ඒ තුළින් හෙට දවසේ මානව දයාවෙන් පිරිපුන්, සංවේදී සහ ජය පරාජය එක සේ දරාගතහැකි විනය ගරුක පුද්ගලයෙකු සමාජයට දායාද කිරීම වැඩිහිටි සැමගේ පැතුමය.
නිම්තරා ගිනිගේ වයස අවුරුදු පහළොවක පාසල් ශිෂ්‍යාවකි. කොළඹ එළිසබෙත් මොය(ර්) ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන ඇය, පාසල් අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද නිසඟ කුසලතා දක්වන දියණියකි.
සෞන්දර්ය විෂයන් ලෙස නර්තනය සහ සංගීතය හදාරන නිම්තරා, ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යාපිත් විසින් පිරිනමනු ලබන කීර්තිමත් ‘විශාරද’ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූවාය. ඒ භරත නාට්‍යම් සඳහා විශාරද පළමු පෙළ සාමාර්ත්‍යයක් සහ සිතාර් වාදනය සඳහා විශාරද දෙවැනි පෙළ සාමාර්ථයක් ලබා ගනිමින්ය. එකම වර්ෂයක් තුළ දී වාදන සහ නර්තන ක්ෂේත්‍රයන් හි විශාරද සාමාර්ථ ලබා ගැනීමට ඇය සමත්කම් දැක්වීම විශේෂතාවයකි.
විභාග මට්ටම් පහ සාර්ථකව නිම කිරීමෙන් පසු භාත්ඛණ්ඩේ ආයතනය විසින් පිරිනමනු ලබන ‘විශාරද’ ජයග්‍රහණය ඉන්දීය උප මහද්වීපයේ උපාධි මට්ටමට සමාන වේ. සෑම අදියරකදීම අපේක්ෂකයින් භාත්ඛණ්ඩේ සංගිත් විද්‍යාපිත් ආයතනය විසින් පවත්වනු ලබන ලිඛිත විභාගයකට පෙනී සිටිය යුතු අතර ඉන්දියානු මහාචාර්යවරුන් විසින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණයකට ද මුහුණ දිය යුතුය.
සිතාර් වාදනය හා භරත නාට්‍යම් යන අංශ දෙකෙන්ම 2019 වසරේ ප්‍රවේශිකා විභාගය ද, 2020 වසරේදී ප්‍රථමා විභාගය ද, 2021 වසරේ දී මධ්‍යම විභාගය ද සමත් වූ ඇය 2022 වසරේ දී එම අංශ දෙකෙන්ම විශාරද I විභාගයට පෙනී සිටියාය. එමෙන්ම මෙම වසරේ දී විශාරද II විභාගය සම්පූර්ණ කිරීමට ඇය සමත්වූවාය.
මෙම විශාරද විභාගය සදහා සිතාර් වාදනයේ රාග 12ක් ඇය ප්‍රගුණ කල බවත් භරත නාට්‍යම් විභාගය සදහා ජෙතිස්වරම්, ශබ්දම්, පදම්, අෂ්ටපදම්, තිල්ලාන, ස්ලෝකම් යන නර්තනයන් ප්‍රගුණ කල බවත් අවසන් මාස දෙක තලදී ඇය දිනපතා පුහුණුවීම් වල යෙදුන බවත් පැවසුවාය.
ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී විශාරද සිදත් සෝමසුන්දරම් මහතා යටතේ සිතාර් වාදනය ප්‍රගුණ කළ නිම්තරා, ප්‍රවීණ නර්තනාචාරිණී විශාරද බුද්ධි රත්නකුමාරි මහත්මිය යටතේ භරත නර්තන ශිල්පය හැදෑරුවාය. මෙම ආචාර්යවරුන් දෙපළගේ මඟපෙන්වීම හා කැපවීම මෙම ජයග්‍රහණයන්ට පාදක වූ බව ඇය මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළාය.
මෙවන් විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කියන්නට තමන්ට හැකිවූයේ තමා පිටුපස සිටින ආදරණීය සෙවනැල්ල වන දෙමව්පියන්ගේ කැපවීම හා දිරිගැන්වීම බව මහත් සෙනෙහසින් යුතුව සිහිපත් කිරීමට ද ඇය අමතක නොකළාය.
මෙම ජයග්‍රහණයන්ගෙන් නොනැවතී ඉදිරියට යන ඇය මේ දිනවල ලන්ඩන් ට්‍රිනිටි විද්‍යාල සංගීත විභාගයේ පියානෝ වාදන 7 ශ්‍රේණිය කාණ්ඩය සඳහා පුහුණුවීම් අභ්‍යාසවල නිරතවන්නීය. විද්‍යාලයීය ප්‍රවෘත්ති සංගමයේ සාමාජිකාවක් ද වන නිම්තරා, පැසිපන්දු ක්‍රීඩාවට ඉමහත් ඇල්මක් දක්වයි.
එක් වර්ෂයක් තුළ වාදන හා නර්තන විශාරද සාමාර්ථ්‍යය ලැබූ 'නිම්තරා'
T
The Leader
October 27, 2023 • 5:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්‍රීඩාව, සෞන්දර්යය හා කලාව දරුවකුගේ පෞරුෂය මැනවින් සංවර්ධනය කිරීමට බෙහෙවින් බලපාන සාධක වේ.
- සිතාර් වාදනය හා භරත නාට්‍යම් යන අංශ දෙකෙන්ම 2019 වසරේ ප්‍රවේශිකා විභාගය ද, 2020 වසරේදී ප්‍රථමා විභාගය ද, 2021 වසරේ දී මධ්‍යම විභාගය ද සමත් වූ ඇය 2022 වසරේ දී එම අංශ දෙකෙන්ම විශාරද I විභාගයට පෙනී සිටියාය.
- එමෙන්ම මෙම වසරේ දී විශාරද II විභාගය සම්පූර්ණ කිරීමට ඇය සමත්වූවාය.
- මෙම ආචාර්යවරුන් දෙපළගේ මඟපෙන්වීම හා කැපවීම මෙම ජයග්‍රහණයන්ට පාදක වූ බව ඇය මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



