BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අපූගේ ලෝකයෙන් පිටතට පැමිණි ‘‘අන්තස්සර’’යා - ජයසිරි අලවත්ත

T

The Leader

October 8, 2023 • 12:09 AM

අපූගේ ලෝකයෙන් පිටතට පැමිණි ‘‘අන්තස්සර’’යා - ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමස්ත ප්‍රබන්ධ කලාව ම ගත් විට (කවි, ගීත, නවකතා, කෙටිකතා, සිනමා නිර්මාණ, රුපවාහිනී නිර්මාණ, වේදිකා නාට්‍ය) ප්‍රබන්ධ කරන පාර්ශ්වය සහ අදාළ ප්‍රබන්ධය රසවිඳින පාර්ශ්වය අතර සමපාතිත්වයක්
  •  අදාළ නිර්මාණය රස විඳින පුද්ගලයාගේ ස්ථාවරයේ සිට කියවීම 02.
  •  නිර්මාණය කළ පාර්ශ්වය පිළිබඳ රස විඳින පුද්ගලයා දරන ස්ථාවරයේ සිට කියවීම 03.
  •  නිර්මාණය සහ නිර්මාණය කළ පාර්ශ්වය යන දෙපාර්ශවය ම නොසලකා අදාළ නිර්මාණය කියවන පුද්ගලයාට රිසි පරිදි කියවීම යට සඳහන් කුමනාකාරයෙන් කියෙව්ව ද නිර්මාණ පාර්ශ්වය සහ කියවන පාර්ශ්වය අතර එකඟතා හෝ නොඑකඟතා ඇති වීම වැළැක්විය නොහැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩනැගෙන්නේ කලාතුරකිනි. ඒ සඳහා බලපාන කරුණු කිහිපයකි.

01.  අදාළ නිර්මාණය රස විඳින පුද්ගලයාගේ ස්ථාවරයේ සිට කියවීම
02.  නිර්මාණය කළ පාර්ශ්වය පිළිබඳ රස විඳින පුද්ගලයා දරන ස්ථාවරයේ සිට කියවීම
03.  නිර්මාණය කළ පාර්ශ්වය පිළිබඳ නොසලකා නිර්මාණය වෙත පමණක් අවධානය යොමු කර කියවීම
04.  නිර්මාණය සහ නිර්මාණය කළ පාර්ශ්වය යන දෙපාර්ශවය ම නොසලකා අදාළ නිර්මාණය කියවන පුද්ගලයාට රිසි පරිදි කියවීම

යට සඳහන් කුමනාකාරයෙන් කියෙව්ව ද නිර්මාණ පාර්ශ්වය සහ කියවන පාර්ශ්වය අතර එකඟතා හෝ නොඑකඟතා ඇති වීම වැළැක්විය නොහැකි ය. නමුදු නිර්මාණයක් කියවන පාර්ශ්වය එය කියවිය යුත්තේ මෙසේ යැයි කිසිවකුට පැවසිය නොහැකි ය. ඒ, ඕනෑම නිර්මාණයක් කියවන්නා හෝ කියවන්නිය අදාළ නිර්මාණය කියවන්නේ බින්න රුචිකත්වයට යටත්ව වන බැවිනි.

මම ද ඕනෑම නිර්මාණයක් කියවන්නේ, (මෙහි දී ‘‘කියවීම’’ යනුවෙන් මා අදහස් කරන්නේ අකුරු, වචන, වාක්‍ය, ඡේද හෝ පරිච්ඡේද වශයෙන් කියවීම නොවේ.) රස විදින්නේ, කියවා රස විඳ එය අනෙකාට දනවන්නේ මගේ බින්න රුචිකත්වයට අනුව ය. මතු දැක්වෙන අදහස් සමුච්චය ද මගේ බින්න රුචිකත්වය අනුව: කියවූ, කියවා රස විඳි ප්‍රබන්ධ කෘතියක් පිළිබඳව ය. කෘතිය ‘‘අන්තස්සර’’ ය; මෙහි කතුවර දෙපළකි. එනම් ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ මංජු නැදගමුව යන දෙපළ ය.

දුෂ්කර කාර්ය
 
manju wr 2
 
ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි - මංජු නැදගමුව
 
පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ දෙදෙනකු එකතුව ස්වතන්ත්‍ර නිර්මාණයක් ප්‍රබන්ධ කිරීම යනු දුෂ්කර කාර්යයක් බවයි. නමුදු ඒ දුෂ්කරත්වය පාඨක ප්‍රජාව වෙත නොදැනෙන්නට, නොහැඟෙන්නට කතුවර දෙපළ ම වගබලාගෙන තිබීම අගය කළ යුතු ය. ඔවුන් ප්‍රබන්ධය රචනා කිරීමේ දී ඔවුනොවුන්ගේ මත එක තලයකට රැගෙන එන්නට මහත් වෙහෙසක් දරන්නට ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය. නමුදු පාඨක ප්‍රජාවට එය කිසිසේත් ම හසු නොවන බව ද මගේ පුද්ගලික විශ්වාසය යි. ඒ අන් කිසිවක් නිසා නොව දෙදෙනාගේ ම ලේඛනත්වයේ දක්ෂතාව යි.
ප්‍රබන්ධයට ම සරිලන නම

අන්තස්සර 01ප්‍රබන්ධ කෘතියකට නමක් යෙදීමේ දී වුව ද බෙහෙවින් කල්පනාකාරී විය යුතු ය; එය එක් පසෙකින් දැවැන්ත අභියෝගයකි. මෙම ප්‍රබන්ධය ‘‘අන්තස්සර’’ යන මැයෙන් නම් කළ කතුවර දෙපළ එකී අභියෝගය ද ජයගෙන ඇති බව පැවසිය යුතු ය. මන් ද මා දකින මෙහි ප්‍රධාන චරිතය වන අපූ නමැති පුද්ගලයාගේ ඇතුළත සැරිසරන අන්තස්සරයා (එක් පුද්ගලයකු තුළ අන්තස්රයන් කිහිප දෙනකු වුව ද විසිය හැකි ය) ඉතා සූක්ෂ්ම ලෙස මෙහෙයවන්නට කතුවර දෙපළ සමත්ව ඇත. සමස්ත ප්‍රබන්ධයේ ම කැණිමඬල මෙකී අන්තස්සරයා යැයි පැවසිම අතිශෝක්තියක් නොවේ.
 
ප්‍රබන්ධයේ විශේෂතා
 
මෙම ප්‍රබන්ධ කෘතිය කතුවර දෙපළක් විසින් රචනා කරනු ලැබීමෙ සුවිශේෂතාවට අමතරව තවත් විශේෂතා කිහිපයක් ද දැකිය හැකි ය. එහි දී මා වඩාත් ම රුචිකත්වයක් දක්වන විශේෂතාව නම් ප්‍රබන්ධයේ ආඛ්‍යානය (Narration) සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාවෙන් බැහැර වීම ය. මෙය ප්‍රබන්ධකරණයේ එක් තාක්ෂණික ක්‍රමයකි. ආඛ්‍යාන රටාව වෙනස් වුව ද එය කෘතිය කියවීමට හෝ රස විඳීමට කිසිදු බාධාවක් සිදු නොවන බව මගේ පුද්ගලික හැඟීම ය. එම තාක්ෂණික ප්‍රවණතාව ‘‘අන්තස්සර’’ ප්‍රබන්ධය ආරම්භයේ සිට අවසානය දක්වා ම නිසි ලෙස පවත්වාගෙන යන්නට කතුවර දෙපළ සමත් වී ඇත.
ප්‍රධාන චරිතය නොවන කථකයා

උත්තම පුරුෂ දෘෂ්ටියෙන් රචනා කර ඇති මෙම ප්‍රබන්ධයේ කතාව කියන්නා හෙවත් කථකයා එහි ප්‍රධාන චරිතය ලෙස දිස් වුව ද මගේ කියවීමට අනුව නම් ඔහු කථකයා ම පමණි. කෘතියේ ප්‍රධාන චරිතය ලෙස මා දකින්නේ අපූ නමැති චරිතය යි. මන්ද සමස්ත ප්‍රබන්ධය ම රඳාපවතින්නේ ඔහුගේ ක්‍රියාකාරකම් මත ය. ප්‍රබන්ධයේ හරය හෙවත් අරටුව එසේත් නොමැති නම් සාරය රඳා පවතින්නේ ද ඔහු සතුව ය. ඔහු නොමැති නම් පඹගාලක පැටලී තිබෙන කතා වස්තුව තෝරා බේරා ගැනීමට කථකයා වුව ද අසමත් වන්නේ ය. 
 
ප්‍රබන්ධය රචනා කර තිබෙන්නේ එහි සියලු රහස් ඔහු තුළ සිටින අන්තස්සරයා තුළ තැන්පත් කරමිනි. ඒ අන්තස්සරයා අවදි නොවන තාක් කථකයාට පැවසීමට එසේත් නොමැති නම් පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට කතන්දරයක් නොපවතී. කතුවර දෙපළ මෙහි දී සිය දක්ෂතාව මැනවින් ප්‍රකට කරන්නේ කෘතිය අවසානයේ ය. ඒ, අන්තස්සරයා මිය ගිය ද ඔහු ඉතිරි කර ගිය තවත් රහසක්  වෙනත් මානයකින් පාඨක ප්‍රජාව හමුවේ තබමිනි.
නරඹා සහ කියවා ඇති සිද්ධි

කෘතියට පාදක කරගන්නා වස්තු බීජය (Rudiment) පිළිබද අවධානය යොමු කිරීමේ දී ඒ ඇතැම් සිද්ධි මීට ඉහත වෙනත් බෝහෝ ප්‍රබන්ධ රචනා තුළ අන්තර්ගතව තිබුණ ද එම සිද්ධි ම වුව ද නව මුහුණුවරකින් ඉදිරිපත් කරන බැවින් යට කී පෙර හුරු පුරුදු භාවය යටපත් කෙරේ. 
 
Screenshot 2023 10 08 at 11.03.15උදාහරණයක් ලෙස ගතහොත් කථකයාගේ මව නිවස තුළ සිර කර තැබීම මීට වසර ගණනාවකට පෙර නැරඹූ ''හිමගිරි අරණ’’ රූපවාහිනී නාට්‍ය යේ අන්තර්ගතව තිබිණ. ඊට අමතරව දර්ශනා ශම්මි විජේතිලකගේ ‘‘ගිරග සසල විය’’ කෘතියේ ද මේ හා සමපාත සිද්ධි ද්වයක් අන්තර්ගත ය. 
 
කතුවර දෙපළ දැනුවත්ව හෝ නොදැනුවත්ව (බොහෝ විට නොදැනුවත් විය හැකි ය) අදාළ සිද්ධිය ‘‘අන්තස්සර’’ කෘතියේ ද අන්තර්ගතව තිබුණ ද එය පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කෙරෙන්නේ වෙනත් ස්වරූපයකිනි. එය සිදුවිය හැකි ය. මන්ද ලෝකයේ කොතැනක හෝ වෙසෙන යම් පුද්ගලයකුග් අත්දැකීමක් මගේ ම හෝ ඔබේම අත් දැකීමක් වීමට ඇති ඉඩකඩ සුලබ ය. ඒ, ලෝකයේ වෙසෙන සියලු මිනිස් ජීවින් මුහුණ දෙන සිදුවීම් බහුතරයක් එක හා සමාන වීම ය. එම සිද්ධිය හැරුණ විට අනෙක් බොහෝ සිද්ධි නවමු අත්දැකීම් ය. 
 
විශේෂයෙන් ම අපූ යනු ම නවමු චරිතයකි; තව දුරටත් පවසන්නේ නම් මෙබඳු ආකාරයෙන් තම හාම්පුතුන් වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන බොහෝ චරිත හමු වී තිබුණ ද අපූ යනු මට මීට පෙර කිසිදු නිර්මාණයක හමු නොවුණ චරිතයකි; නවමු චරිතයකි.

චරිත නාමය සම්මුඛ කිරීමේ පමාව
 
‘‘අන්තස්සර’’ කෘතියේ මා දුටු තවත් විශේෂත්වයක් වූයේ එහි කථකයාගේ සිට බොහෝ චරිතවල නම පාඨක ප්‍රජාවට පැවසීම පමා කිරීම ය. උදාහණයක් ලෙස ගතහොත් පිටු 248ක් වන කෘතියේ කථකයාගේ නම පාඨකයාට සම්මුඛ වන්නේ 111වන පිටුවේ දී ය. එතෙක් ඔහු පාඨක ප්‍රජාව හඳුනාගන්නේ ‘‘මහත්තයා’’ නමිනි. 
 
කථකයා විසින් ම කරනු ලබන විස්තර කථනයේ එන ඇතැම් චරිත පවා ඔහුගේ හෝ ඇයගේ නමින් හඳුනාගන්නේ අදාළ පුද්ගලයා සමග සබැඳි සිද්ධි කිහිපයකට පසුව ය. එය කතුවරු දෙපළ වුවමනාවෙන් ම භාවිත කළ උපක්‍රමයක් ද එසේත් නොමැති නම් නිරායාසයෙන් ම සිදුවූවක් ද යන්න අපැහැදිලි වුව ද මෙය එක්තරා අන්දමක නවතාවකි. මා පුද්ගලිකව වුව ද එබඳු ප්‍රබන්ධ කියවා තිබෙන්නේ ඉතාමත් අල්පයකි.

ප්‍රබන්ධය සහ නවකතාව
 
අප බොහෝ විට ප්‍රබන්ධ සියල්ල ම ‘‘නවකතා’’ ලෙස හැඳින්වුව ද, කියෙව්ව ද, රස වින්ද ද ඒ සෑම ප්‍රබන්ධයක් ම ‘‘නවකතාව’’ ලෙස අර්ථ ගැන්විය නොහැකි ය. කතාවක් අන්තර්ගත වූ පමණින් ම වුව ද අදාළ ප්‍රබන්ධය ‘‘නවකතාවක්’’ ලෙස හැඳින්විය නොහැකි ය. එසේ නම් ‘‘නවකතාවක්’’ ලෙස හැඳින්විය හැකි ප්‍රබන්ධයේ පැවතිය යුතු විශේෂතා මොනවා දැයි කිසිවකු විමසිය හැකි ය. ඒ සඳහා දිය හැකි සරල ම පිළිතුර නම් අදාළ ප්‍රබන්ධයේ කතාව මතු නොව අනෙක් පාර්ශ්ව ද නවතාවකින් සමන්විත විය යුතු ය යන්න ය. එනයින් සලකා බලන විට ‘‘අන්තස්සර’’ යනු හුදෙක් සාම්ප්‍රදායික ‘‘නවකතාව’’ අභිභවන, කිසියම් නවතාවකින් සමන්විත ප්‍රබන්ධයක් ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි.
මා කෘතියේ සාරාංශය හෝ උපුටා ගැනීම් ඉදිරිපත් නොකරන්නේ ‘‘අන්තස්සර’’ යනු සාරාංශය පමණක් කියවා හෝ තැන් තැන්වලින් උපුටාගත් කොටස් පමණක් කියවා අර්ථගන්වාගත හැකි ප්‍රබන්ධයක් නොවන බැවිනි. එය නිසියාකාරව ග්‍රහණය කරගැනීමට නම්, විඳීමට නම් පූර්ණ ප්‍රබන්ධ කෘතිය කියවිය යුතු ම ය.     

වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/10/08     


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...