BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සම්මාන හෙලුව හෙළිකරන 'ගෞර ග්‍රන්ථ'

T

The Leader

October 16, 2023 • 1:51 AM

සම්මාන හෙලුව හෙළිකරන 'ගෞර ග්‍රන්ථ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ ලේඛක ජයසිරි අලවත්ත විසින් රචිත පස්වන ප්‍රබන්ධය ‘‘ගෞර ග්‍රන්ථ’’ ය.
  • ජයසිරි අලවත්ත රචිත කෘති ඔහු මෙතෙක් රචනා කළ ප්‍රබන්ධ කතාවලට වඩා හාත්පසින් වෙනස් ම අනුභූතීයක් ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය රචනා කිරීමට තෝරාගෙන ඇත.
  • සාහිත්‍ය සමාජය උඩු යටිකරමින් යම් යම් අවස්ථාවන්වලදී සාහිත්‍ය සම්මාන පවා මෙවැනි මංකොල්ලකෑ කෘති සඳහා තෝරාගත් බවත් මට මතකය.
  • එනිසා ජයසිරි අලවත්ත මේ කෘතිය රචනා කිරීම ඇත්තෙන්ම සතුටට කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මින් පෙර ‘‘අක් දහර’’, ‘‘තිත් මල්’’ , ‘‘ආදරණීය පළිගැනීමක්’’ හා ‘‘මතඟනා’’ නමින් නවකතා හතරක් රචනා කොට ඇත.

මතඟනා' : සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය

ජයසිරි අලවත්ත රචිත කෘති

ඔහු මෙතෙක් රචනා කළ ප්‍රබන්ධ කතාවලට වඩා හාත්පසින් වෙනස් ම අනුභූතීයක් ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය රචනා කිරීමට තෝරාගෙන ඇත.

ලංකාවේ බහුලව එමෙන්ම රහසිගතව සිදුකෙරෙන බුද්ධිමය දේපළ මංකොල්ලය ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතියේ අන්තර්ගතය වේ.

සාහිත්‍ය සමාජය උඩු යටිකරමින් යම් යම් අවස්ථාවන්වලදී සාහිත්‍ය සම්මාන පවා මෙවැනි මංකොල්ලකෑ කෘති සඳහා තෝරාගත් බවත් මට මතකය.

එනිසා ජයසිරි අලවත්ත මේ කෘතිය රචනා කිරීම ඇත්තෙන්ම සතුටට කරුණකි.

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'
සම්මාන සතු කරගැනීමේ නොනිම් ආශාව හේතුකොටගෙන සිදුවන සාහිත්‍ය අකටයුතුකම් අප කොතෙකුත් කියවා අසා ඇත. ජයසිරි අලවත්ත එවැනි එක් සිද්ධියක් හරි අපූරුවට ‘‘ගෞර ග්‍රන්ථ’’ තුළින් පාඨකයා හමුවේ තබයි.

‘‘මං ලියන එක නවත්තන්නෑ. ඒක කාටවත් නවත්තන්නවත් බෑ. දැං මයි හිතේ ඔය ගෞර ‘‘ගෞර ග්‍රන්ථ’’ සම්මානෙ පටං අරං අවුරුදු විස්සක් විතර ඇති. ඒ අවුරුදු විස්ස අතරෙ තමයි මං හතර පාරක් ම ඒ සම්මානෙ දිනුවෙ. මං දැං ට්‍රයි කරන්නෙ පස්වෙනි වතාවටත් ඒක දිනාගන්න එතකොට එයාලත් දිනුං මාත් දිනුං...’’ (43 පිටුව)

විදුධර අභිමන් දිසානායක කතානායක කීපවරක් සම්මාන දිනූ ප්‍රවීණ ලේඛකයෙකි. ඔහු විසින් රචනා කරන මීළඟ කෘතියටද සම්මාන හිම්වෙන බැව් ඔහු පවසන්නේ දැඩි බලාපොරොත්තුවකිනි; විශ්වාසයකිනි. ඔහු සම්මාන සඳහාම කෘති රචනා කරන්නෙකු බව ‘‘ගෞර ග්‍රන්ථ’’ කතුවරයා උපහාසාත්මකව ඉඟියක් සපයයි.

ඔහු ඉතා සටකපට ලේඛකයෙකි.

පාඨකයා තුළ විවිධ චරිත මැවෙන කතා සහ සිද්ධි රැසක් මේ කෘතිය තුළ අන්තර්ගත ය.

අනිත්‍යා ආකර්ෂණී සිරිමාන්න යනු ලේඛනයක් හෝ සාහිත්‍ය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්නා කාන්තාවකි. එහෙත් ඇයගේ ඒකායන පරමාර්ථය ‘‘ගෞර ග්‍රන්ථ’’ සම්මානය හිමිකර ගැනීම ය. ඊට ඇය වඩා ලොල් වන්නේ සම්මානය සමඟ ලැබෙන විශාල මුදල් කන්දරාව නිසා ය. එනිසා කුමන මාර්ගයකින් හෝ සම්මානය හිමි කරගැනීමට ඇය තම උපරිම ශක්තිය යොදන්නී ය. වත්මන එවන් චරිත ගැන සාහිත්‍ය ක්ෂේත්‍රයේ අප කොතෙකුත් අසා කියවා ඇත. තමන්ගේ නම සඳහන් කරමින් අනුන්ගේ නිර්මාණ සොරාගෙන ප්‍රකාශයට පත්කරන්නන්, අන් අයකුගේ නිර්මාණ වෙනස් කරමින් තම නාමය යොදමින් නිර්මාණ එළිදක්වන්නන්, අද සමාජ මාධ්‍යයේද සුලබ ය.

සාහිත්‍ය මංකොල්ලයක අඳුර විනිවිදින 'ගෞර ග්‍රන්ථ'

‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය තුළ අනිත්‍යා ආකර්ෂණී නියෝජනය කරන්නේ එවන් හිස් චරිත ය.

‘‘චේතියයි අනිත්‍යයි මට හොඳටම පොවල, මං අනිත්‍යත් එක්ක සෙක්ස් කරන්න ට්‍රයි කරනව වගේ දැනෙන විදිහට වීඩියෝත් කරල මාව කිඩ්නැප් කරානෙ. ඒ ගෙනිච්චෙ දෙනියායෙ තියෙන එයාලගෙ ගෙදරට. දෙන්න හැම දෙයක් ම කරල තිබුණෙ ප්ලෑන් කරල...’’ ( 209 පිටුව)

පිටුවෙන් පිටුව කියවන විට අපට දැනෙන කුතුහලය නිසාම ‘‘ගෞර ග්‍රන්ථ’’ අත් නොහැර කියවාගෙන යා හැකි රහස් පරීක්ෂක කතාවක් බදු කෘතියකි.

‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය කියවන පාඨක මනසේ සම්මාන උළෙල පිළිබඳවත්, සම්මාන විනිසුරුවන් පිළබඳවත් ඇතිවන කුහුල වැළැක්විය නොහැකි ය. සාහිත්‍ය හෝ සිනමා වේදිකා ටෙලි යන කුමන සම්මාන විනිශ්චයක් අවසන වුව ද අපට ඇසෙන්නේ විවිධ කතාන්දර ය. ඒවා අඩු වැඩි නැති සත්‍ය සිද්ධීන්ය. විනිශ්චයක් යනු සියලු දෙනාගේ සිත් සතුටු කළ හැකි දෙයක් නොවන බව සත්‍යයකි. එහෙත් විනිශ්චය සභාව විනිශ්චයට අදාළ සියලු නිර්මාණ පරිශීලනය කරනවාදැයි සැක සහිත අවස්ථාවන් ද නැත්තේ නොවේ.

සාහිත්‍ය මංකොල්ලයක අඳුර විනිවිදින 'ගෞර ග්‍රන්ථ'

ජයසිරි අලවත්ත

ඒ සියළු අකටයුතුකම්, කල්ලි,කණ්ඩායම් වාද හා බුද්ධිමය දේපළ මංකොල්ලය ද හෙට දවසේ සාහිත්‍යය පිළිබඳ ගැටලුවක් ඇති කරන බව විශ්වාසය. එවන් කතිකාවක් පවතින මොහොතක ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතියක් ලෙස ප්‍රකාශයට පත්වීම ගැන මට ඇත්තේ සතුටකි

Screenshot 2023 10 16 at 12.18.27(මංජු නැදගමුව)
manjunadagamuwa@gmail.com
උපුටා ගත්තේ manjunadagamuwaගේ facebook වෙතිනි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...