BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චිත්‍රලේඛා අවසන් දිනය අද යි

T

The Leader

October 12, 2023 • 2:06 AM

චිත්‍රලේඛා අවසන් දිනය අද යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ අධ්‍යාපනය හදාරන ලද ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සිතුවම් ප්‍රදර්ශනයක් වන “චිත්‍රලේඛා” සිතුවම් දැක්මේ අවසන් දිනය
  • ඉන්දියාවේ විවිධ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලද සමකාලීන කලාකරුවන් 26 දෙනෙකුගේ නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන අතර විනී හෙට්ටිගොඩ, සරත් ගුණසිරි පෙරේරා, එස්.
  • මහාචාර්ය ජගත් රවීන්ද්‍ර සහ අසංක ජයසිංහ විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රදර්ශනයට සිතුවම් 150ක් පමණ ඇතුළත් වේ.
  • මංජුශ්‍රී හිමි, ජෝර්ජ් කීට්, හැරි පීරිස්, උපසේන ගුණවර්ධන සහ බර්නාඩ් ලොකුගේ යන ඉන්දීය කලා සම්ප්‍රදායන් සමඟ සමීප සබඳතාවයක් පැවති ප්‍රවීණ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද(12) JDA පෙරේරා කලා ගැලරියේ දී පැවැත්වේ.

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලයේ ආදි ශිෂ්‍ය වසර නිමිත්තෙන් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75ක් සපිරීම සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවා වසර 25ක් සපිරීම වැනි වෙනත් විවිධ වැදගත් සිදුවීම් සමඟ ද සමපාත වේ.

2 800x533

ඉන්දියාවේ විවිධ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලද සමකාලීන කලාකරුවන් 26 දෙනෙකුගේ නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන අතර විනී හෙට්ටිගොඩ, සරත් ගුණසිරි පෙරේරා, එස්. සිවරූබන්, සුසිරිපාල මාලිම්බඩ, රම්‍යවර්ධන පොඩිනිළමේ, රිනුජා සිවසංගර් සහ ආචාර්ය මනෝරන්ජන හේරත් වැනි චිත්‍ර ශිල්පි ශිල්පිණියන් ද ‍ඒ අතර වේ. මේ අතරින් වැඩි දෙනෙකු සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලයේ (ICCR) ශිෂ්‍යත්ව යටතේ ඉන්දියාවේ අධ්‍යාපනය ලද අය වේ. මහාචාර්ය ජගත් රවීන්ද්‍ර සහ අසංක ජයසිංහ විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රදර්ශනයට සිතුවම් 150ක් පමණ ඇතුළත් වේ.

ආනන්ද සමරකෝන්, සෝමබන්දු විද්‍යාපති, පූජ්‍ය එල්. ටී. පී. මංජුශ්‍රී හිමි, ජෝර්ජ් කීට්, හැරි පීරිස්, උපසේන ගුණවර්ධන සහ බර්නාඩ් ලොකුගේ යන ඉන්දීය කලා සම්ප්‍රදායන් සමඟ සමීප සබඳතාවයක් පැවති ප්‍රවීණ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ. කලා නිර්මාණ පහක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික කලා ගැලරිය විසින් ලබා දී ඇති අතර අනෙකුත් නිර්මාණ පවුල් සතුවූ කලා එකතුවලින් සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලබා දී ඇත.

ප්‍රදර්ශනය අද (12) පස්වරු 6 දක්වා විවෘතව පවතී.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...