BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'පැරඩයිස්' ඉන්දීය මංගල දැක්ම මුම්බායි සිනමා උළෙලේ දී

T

The Leader

October 25, 2023 • 1:10 AM

'පැරඩයිස්' ඉන්දීය මංගල දැක්ම මුම්බායි සිනමා උළෙලේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානිත සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ''පැරඩයිස්'' චිත්‍රපටයේ ඉන්දීය මංගල දැක්ම මුම්බායි සිනමා උළෙලේ දී සිදු කිරීමට නියමිත ය.
  • දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ට්‍රිලන් ශාස්ත්‍රි විධායක නිෂ්පාදනයෙන් පැරඩයිස් සදහා එ‍ක්ව සිටිති.
  • ඒ Icons South Asia නම් කාණ්ඩය යටතේ ඔක්තෝබර් 29 එරට වේලාවෙන් පස්වරු 1.45ට සහ 30 වැනිදා පස්වරු 4ට මුම්බායි හි දී යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ Icons South Asia නම් කාණ්ඩය යටතේ ඔක්තෝබර් 29 එරට වේලාවෙන් පස්වරු 1.45ට සහ 30 වැනිදා පස්වරු 4ට මුම්බායි හි දී යි.

දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානය ද මෙවර දිනා ගනු ලැබුවේ ප්‍රසන්න විතානගේ විසිනි. 

Paradise 2023.10.14

පැරඩයිස් 

ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම් ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන පැරඩයිස් නිෂ්පාදනය කරන ලද්දේ කේරළ චිත්‍රපට සමාගමක් වූ නිව්ටන් ෆිල්ම්ස් සමාගමයි. මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා තිරගත කරවන ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස සැලකේ. 

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවලක් වන රෝෂන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියන් රාශියක් පැරඩයිස් සදහා රංගනයෙන් දායක වෙති.

ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමා ශිල්පීන් වනරාජිව් රවී  කැමරා අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සඳහා දායක වී තිබේ. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ට්‍රිලන් ශාස්ත්‍රි විධායක නිෂ්පාදනයෙන් පැරඩයිස් සදහා එ‍ක්ව සිටිති.



සබැඳි පුවත්:
ලංකාවේ චිත්‍රපට දෙකක් මෙවර බූසාන් සිනමා උළෙලට තේරෙයි

ප්‍රසන්න ගේ 'පැරඩයිස්' සිනමා පටයට ජාත්‍යාන්තර සම්මානයක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...