BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය : නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක යෝන් ෆොස්සේට

T

The Leader

October 6, 2023 • 2:54 AM

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය : නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක යෝන් ෆොස්සේට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොස්සේ නම් කර තිබේ.
  • ත්‍යාගයය අමතරව, ෆොස්සේ වෙත ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11 (පවුම් 822,000) ද හිමි වනු ඇත.
  • ජයග්‍රහණයෙන් තමා "උද්දාමයට පත් වූ අතර තරමක් බියට පත් වූ" බව ද සඳහන් කරමින් ඔහු පැවසුවේ, "වෙනත් අරමුණු අරඹයා කටයුතු කිරීමෙන් තොරව සාහිත්‍ය පළමු කොට සැලකීම හේතුවෙන්" ඔහුගේ කාර්යය මෙලෙස ඇගයීමට පාත්‍ර වූ බව ය.
  • 1959 වසරේදී උපත ලද ෆොස්සේගේ කෘති නාට්‍ය 40ක් හා නවකතා, රචනා, ළමා පොත් සහ පරිවර්තන දක්වා විහිද යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ස්වීඩන් ඇකඩමිය බ්‍රහස්පතින්දා කියා සිටියේ, එය ඔහුගේ "කිව නොහැකි දේ වෙනුවෙන් හඬක් ලබාදෙන නව්‍යකරණය වූ නාට්‍ය සහ ගද්‍ය රචනා වෙනුවෙන්" පිදෙන බව ය.

ත්‍යාගයය අමතරව, ෆොස්සේ වෙත ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11 (පවුම් 822,000) ද හිමි වනු ඇත.

ජයග්‍රහණයෙන් තමා "උද්දාමයට පත් වූ අතර තරමක් බියට පත් වූ" බව ද සඳහන් කරමින් ඔහු පැවසුවේ, "වෙනත් අරමුණු අරඹයා කටයුතු කිරීමෙන් තොරව සාහිත්‍ය පළමු කොට සැලකීම හේතුවෙන්" ඔහුගේ කාර්යය මෙලෙස ඇගයීමට පාත්‍ර වූ බව ය.

Screenshot 2023 10 06 at 13.49.03ටෝනි මොරිසන්, ඩොරිස් ලෙසින්, ගේබ්‍රියෙල් ගාසියා මාකේස්

එක් කෘතියක් සඳහා පමණක් නොව සමස්තයක් ලෙස සාහිත්‍ය වෙනුවෙන් කරන ලද කාර්යභාරය වෙනුවෙන් පිරිනමන මෙම ත්‍යාගය මීට පෙර දිනා ගත් පිරිස අතර ටෝනි මොරිසන්, ඩොරිස් ලෙසින්, ගේබ්‍රියෙල් ගාසියා මාකේස් සහ බොබ් ඩිලන් යන සාහිත්‍යවේදීහු සිටිති.

1959 වසරේදී උපත ලද ෆොස්සේගේ කෘති නාට්‍ය 40ක් හා නවකතා, රචනා, ළමා පොත් සහ පරිවර්තන දක්වා විහිද යයි.

ස්වීඩන් ඇකඩමිය පැවසුවේ, ඔහු "ඔහුගේ නෝර්වීජියානු පසුබිමෙහි ගැබ් වූ ස්වභාවය කලාත්මක තාක්ෂණික ප්‍රයෝග සමග මුසු කරන" බව ත් ඔහුගේ කෘතිවල "මානව අත්දැක්වීම් වන කාංසාව සහ දෙගිඩියාව ආදිය වෙත වඩා ත් ගැඹුරු ස්පර්ශයක් ලබා දීම" වෙනුවෙන් ඔහු පැසසුමට ලක්වන බව ත් ය.

ඔහුගේ කෘති ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති අතර ඔහු දැනටමත් ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.

'ෆොස්සේ අවමවාදය'

Screenshot 2023 10 06 at 13.52.27
සංවිධායකයින් පැවසුවේ, ෆොස්සේ සෙසු නෝර්වීජියානු ලේඛකයෙකු වන ටයෙයි වෙසාස් මෙන් ම, සැමුවෙල් බෙකට්, තෝමස් බර්න්හාඩ්, ගෙඕග් තාකිල් සහ ෆ්‍රාන්ස් කෆ්කා වැනි පැරණි විශිෂ්ට ලේඛකයින් සමග සැසඳිය හැකි බව ය.

"තම පූර්වගාමීන් මෙන් ෆොස්සේ ද ජීවිතය සහ ලෝකය පිළිබඳ අශුභවාදී දැක්ම බෙදා ගන්නා අතර ඔහුගේ විශේෂිත ඥානවාදී දැක්ම ලෝකය කෙරෙහි අර්ථ ශූන්‍ය ආකල්පයක් ඇති කරනු ඇතැයි කිව නොහැක."

"ඇත්ත වශයෙන් ම, ඔහුගේ කාර්යය තුළ විශාල සමීප බවක් සහ හාස්‍යය අඩංගු වන අතර අභියෝගාත්මක මානව අත්දැකීම් පවා අව්‍යාජව ගෙන හැර දක්වනවා," යැයි නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කළේ ය.

ඔවුන් සඳහන් කළේ, ඔහුගේ නවකතා තුළ "ෆොස්සේ අවමවාදය" නම් ශෛලිය අනුගමනය කළ දැඩි සරල බවක් දක්නට ඇත," යනුවෙනි.

Screenshot 2023 10 06 at 13.32.52
ඔවුහු මෙසේ ද පැවසූහ: "ෆොස්සේ අපට අපගේ ජීවිත තුළින් ම ක්ෂණිකව හඳුනාගත හැකි දෛනික ජීවිතයේ සිදුවීම් ඉදිරිපත් කරනවා."

1901 වසරේ සිට පිරිනැමෙන නොබෙල් ත්‍යාග, සාහිත්‍යය, විද්‍යාව, සාමය සහ මෑතක සිට ආර්ථික විද්‍යාවේ ජයග්‍රහණ ද ඇගයීමට ලක් කරයි.

සාහිත්‍ය ත්‍යාගය පිරිනමනු ලබන්නේ, 1895 වසරේ ස්වීඩන් ව්‍යාපාරික සහ දානපති ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තට අනුව, "පරමාදර්ශී දිශාවක් ඔස්සේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යයක නියැළුණු පුද්ගලයාට" ය.

ත්‍යාගය සඳහා නිර්දේශිත නාම ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කර නොතිබුණ ද සල්මාන් රුෂ්ඩි, කැන් ෂුඒ, මාග්‍රට් ඇට්වුඩ් සහ හරුකි මුරකාමි ඒ අතර සිටි බවට සැලකේ.

පසුගිය වසරේ, එය ප්‍රංශ ලේඛිකාවක වන ඇනී එහ්නූ විසින් ජයග්‍රහණය කරන ලද අතර කමිටුව ප්‍රකාශ කළේ, "ස්ත්‍රී පුරුෂ සමාජභාවය, භාෂාව සහ පන්ති සම්බන්ධ විශාල විෂමතා සලකුණු වූ ජීවිතයක්" ස්පර්ශ කරන "නොවෙනස්වනසුලු" වසර 50ක කාර්ය භාරය වෙනුවෙන් එය ඇයට පිදෙන බව ය.

උපුටා ගැනීම : BBC සිංහල සේවය  


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...