BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රාජිත දිසානායක, මේරියන්ස් නලින් සහ බලාපොරොත්තු ! - (විමල් කැටිපෙආරච්චි)

T

The Leader

October 12, 2023 • 5:00 AM

රාජිත දිසානායක, මේරියන්ස් නලින් සහ බලාපොරොත්තු ! - (විමල් කැටිපෙආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසයේ නරකම අවුරුදුවල හොඳම මතක ශේෂ වෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියල තේරුම් ගන්න අමාරුයි.
  • රාජිතගෙ ආශාව තවත් තුන්දෙනෙක් හැටියට පීදුණු 88 අවුරුද්දෙම නලින්ගෙ ආශාව මේරියන්ස් හැටියට අලුතෙන් ඉපදුණා.
  • ඒත් එකිනෙකට වෙනස් මිනිස් කණ්ඩායම් දෙකක ආදරේ මැදින් දෙන්නම ඉස්සරහට යනවා.
  • ඉතින්, 1988 ඉඳන් එදා මෙදා තුර ලොක්කො ගොඩක් මාරු වෙවී අලුත් ලොක්කො ආව.
අකුරු ප්‍රමාණය (Font Size):

'2019 ජූලි මාසෙ දවසක් ගේන රාජිත දිසානායක, සිය ප්‍රථම වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ ඔහු උසස් පෙළ ශිෂ්‍යයෙක්ව ඉන්නකොට,ඒ, 1988 අවුරුද්දෙ දවසක. නාට්‍යයේ නම, තවත් තුන්දෙනෙක්. 

රාජිත අයියගෙ 'තවත් තුන්දෙනෙක්' බලන්න සෙන්ට් මේරිස් මල්ලිල ගොඩාක් එදා හලාවත සුදසුන ශාලාවට රොද බැන්දා. දැන් මේ සටහන ලියන්නෙ ඒ අතර සිටි, හය වසරෙ මල්ලි කෙනෙක්. 

පාසල් වේදිකාවක් නොවන ප්‍රසිද්ධ වේදිකාවක දිගහැරුණු නාට්‍යයක්, මේ ලියුම්කරු බලපු පළමුවෙනි වතාව ඒක. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත තුනක් තිබ්බා. හමුදා මුරපොළක ඉහළ නිලධාරියෙක් සහ ලාන්ස් කෝප්‍රල්ලා දෙන්නෙක්. එක ලාන්ස් කෝප්‍රල් චරිතයක් රඟපෑවේ රාජිත දිසානායකමයි. අනෙක් චරිතය රඟපෑවේ, පාසලේ එවකට ප්‍රධාන ශිෂ්‍ය නායකයා, ඒ නළුවාගේ නම නලින් පෙරේරා. 

ඔහු තමයි ඒ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළෙත්. ලාන්ස් කෝප්‍රල්ලා දෙන්නා දිගටම එතනම ඉන්නකොට ලොක්කා මාරුවෙනවා.එතකොට දෙන්නා සින්දුවක් කියනව "එන ලොක්කයි යන ලොක්කයි රකිනු දෙවියනේ" කියලා. 

රාජිත දිසානායක වේදිකාවට පෙම් බඳිනකොට නලින් පෙරේරා සංගීතය ලුහුබඳින හැටි අපි බලාගෙන හිටියා. රාජිතගෙ ආශාව තවත් තුන්දෙනෙක් හැටියට පීදුණු 88 අවුරුද්දෙම නලින්ගෙ ආශාව මේරියන්ස් හැටියට අලුතෙන් ඉපදුණා. ලාන්ස් කෝප්‍රල්ලා දෙන්නා කලාවේ Y හන්දියකින් දෙපැත්තට ගියා. 

.

Unknownනලින් මල මිලින වෙලා කියනකොට රාජිත හංසයින්ටත් මං ආසයි කිව්වා. නලින් මුදු කෝමල ගෑනු ළමයිනේ කියනකොට රාජිත ආපහු හැරෙන්න බෑ කිව්වා. ඒක ඒ දෙන්නා හිතල ගත්ත තීරණයක්. ඒත් එකිනෙකට වෙනස් මිනිස් කණ්ඩායම් දෙකක ආදරේ මැදින් දෙන්නම ඉස්සරහට යනවා. හය වසරෙ මල්ලිගෙ, අසූ අටෙන් මෙපිට මතකයේ තිස්තුන් වසරක නිරීක්ෂණ වචන පන්හයසීයක කෙටි සටහනකට කැටි කරන එක ලේසි නැහැ. 

මේ මෑත කාලයේ දවසක රූපවාහිනී සාකච්ඡාවක මේරියන්ස් නලින් හලාවත ගැන මෙහෙම කියනව. "මම අපේ සුන්දර පුංචි ගම ගැන ආඩම්බර වෙනවා. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි. අපේ ගමේ කවදාවත් ජාති භේද - ආගම් භේද තිබිලා නැහැ. යුද්ධය ඉතා දරුණු අවධියේ පවා, අපේ ගමේ සාමය තිබ්බා." 


එදා දෙපැත්තට ගියත්, ලෝකය ගැන හිතන එකම විදිහෙ අදහස් රේඛාවක පය ගහගෙන නලිනුත් රාජිතත් ඉන්නව නේද කියල මේ ලියුම්කරුට ඒ වචන ඇහෙනකොට හිතුණා. හුදු මනමෝහන අතීතකාමයෙන් හෝ හිස් ඉස්කෝල ප්‍රේමයෙන් ඔබ්බෙහි තියෙන සහෝදර ආදරයකින්ඔවුන් වැළඳගන්න පුළුවන් අන්න ඒ නිසයි.

ඉතින්, 1988 ඉඳන් එදා මෙදා තුර ලොක්කො ගොඩක් මාරු වෙවී අලුත් ලොක්කො ආව. මරණය කාලෙන් කාලෙට සුලබ වෙනවා. ජීවිතය රුපියලටත් යටින් බාල්දු වෙනවා. ලක්ෂ ගණනක සහෝදර මිනිස් කැලක් මාරුවෙන් මාරුවට එන ලොක්කයි යන ලොක්කයි රකිනු දෙවියනේ කියනව, ඒත් බලාපොරොත්තු අතහරින්න බැහැ. 

අලුත් අලුත් නාට්‍ය - අලුත් අලුත් චිත්‍රපට - අලුත් අලුත් සින්දු - අලුත් අලුත් පොත් නිර්මාණය වන සංස්කෘතික මද සුළඟ ඕන වෙන්නෙ මිනිස් නිදහස පිළිබඳ අපේක්ෂාවේ ගිනි පුපුර නොනිවී තබාගන්න, මහා ගිනිසිළුව දැල්වෙන දවසට ඒක වටියි. අන්න එදාට Y හන්දියෙන් දෙපැත්තට ගිය තවත් බොහෝ උන් එක හන්දියක මුණගැසේවි. නලින් පුමුඛ මේරියන්ස්, ආනන්ද පද්මසිරි ලියූ පදවැල්, රොෂාන් ද සිල්වාගේ සංගීතයට, සාමේ ඉරේ රැස් දහරාවේ නමින් ගයනවා. එහි එක තැනක මෙහෙම ගැයෙනවා, " "ලෝකෙම මේ එක යායක් වී - ලෝකෙ සැමා එක රෑනක් වී - සාමෙහි ගී රැව් නංවාලූ '- ඒ දාට ලෝ සන්සුන් වේවී..! 

අමරසිරි කලංසූරිය, හාර්ට්ලෑන්ඩ්, සිංහල සිනමාව, ශ්‍රී ලංකාව - (විමල්  කැටිපෙආරච්චි)

(විමල් කැටිපෙආරච්චි)
නිදහස් මාධ්‍යවේදී

''2019 ජූලි මාසේ දවසක්'' ටවර් රඟහලට... 
 

සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "2019 ජූලි මාසේ දවසක්" ඔක්තෝබර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 3.30 සහ 6.30යි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...