BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සාහිත්‍ය මංකොල්ලයක අඳුර විනිවිදින 'ගෞර ග්‍රන්ථ'

T

The Leader

September 28, 2023 • 2:19 AM

සාහිත්‍ය මංකොල්ලයක අඳුර විනිවිදින 'ගෞර ග්‍රන්ථ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පසුගිය දිනෙක ජයසිරි අලවත්තගේ නවතම කෘතිය වන ගෞර ග්‍රන්ථ මා සතු කර ගැනීමට අවස්ථාව උදා විය.
  • මෙය මගේ වින්දන පරාසය තුළ පොත කියවාගෙන යාමේදී වඩාත් දැනුණු කාරණා කිහිපයක් සැකවීන් සඳහන් කිරීමකි.
  • කතුවරයා විසින් රචිත අනෙක් කෘතීන් මෙන්ම මෙය ද ඔහු විසින් හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘ප්‍රබන්ධ කතාවක්’’ වශයෙනි.
  • පොතේ අවසානය දක්වාම රහස් පරීක්ෂක කතාවක දක්නට ලැබෙන ආකාරයේ කුතුහලයකින් පාඨකයා රඳවා තබා ගැනීමට කතුවරයා සමත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ප්‍රබන්ධ කතාවක් උදෙසා පුර්ණ විචාරයක් නොවේ. මෙය මගේ වින්දන පරාසය තුළ පොත කියවාගෙන යාමේදී වඩාත් දැනුණු කාරණා කිහිපයක් සැකවීන් සඳහන් කිරීමකි.

Screenshot 2023 09 28 at 13.16.13කතුවරයා විසින් රචිත අනෙක් කෘතීන් මෙන්ම මෙය ද ඔහු විසින් හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘ප්‍රබන්ධ කතාවක්’’ වශයෙනි. මෙයට පෙර ඔහු විසින් රචිත මතඟනා කෘතියේදී මෙන් ආකෘතිමය අත්හදා බැලීම්වලින් තොරව රචනා වී තිබීම නිසා අපහසුවකින් තොරව පොත කියවා අවසන් කිරීමට හැකි විය. පොතේ අවසානය දක්වාම රහස් පරීක්ෂක කතාවක දක්නට ලැබෙන ආකාරයේ කුතුහලයකින් පාඨකයා රඳවා තබා ගැනීමට කතුවරයා සමත්ව ඇත.

මේ කෘතියේ මා දුටු විශේෂීත මෙන්ම ඉතා ප්‍රිය කළ ලක්ෂණයක් නම් මුල මැද අග ආඛ්‍යානමය රීතියෙන් බැහැරව කෙරුණු රචනා රීතියයි. විටෙක පාඨකයාවත් රැගෙන ඉදිරියට යන කතුවරයා අපේක්ෂා නොකළ තැනකදී අපව ආපස්සට කැඳවාගෙන යයි. ප්‍රබන්ධ කතා කියවීමේදී කොහෙන් හෝ පටන් අරන් කොහෙන් හෝ අවසන් කරන ආඛ්‍යාන රීතියකට මම පෞද්ගලිකව කැමැත්තක් දක්වමි.

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'

සාහිත්‍ය ක්ෂේත්‍රයේදී සිදුවන බුද්ධිමය මංකොල්ලයක් වටා ගෙතුණු, කුතුහලයෙන් පිරුණු කතාවක් තම කෘතිය සඳහා ඔහු උපස්තම්භක කරගෙන ඇත. මා කල්පනා කරන ආකාරයට මතඟනා කෘතියට වඩා ‘‘ගෞර ග්‍රන්ථ’’ නිර්මාණයක් වශයෙන් බොහෝ ඉදිරියෙන් තැබිය හැකිය. ලේඛකයා වෘත්තිමය වශයෙන් නියැළී සිටින ක්ෂේත්‍රයක සියලු අඳුරු අහුමුලු අක් මුල් දක්වාම අත්විඳ ඇති පසුබිමකදී අපහසුවකින් තොරව කතා වස්තුව ඉදිරියට රැගෙන යාමට ඔහුට හැකි වී ඇතැයි සිතෙයි.

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'කතාවේ ප්‍රධාන චරිතය ලෙස මට හැඟීයන විදුධර අභිමන් දිසානායක ලේඛන කලාව මතු නොව සම්මාන ප්‍රදානය සහ ග්‍රන්ථ ප්‍රකාශනය වැනි අංශ තුළ ද තෙම්පරාදු වූ චරිතයක් ලෙස ගොඩ නංවනු ලැබ ඇත. නිර්මාණ මංකොල්ලයේ මහ මොළකාරිය වූ අනිත්‍යාගේ මායම් ඉදිරියේ වසඟයට පත් නොවී ඔහු කටයුතු කරනු ලබන ආකාරය කතුවරයා ඉදිරිපත් කර ඇත්තේ පාඨකයාගේ විශ්වසනීයත්වය පලුදු නොවන පරිද්දෙනි. ඇය සමග මධු පානය කරමින් සංවාදයේ යෙදෙන අවස්තාවක දී අභිමන් ගේ මුවට නංවා ඇති බීමත් පුද්ගලයකුගේ කතා විලාසයෙහි අස්වාභාවික ස්වරුපයක් තිබුනාදෝ යන සැකය වරින් වර මා තුල පහල නොවූවා ද නොවේ.

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'

ජයසිරි අලවත්ත

කියවන්නා කිසිසේත් අපේක්ෂා නොකරන තැනකදී කතාවේ පරිච්ඡේද ආරම්භ කිරීම මෙන්ම අවසන් කිරීමත් මගින් කතුවරයා අනුගමනය කර ඇති ආකෘතිමය වෙනස මා ඉතා සිත් ගත් එකක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ප්‍රධාන පරිච්ඡේද නම් කර ඇති ආකාරයේ නැවුම් බවද සිත් ගන්නා සුළු විය. ( උදා :- ගඟට කැපූ ඉණි, දඩයක්කරුවන්ගේ ප්‍රවිෂ්ටය, අභිමනා ගමනය )

ජයසිරි අලවත්තගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට මගේ සුබාශිංසනය පිරිනමමි.


(දයා සුදසිංහ)
dayasudasinghe@gmail.com

උපුටා ගැනීම dayasudasingheගේ facebook පිටුවෙනි


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...