BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අල්බොරාදා: පෙරදිග ආශාවේ අසම්පාතය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

September 28, 2023 • 3:24 AM

අල්බොරාදා: පෙරදිග ආශාවේ අසම්පාතය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පටිච්ච සමුප්පාදය, විසංයෝජනය, අහිංසාවාදය, සාංදෘෂ්ටිකත්වය, ශුන්‍යතාව, අල්පේච්ඡතාව වගේ පෙරදිගින් මහාද්වීපික දර්ශනය කරා ගිය තවත් වැදගත් සංකල්පයක් තමයි 'අසම්පාතය' (parallax) කියන්නේ.
  • මේ සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්න ජපන් දාර්ශනික කොජින් කර්තානි මෙහෙම කියනවා.''ශ්‍රමිකයා තුල පාරිභෝගිකයා ඉන්නවා වගේම පාරිභෝගිකයා තුල ශ්‍රමිකයා ඉන්නවා''.  කොජින් කර්තානි යම් භාණ්ඩයක් නිර්මාණය කරන කෙනාම ඒ නිර්මාණයේ අර්චන බව එක්ක බැඳෙනවා.
  • වසඟය කියන්නේ මාක්ස්මය අර්ථයෙන් ''වටිනාකමක්'' බවට පත්වෙනවා.
  • ඒ නිසා ඊට එරෙහිව සටන්කරන්න පෙළඹෙන්නේ නැහැ.  ලූකාශ්ගේ ඉඳල ඇඩෝනෝ හරහා ජේම්සන් දක්වා කියවෙන දේ තමයි විප්ලවීය ව්‍යාපාර මේ යුගයේ ඇතිවෙන්නේ නැත්තේ ඇයි කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ සංකල්පයෙන් කියන්නේ බලන දෙය (object) සහ නරඹන්නා (viewer) මේ වනවිටත් නැරඹුම් වස්තුව තුල අන්තර්ගතයි යන්න. ඒ කියන්නේ මේ දෙක වෙන්කරන්න බැහැ කියන එක. අපි යමක් දිහා බලන්න හදන කොටම ඒ දෙය තුල තියනවා ''අනේ මම දෙස බලන්න'' කියන හැඟවුම. නැත්නම් ''මම ඉන්නේ ඔබ මම දිහා බලනකල්'' කියන අදහස.

Screenshot 2023 09 28 at 14.12.50නිකම් මතක් කරගන්න අර මැරලින් මොන්රෝගේ උඩයන ගවුම අල්ලගන්න මොන්රෝ උත්සාහ ගන්නවා වගේ පෙන්නන හොලිවුඩ් ෆොටෝ එක. මොන්රෝගේ ඒ බැල්මේ තියෙන්නේ ලජ්ජාවක් නෙවෙයි. අනේ බලන්නකෝ මේ දිහා වගේ ඇරයුමක්.  

චිත්‍රයක් දිහා බලනකොට චිත්‍රය මම දෙස බලා සිටිනවා වගේම මගේ ඇස තුලත් චිත්‍රපටය තිබෙනවා කියන එකයි මේකේ අර්ථය. ඒක හුවමාරුවක්.

මේ සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්න ජපන් දාර්ශනික කොජින් කර්තානි මෙහෙම කියනවා.''ශ්‍රමිකයා තුල පාරිභෝගිකයා ඉන්නවා වගේම පාරිභෝගිකයා තුල ශ්‍රමිකයා ඉන්නවා''. 

Karatani Featuredකොජින් කර්තානි

යම් භාණ්ඩයක් නිර්මාණය කරන කෙනාම ඒ නිර්මාණයේ අර්චන බව එක්ක බැඳෙනවා. ටොයෝටා කාරයක් නිර්මාණය කරන බුද්ධිමය ශ්‍රමිකයා ඒ කාරය පරිබෝජනය කරන්නත් ආශා කරනවා.

කම්කරුවාම මේ කියන අර්චන වසඟයේ ගොදුරක් නිසා ඔහු හෝ ඇය ඉන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. වසඟය කියන්නේ මාක්ස්මය අර්ථයෙන් ''වටිනාකමක්'' බවට පත්වෙනවා. ඒක හුවමාරු වටිනාකමක්. ඒ නිසා ඊට එරෙහිව සටන්කරන්න පෙළඹෙන්නේ නැහැ. 

ලූකාශ්ගේ ඉඳල ඇඩෝනෝ හරහා ජේම්සන් දක්වා කියවෙන දේ තමයි විප්ලවීය ව්‍යාපාර මේ යුගයේ ඇතිවෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඒකට සෑහෙන උත්තරයක් කරතානි සම්පාදනය කරලා තියනවා.

යුරෝපයේ වගේම ආසියාවේත් අනෙක් බොහෝ රටවලත් විමුක්ති ව්‍යාපාර ධනවාදී වෙළඳ පළේ අර්චන වස්තූන් ගැන වගේම ඒවායේ ආශා නිෂ්පාදනය හමුවේ මේ වෙනකොට ඉන්නේ පරාජිත තැනක. මිනිස්සු ගෝල්ෆේස් අරගලයට ආපු විදියටම ගියා වන් ගෝල් ෆේස් බලන්නත්. ඒක හරියට පසු නූතන වන්දනා ගමනක් වගේ.

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)

මේ සිස්ටම් එක එපා කියන (සිස්ටම් චේන්ජ්) අරගලය ඇතුලෙම ඔවුන් මේ සිස්ටම් එකේ අර්චන වස්තූන්ට අසීමිතව ආශා කළා. ඒ නිසා අරගල කරන කෙනා අපිට කියවාගන්න වෙන්නත් මේ සිස්ටම් එක ඇතුලේම ස්ථානගත කරලා. ඕක තමයි කරතානි ගේන අලුත් සංකල්පය.

රෝහිත රාජපක්ෂගේ 'ආශාවේ ගීතය' හා 'හිප්හොප් සිංහල බෞද්ධ රාජ්‍යය' -අජිත්  පැරකුම් ජයසිංහකොජින් කරතානි ලෝකෙට අරන් ආපු මේ සංකල්පය ලෝක ගෝලය පුරා වඩාත් ප්‍රචලිත කරන්න ස්ලාවෝ ජිජැක්. 

මේ පොතේ ඒ වැදගත් සංකල්පය ලංකාවේ විශිෂ්ට සිනමාකරුවෙක්ගේ කලා කෘතියක සන්දර්භය ඇතුලේ කතාකරලා තියනවා.

ඇල්බොරාදා : නෙරුදාට ගල්, හඳගමට මල් - (චන්දිමා ජයසේන)

අපි හඳගම දිහා බලන්න හදනකොටම ගැළවෙන්න බැරි විදියට හඳගම අපි දිහා බලාන ඉන්නවා. අපි අර සක්කිලි කෙල්ල දිහා බලන්න හදනකොට ඒ කෙල්ල අපි දිහා බලාන ඉන්නවා. මැරලින් මොන්රෝ දිහා අපි බලන්න හදනකොට මොන්රෝ අන්න අපි දිහා බලන්න ගන්නවා. අපිට මේ ගේස් එකෙන් මැරෙනකල් ගැලවෙන්න බැහැ කියල මනෝවිශ්ලේෂණයේ ලුබ්ජියානා පාසැල කියනවා.

මේ පොත ඔබ දෙස බලාන ඉන්නවා. වෙන විදියකට කිව්වොත් මේ වෙනකොටත් ඔබ මේ පොතට ඇතුලත් කරලා ඉවරයි (You are already included in this book). 

කවරය: මො. ල. සෙනෙවිරත්න
විදර්ශන ප්‍රකාශනයක්.

(ලංකාවේ අමාරු වෙලාවක ජනක ඉනිමංකඩ මේ පොත කරන්න බාරගත්ත. කේ. කේ. පසුවදනක් ලියල දුන්න. මොලා කවරේ කළා. ජයසිරි උදව් කලා. කී නොකී අනික් හැමෝටමත් ස්තුති).

AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...