BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බ්‍රිට්ෂ් වේ පොපියුලර් අවෝඩ්ස් : ජනප්‍රියම සිනමා නළුවා රංජන් - නිළිය උදාරි

T

The Leader

October 16, 2023 • 12:08 AM

බ්‍රිට්ෂ් වේ පොපියුලර් අවෝඩ්ස් : ජනප්‍රියම සිනමා නළුවා රංජන් - නිළිය උදාරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ ජනප්‍රියම සිනමා නළුවා ලෙස රංජන් රාමනායක ද, ජනප්‍රියම සිනමා නිළිය ලෙස උදාරි වර්ණකුලසූරිය British Way Popular Awards - 2023 උළෙලේදී සම්මාන ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ''කදිර දිව්‍ය රාජ'' චිත්‍රපටයයි. 



British Way Popular Awards 2023 සම්මාන රාත්‍රිය ඔක්තෝම්බර් 13 දා නෙළුම් පොකුණ රගහලේදී අති උත්කර්ෂවත්ව සංවිධානය කර තිබු අතර ජනතාවගේ SMS මනාප මත කාණ්ඩ 08 ක් යටතේ ක්ෂේත්‍ර 38 කට මෙහි දී ජනප්‍රිය සම්මාන පිරිනැමිණි. 

මෙම සම්මාන උළෙල සදහා ආරක්ෂක ලේකම් මේජර් ජනරල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 saranga 23

සාරංග දිසාසේකර - තරින්දි ප්‍රනාන්දු

මෙහිදී රූපවාහිනී අංශයේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නලුවාට හිමි සම්මානය සාරංග දිසාසේකර හිමිකරගත් අතර, එහි ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය සම්මානය තරින්දි ප්‍රනාන්දුට හිමි විය. 

සංගීත අංශය යටතේ වසරේ ජනප්‍රියම ගායකයා සම්මානය චාමර වීරසිංහ විසින්ද, ජනප්‍රියතම ගායිකාව ලෙස ශෂිකා නිසංසලා හිමිකරගන්නා ලදි.  

විශේෂ සම්මාන අංශයේ  2023 වසරේ ජනප්‍රියම ගුරුවරයා සම්මානය ''දිනේෂ් මුතුගල'' හිමිකරගත්තේය. 

386759852 6457423927718819 7807218353467001644 n

පියුමි හංසමාලි - චන්දිමාල් ජයසිංහ

ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පියාට හිමි සම්මානය ''චන්දිමාල් ජයසිංහ'' වෙත හිමි විය. 

ජනප්‍රියම ඡායාරූප ශිල්පියා ලෙස ''ඩාක් රූම්'' ද, ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ''වනිදු හසරංග'' ද, ජනප්‍රියම රූපලාවන්‍යාගාරය ''ටෝනි ඇන්ඩ් ගයි'' ද, ජනප්‍රියම නර්තන ශිල්පියා ලෙස ''ලලිත් පැරකුම්'' ද, ජනප්‍රියම නර්තන ශිල්පිනියන් ලෙස ''අනූ සහ කනූ'' ද හිමිකරගත්තාය. 

391562094 723716169774002 6031288217460382457 n

''අනූ සහ කනූ''

සුසිල නිශ්පාදන අධිපති ටෙලි නාට්‍ය නිර්මාණවේදී නාලන් මෙන්දිස්, '' බ්‍රිට්ෂ් වේ පොපියුලර් එවෝඩ්ස් 2023 ජීවිතයට එක් වරක් පමණක් හිමි සම්මානයෙන් පිදුම් ලැබිය.

සමාජ සත්කාරකරණයට නව ස්වරූපයක් ලබා දෙමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා එක්ව මිනිසුන්ව එක්රොක් කර ගනිමින් නිර්මාණය කළ සමාජ සත්කාර වැඩසටහන් පෙළ වෙනුවෙන් ''කප්රුක'' ආයතනය (kapruka.com) බ්‍රිටිෂ්වේ පොපියුලර් එවෝඩ්ස් සම්මාන 2023 ගෞරව සම්මානයට පාත්‍ර විය. 

392878020 872472707581224 2378378434619747464 n

''වස්ති ප්‍රොඩක්ෂන්''

අපහාසයෙන් තොරව උපහාසයෙන් සමාජය ආමන්ත්‍රණය කළ මුද්‍රිතයෙන් විද්‍යුතයෙන් පියවරෙන් පියවර පැමිණි මාධ්‍ය ලෝකයේ සමාජ මාධ්‍යයේ ලංකාවේ නාමය අඩුම වීඩියෝ ප්‍රමාණයකින් ජාත්‍යන්තරයට ගෙන ගිය නව රැකියා උත්පාදනය කරමින් කර්මාන්තයක් ලෙස වර්ධනය කර නව්‍ය සංකල්ප ආයෝජනය කර, පිටරට ඩොලර් ලංකාවට ගෙනා සින්තටික් රූප වෙනුවට සිනමාත්මක රූප විශ්ව භාෂාව වූ රස ගන්වා ගුණාත්මක තැනකට ඔසවා තබා පසු පරපුරක් එනු දැක එහි නියමුවන් ලෙස නොබියව නොසැලී සම්ප්‍රදාය අතික්‍රමණය කළ නිසාවෙන් බ්‍රිට්ෂ් වේ පොපියුලර් එවොඩ්ස් 2023 සමාජ මාධ්‍ය සන්නාමය ලෙස ''වස්ති ප්‍රොඩක්ෂන්'' පිදුම් ලැබීය.

මෙහි දී සමාජ මාධ්‍ය, යූ ටියුබ්, ටික්ටොක් වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සම්මාන ප්‍රදානය කෙරින.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...