BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කෙල්ලො කියන්නෙම රෙවලූෂන් එකක්.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

September 28, 2023 • 6:14 AM

කෙල්ලො කියන්නෙම රෙවලූෂන් එකක්.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරුත් වැඩිය දන්නේ නැති කෙල්ලෝ දෙන්නෙක් ලියල තියන ''ෆොගෙට් මී නොට්'' කියල නවකතාවක් හිට් වෙමින් තියනවා කියල රාවයක් යනවා. මම ඒකෙ ඉමේජ් එකක් දැක්කෙත් අද.
  • මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න ඒ ධනාත්මක බලාපොරොත්තුව ඕනිමයි.  ඒ වගේ පණිවඩයක් එක්ක සංකලනය වෙච්ච දෙයක් ඇත්තටම පත්තු වෙන්න පුළුවන් තමයි මේ බංකොළොත් වෙලාවේ.
  • නම් දරාපු කතුවරුත් නෙවෙයි.
  • හොදම පොත් ප්‍රකාශකයත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

සාංදෘෂ්ටික තනිකමක් එක්ක ලියවෙච්ච, මොනවා හරි ඉස්සරහට සිද්ද වෙයි කියන 'ධනාත්මක පණිවිඩේ' ගැබ්වෙච්ච නවකතාවක් කියල කට්ටිය කියනවා.

මේ නවකතාව යන්නේ ඒ විදියට නම් මම ඒ ප්‍රවේශ දෙකටම ආසයි. එකක් හුදකලා පැවැත්ම ගැන ප්‍රවේශය. අනික අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව. මම මේ දෙවැනි එක ගැන මට හම්බ වෙච්ච හැම පොදු අවකාශයකම, හැම බහුජන අවස්ථාවකම කතා කළා.

355886976 286182613949053 4249596687438152714 nමේ වැටිච්ච වලෙන් ගොඩ එන්න ඒ ධනාත්මක බලාපොරොත්තුව ඕනිමයි. 

ඒ වගේ පණිවඩයක් එක්ක සංකලනය වෙච්ච දෙයක් ඇත්තටම පත්තු වෙන්න පුළුවන් තමයි මේ බංකොළොත් වෙලාවේ.  මම කියන්නේ ආකෘතියට එච්චර කට්ටිය සලකලා නැති උණත් පණිවිඩේ හරිනම් පත්තු වෙන්න පුළුවන් කියන එක.

නම් දරාපු කතුවරුත් නෙවෙයි. රාජ්‍ය සම්මානත් නැහැ. හොඳම පිටකවරෙත් නැහැ. හොදම පොත් ප්‍රකාශකයත් නැහැ. හොඳම විචාරය ලියලත් නැහැ. ඒවගේ ආකෘතියට ඕනි දේවල් මොනවා නැති උණත්, කතෘ ප්‍රකාශනයක් උනත් පණිවිඩේ හරිනම් පත්තු වෙනවා.
 
කෙල්ලෝ කොහොමත් බලාපොරොත්තු සහගතයි. මේ රට උන් ගැන විශ්වාසය තබන්න ඕනි. 
කෙල්ලො කියන්නෙම රෙවලූෂන් එකක්....
 
(පොත නොකියවා, අන්තර්ගතය ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නැතුව ලීවේ).   
 
AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...