගී ඉතිහාසය සහ සුසුමාදර්ශී වෙනස - (මහාචාර්යය නලින් අබේසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිතය කියවන්නට අපට විවිධ හැඩතල අවශ්‍ය වේ. ඒ කියවීම තුලට අපගේ සමාජ සම්බන්ධතා, දැනුම සහ දැකුම වැනි විවිධ මාන හමු වේ.
  • ග්‍රීසියේ ඇතන්ස් නුවරට සමීපයේම අනුරාධපුර නගරයාය ගොඩ නැගේ" ඉතිහාසය පාසැලේ විෂයක් ලෙස හදාරන දරුවාට අනුරාධපුර නගරයායේ හැඩතල ග්‍රීසියේ ඇතැන්ස් සමග සමපාත කරවන්නට අප උත්සාහ ගත යුතුය.
  • කතුවරයා කතා කරන බහුමාන ඔස්සේ , විවිධ මාන ඔස්සේ සිතන්නට ,චිත්‍රරණය කරන්නට දරුවාට හුරුකරලන අධ්‍යාපන ක්‍රමයක් අප ඇති කල යුතුය.
  • සත්‍ය ලෙසම ඉතිහාසය පමනක් නොව ශ්‍රි ලංකාවේ සමස්ත අධ්‍යාපනය ක්‍රමය සුසුමාදර්ශී වෙනසකට පත්කල යුතුය..
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ලෝකය තුල අප අපගේ ඉතිහාසය පිළිබද කියවීමද කියවීම විවිධ හැඩතල ඔස්සේ, විවිධ වර්ණ ඔස්සේ රැගෙන යා යුතුය.. ඒ කියවීම තුල මා එක් කළෙක නතර කල ඉතිහාසය "වායාම" හරහා සුජිත් අක්කරවත්ත වෙනම මානයකට රැගෙන යයි..

"අනුරාධපුර අංග විසිඅටකින් විධිමත් කර නගර යායකි. ග්‍රීසියේ ඇතන්ස් නුවරට සමීපයේම අනුරාධපුර නගරයාය ගොඩ නැගේ"

ඉතිහාසය පාසැලේ විෂයක් ලෙස හදාරන දරුවාට අනුරාධපුර නගරයායේ හැඩතල ග්‍රීසියේ ඇතැන්ස් සමග සමපාත කරවන්නට අප උත්සාහ ගත යුතුය.

කතුවරයා කතා කරන බහුමාන ඔස්සේ , විවිධ මාන ඔස්සේ සිතන්නට ,චිත්‍රරණය කරන්නට දරුවාට හුරුකරලන අධ්‍යාපන ක්‍රමයක් අප ඇති කල යුතුය. වර්තමානයේ අපහට දක්නට ලැබෙන කිලෝ 26ක් බර දරුවා කිලෝ 12 බෑගයක් රැගෙන යන "ප්‍රමාණාත්ම" අධ්‍යාපනය "ගුණාත්මක" අධ්‍යාපනයක් බවට පරිවර්තනය කල යුතුය.. 

book read AI

ඉතිහාසය විෂය ගැන දරුවාගෙන් විමසූ විට ඔහු(ඇය) පවසන "මතකය ලියවන, කට පාඩම කලයුතු " යන මතය බැහැර කල යුතුය.. සත්‍ය ලෙසම ඉතිහාසය පමනක් නොව ශ්‍රි ලංකාවේ සමස්ත අධ්‍යාපනය ක්‍රමය සුසුමාදර්ශී වෙනසකට පත්කල යුතුය.. ඉතිහාසයක් අප කියවිය යුත්තෙ ඉතිහාසයට ආදරයක කරමින්ය ..මේ “ආදරය” ඉතිහාසය විෂය නිරදේශ සකසන අප උගතුන් බුද්ධිමතුන් තුල තිබිය යුතුමය. 

දෙවනුව එය සමාජගත කිරීම එතරම් අපහසු නැත. දරුවාට තම පුර්ව චින්තන යුගයේ සිටම රටට ආදරය කරන්න හුරු කරන විප්ලවය ආරම්භ කල යුත්තේ ඉතිහාසයෙනි. මේ පොත එවැනි අවැසි වෙනසකට මංපෙත් පාදයි. මෙම විවිධ හැඩතල ඔස්සේ යමක් කියවීම සියලු විෂයන්‍ට මෙන්ම ජන ජිවිතයටද අදාලයි. 

මාගේ විෂය පථය වන අලෙවිකරණය යන විෂය තුල අප විසින් අලෙවිකරණයේ පියා වන මහාචාර්ය පිලිප් කොට්ලර්ට අපගේ හින්නිඅප්පු හාමි සම්මුඛ කරවන ලදී ..එනම් අලෙවිකරණය 3.0 සංකල්පය තුල කොට්ලර් කතා කරන පාරිභෝගිකයා වෙනුවට මනුෂ්‍යත්වය ආදේශ කිරීම හින්නිඅප්පුහාමි සිදුකලේ වසර පනහකට කලින්මය..ඒ  තරමට අපගේ සංස්කෘතිය , අතීතය සම්ප්‍රදාය ප්‍රබලය. ශ්‍රීලාංකිකය අලෙවිකරණය ඒ තරමට අධ්‍යයනය කල යුතු ප්‍රායෝගික විෂයක් වන්නේ අපේ සංස්කෘතිය තුල අපටම ආවේණික අපගේ අලෙවිකරණයක් ඇති නිසාය.. මේ බහුමාන කියවීම තුල දැනුම සහ ප්‍රායෝගිකත්වය ශිෂ්‍යයාට, හදාරන්නට ලැබීම තුල අප උසස් චින්තන පරාසයකට අපේ අනිකා රැගෙන යයි.

සුජිත් අක්කරවත්තයන් අනුරාධපුර ග්‍රීසියේ ඇතන්ස් නුවර සමග එකම වියමනක් කිරීමේ වෑයම ශ්‍රී ලංකාවේ ජීව දත්ත සටහන, එහි දිග පලල ගැන වෙනම විවිරනයක් සිදුකරයි..එය අප සංචාරක ව්‍යාපාරයට , අලෙවිකරණයට යොදා ගතයුතු අතර මම ඒ පිලිබද වෙනම සාකච්ඡා කිරීමට අදහස් කරමි.

Bavari

මේ කතා කරන ඉතිහාසයට ලේඛකයා "සරාගය" එකතු කරයී.. මා මෙය හඳුන්වන්නේ "ඉතිහාසයේ සාරගය" ලෙසය.. මේ සාරගය ඉතිහාසයට ඇවසි ප්‍රමුඛ ලකුණක් වේ.. ඉතිහාසය වුවමනාවෙන්ම අත් හරින අනුරාධපුර නගර යායෙ "රති දෙවොල" ආදරය කල යුතු අපගේ ඉතිහාසය වෙනම මානයකට ගෙන යයි. මක්නිසාද යත් මුල් බුදුදහම තුල කලාවේ සුසර වූ වර්ණවත් බව වෙනම කියවිය යුතු වර්තමානයට අදාල යුතු ප්‍රස්තුතයක් වන නිසාමය.. 

Dammena pare Rakkathi raja

අප අඩුවෙන් කතා කරන පණ්ඩුකාභය නම්වූ ඒ විරාජමාන පාලකයා සහ ඔහුගේ අගනගරය පිලිබදත් විවිධ චරිත ඔස්සේ සරාගී ඉතිහාසයයේ මානව සම්බන්ධතා පිලිබද කතුවරයා අපව වෙනම පරාසයකට රැගෙන යයි.. එහිදී අපට මහහැරුණු පච්චම රාජිනි පිලිබදව කතුවරයා මෙසේ පවසයි.

"ලිඛිත වංශ කතාවක් නැති වුවද රුවන් වැලි සැය හෙවත් ස්වර්ණමාලි සැය නිසා ස්වර්ණමාලි ශේෂ වී ඇත . ඒත් ඇගේ දිවි පුවත වසන් වී ඇත .එහි අනිත් පස ලෙස පච්චම රාජිනි නම පමණක් ලේඛන වල ශේෂ වී ඇත , එනමුත් එය පවා දන්නන් විරලය". පච්චම රාජිනි ගැන පමණක් නොව තනේගල කුමරා පිලිබදව අපට තව දුරටත් කියවන්නට උනන්දු කරන්නේ මෙසේය.

 "මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයට නෙතදී පැහැදිළිව කරන කථා දෙස ඇස යොමු කරන්න මත්තෙන් ඉතිහාස විය සිදුරෙන් එබී බැලිය යුත්තේ මෙතනය. එනම් මුටසීව රජතුමාගේ කිරුළ හිමි ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ “අභය තිස්ස”හෙවත් පළමුතිස්ස නමින් රාජකීය නම් ලද “තනේගල” කුමරු සේ ජනවහරින්  පුද ලද  පුත්‍රයා රාෂ්ඨිය ලෝකයෙන් සමු ගැනීමය. ඔව් අහිමි වීමක් නිසා ගිය ගමනක් නොව හිමිකර ගැනීමට වූ අමනාපය නිසාම මේ රාජ්‍යය අතහැර දැමීම සිදුකර  ඇති බව නම් පෙනේ. මන්ද  ඔහු පවතින රාජ්‍යයට එරෙහිව රාජ්‍ය බලය අපේක්ෂිතව කිසිදු ප්‍රතික්‍රියාවක නිරත නොවී නිහඩ වීමය."

කතුවරයාගේ බස් වහර අප අතීත වියමනට ඇද බැද තබාගන්නා ආකාරය අපුරුය. මේ අපුරු බස් වහර මෙයට කලින් කතුවරයාගේ පොත් වලද අප මෙසේම අත්විද ඇත. එය එතරම් ප්‍රබල වන බවට පහත වැකි පෙළ සාක්ෂි සපයයි.

Dammaya Nayaka

"මේ පොදු ධර්මතාවයක්ද, මේ ගැන තථාගතයාණන් වහන්සේ තෙපලන කතිකාව වඩාත් අපූරුය. රාජ්‍ය පාලකයාව සතුව සෘද්ධීයන් හතරක් ඇතැයි පවසා උන්වහන්සේ ඒ ඍද්ධියන් අතර තවත් එක් ඍද්ධියක් සේ “දීඝායුකො හොති චිරට්ඨීතො ” ලෙස අර්ථ විවරණව දක්වන්නේ දීර්ඝායුෂය. රාජ්‍ය නායකයා වන්නා දීර්ඝායුෂ වින්දනය උරුම කර ගන්නා චරිතයක් සේ උන්වහන්සේ දක්වයි. සැබවින්ම ලෝකයේ කවර කලාපයක වූවද කවර මත මාන දිශානතියක වුවද රාජ්‍ය නායකයන් සියල්ල දීර්ඝ ජීවිත පරිච්ඡේදයක් හිමිකර ගත් අයුරු පෙනේ. එසේ නම් මේ බුදුන් වහන්සේ පවසන රාජ්‍ය නායකයා සහබන්ධ “ දීඝායුකො සෘද්ධිය ” කුමක්ද? මේ ගැන කතිකාමය කලාපයකට අන් කවර දේශයක් ජනතාවකටත් වඩා ලාංකික බෞද්ධයන් සංවේදී විය යුතු වේ."

අතීතය තුල (අ )මතක වූ චරිත මෙන්ම බුද දහම තුල අප කියවිය යුතුම සහ නොකියවන කරුණු මානව සමබන්ධතා සමහ කතුවරයා මුහු කරන ආකාරය අපුරුය.

370482970 6819596618064582 8420745662911484260 n

වායාම තුලින් අපගේ පෙර බුදු දහම, කලාව, විරාගය සහ රාජ්‍යත්වය සමග ඇති සහසම්බන්ධතාව සහ ඒ 'නිදහස"ගැන නැවත කියවන්නට අපට, රටට ආරාධනා කරයි. පාස්කු ප්‍රහාරය, කොරෝනා , පෙට්‍රල් පෝලිම්, ආර්ථික අර්බුද සහ රට හැරයාම තුල කම්පිත වූ ජාතියකට අකම්පිත වූ බුදු දහමේ ආභාෂය තුල ඉතිහාසයේ ඉදිවූ අලංකෘත නගරයාය සහ කලාව පදනම් කරගත් මානුෂික සම්බන්ධතා පිලිබදව බහුමානික නැවත හැරී බැලීමක් කරන්නට සුජිත් අක්කරවත්තයන් අපට ආරාධනා කරයි.

අප ඔහුට සුබ පතන්නේ ඒ නිසාය.


Screenshot 2023 09 25 at 11.47.14(මහාචාර්යය නලින් අබේසේකර)
පීඨාධිපති, කළමනාකරණ අධ්‍යන පීඨය,
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.

nabey@ ou. ac. Ik


 




WhatsApp Image 2023 09 05 at 11.01.51 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...