BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

හැඟුම්කරණයේ ගිනියම: වැලිකඩ අස්න - (සුජිත් අක්කරවත්ත)

T

The Leader

January 12, 2024 • 11:30 PM

 හැඟුම්කරණයේ ගිනියම: වැලිකඩ අස්න - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අති සියුම් කාව්‍ය භාෂාවක ප්‍රභාවක් ඇගේ කවි ලතාවේ වේ. එය කාව්‍ය වාග් රටාව දෙසට නවමු මානයක් එක් කිරීමක් බව දනවයි.
  • තත් සමාජයෙන් වත්මන දක්වා ඇදෙන ඇගේ කවිකාර වීමංසාව විටෙක ඉතිහාස භාව රිද්මයයේ පොදු වේදනාවක් ගෙන හැර ඇත්තේය.
  • නොවේ නම් සමාජීය පාප ක්‍රමය ඔද්දල් කර ඇති ජීවිතයද?
  • මේ සියල්ල දෙස බලන්නට දෑස් පිහිදා දැමූ කාව්‍ය ගෙත්තම් පද පෙලක් සේ "වැලිකඩ අස්න " මාගේ කියවීම් කලාපයේ ස්ථානගත වූ බව කිව යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

“වැලිකඩ අස්න” ඔස්සේ අනුරාධාවන් හැර ගසන දොරටුව ලය මානීය විලාපයේ සමාජීය පුපුරා යාමක් තරම් විසල්ය. ගොරගුරම් ආධිපත්‍යය දෙදරවන කාව්‍ය ශාපයක් සේ විටෙක හැඟේ. තත් සමාජයෙන් වත්මන දක්වා ඇදෙන ඇගේ කවිකාර වීමංසාව විටෙක ඉතිහාස භාව රිද්මයයේ පොදු වේදනාවක් ගෙන හැර ඇත්තේය. ඒ පුරුෂත්වයද එක විටෙක  එකට සමෝධානය කර ගනිමින් යැයි හැගෙන තරම්ය.

ජීවිතයේ පරිධියට එබී බලන ගැහැණිය ද? නොවේ නම් සමාජීය පාප ක්‍රමය ඔද්දල් කර ඇති ජීවිතයද? සැබැවින්ම අනුරාධා නිල්මිණීය ස්ථාන කර ගන්නා විෂය ආවාටය ස්ත්‍රීන්ගේ වේදනාවද? කෝපයද? නොවේ නම් පොදු භාවයේ අනුවේදනාත්මක පාපතරයද. මේ සියල්ල දෙස බලන්නට දෑස් පිහිදා දැමූ කාව්‍ය ගෙත්තම් පද පෙලක් සේ "වැලිකඩ අස්න " මාගේ කියවීම් කලාපයේ ස්ථානගත වූ බව කිව යුතුය.

 

 අන් අතකින් ඇය ඉතිහාස හද පපුවේ ස්ථානීය හෘදය පසාරු කරවා ඇතැයිද දනවයි. “ඉතිහාස ස්ථානීය 419358083 3560844634166339 4192284462672702317 nහෘදය” සේ මම දකින්නේ ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ දෙබෙදුමය. මෙම දෙබෙදුම ගැන පාර්ශවීයව බලන්නට රුචි නොවෙමි. ස්ත්‍රියට පුරුෂයන් විසින්ද පුරුෂයාට ස්ත්‍රිය විසින්ද සිදුකරගෙන ඇත්තාවූ  පොදු අයුක්තියක් ඇතැයි හැඟේ. එය වෙන තැනකදී කතිකාවට භාර ගත යුතුය. එබැවින් අනුරාධා නිල්මිණියයේ කවි ගත එම ද්වාරය හැර ගැනීමට පෝසත් තැනක් බවත් මෙතනදී ලියා තබමි.

 


ස්ත්‍රියගේ ඓතිහාසික භාව අපේක්ෂාවන් කෙතරම් දිගුව කාල අවකාශය රිද්මය මැදින් විදුලි වේගයෙන් දුව එන්නේද. එය අකුණු සැරක් සේ ගිනියම් කල බස් වහරක හැඟුම්කරණය කර ඇත්තේය. "වැලිකඩ අස්න" එවන් පද විස්කමක් බව කිව යුතුය. එය ස්ත්‍රියගේ සුකලක වේදනාවක හැගීම් වල බර බව මෙන්මය. කුවේනියගේ විලාපය හා ශාපයේ ගලා යාම ගෙනවිත් ඇත්තේ එම ප්‍රස්තුතය වෙත සහෘද මනස යා කරවමිනි. ඉතිහාස මූලය හා විත්ති ප්‍රවාද නොවේ නම් පපුවේ ලියා ගෙනවිත් ඇති ජන අන්දර වල සිට ජීවන ලලාවන් අතර උඩු යටිකුරු වන හද ගැහීම් ඇය වියමන් කර ඇත්තේ ශූර ලෙසය.
අතීතය හා වත්මන අතරින් දිවයන සිද්ධි කලාපයට ආගන්තුක බවත් නොමැතිවම වර්තමානිකයාව ගොඩකරයි. රූපකයන් සපිරි ශූර භාෂා ධ්වනියකින් හෙඹි බව සටහන් කළ යුතුය. පුරුෂ ඥාණ කලාපයට සිතුම්කරණය කළ නොහැකි සිතුමන් ඇය සිංහල කාව්‍ය කලාපයට විහිදා බහාලීම දාර්ශනික අවධියට කවිය ගෙන ඒමේ පෝෂණ බව පෙන්වයි. අන් අතකින් ඇගේ අතින් මැවෙන වදන් හා ජනශ්‍රැතිය සහ ජන මූල තාලයන් සබැඳි අතීත පවත් පුවත් අතර සම්‍යතාව තීව්රය. එය ස්ත්‍රී කම්පනයේ ඓතිහාසික ප්‍රාණ භාවය එක් විට අවදි කළ තරම්ය.

මෙහිදී වෙසෙසින්ම ලියා තැබිය යුත්තේ වැලිකඩ අස්න ඔස්සේ අනුරාධා නිල්මිණි යථාගත කරන වාග් වහරය. කාව්‍ය වහරක වාග් වහර මෙවන් තේමා තලයක මෙවන් අයුරින් පද තාලවත් කිරීමය. මහාවංශයෙහි ප්‍රකට මානව හැඟුම්කරණය කුවේනියගේ අනාථභාවය සේ දිස්වේ. සැබැවින් එය විජයගේ ආල අතුරයාද සහිත වන බව කිව යුතුය. ස්ත්‍රී පුරුෂ සමනය කල නොහැකි විභේදන භාවය ලංකා ඉතිහාස කතාව විෂය තේමාවට ගත් අපූරුව අප කථා කොට නැති තරම්ය. අනුරාධාගේ කවි පොකුර ඒ කථාවටම එන්නට  අතුරු මාවතක් හදන ගෙතීමක් සේ දැනේ. එවිට යලි හැරිය යුත්තේය.

img 20231213 0006

ඒ ඉතිහාස  සංඥාව වෙත වර්තමාන සංසිද්ධි කැදවමින් ලාංකික  ස්ත්‍රී ජීවන මාපකයේ සිත් සසලවන කතාංග ඔස්සේ යථාවේ අපව සැරිසරන "වැලිකඩ අස්න" දෙසටය. භූමිය පතුලේ ඇත්තම බැලීමට හෙලන ඇගේ නිපුන සහ තියුණු වදන් අනුරාධාගේ පෙර කෘති වල නොවුනු වර්ධනීය භාෂා අන්වීක්ෂයක් සේ මට දැනේ. සමාජ පතුල හා ස්ත්‍රී ආත්මයේ භූගත ඉමට වදන් නිරීක්ෂනයෙන් ඇය හාරන පාදම එතරම් පුළුල් වපසරියක්ය.

කෝමළ වදන් මිහිරක් නැති තැන කවියක් විය හැකිද. ලාවන්‍ය පද ගෙතීමකට කල හැකි සියුම් බව මෙවන් අග්නීමය පද වරුසාවකින් කල හැකි වන්නේ කෙසේද. අනුරාධා, "වැලිකඩ අස්න" කවි පෙළ ඔස්සේ කවි ලතාවේ කවි මඟ ගැන නව නිමාවක් පාදා ඇතැයි කියනුයේ  එබැවිනි. ළපටි කවි මඟින් බොහෝ දුර ඇස් පාදාලු ඇයගේ කවිය සුසමාදර්ශනයෙන් තියුණු අසිපතක් දෝලනය කරන හැටි නම් අපූරුය. භාෂාව හා අත්දැකීම් සහ මොහොත එකට යා කරවන මේ නව නූතන භාෂා ශානරය සිංහල කවියට නව යුගයක් පාදනා ධාරන දහරාවක් වැනිය.කවිය පුරාණචාරීන්ගේ ආකෘතික වට තාප්පයෙන් මුදා ගැනීම සඳහා "වැලිකඩ අස්න" ආදර්ශ මාවතක් සපයා ඇතැයි සිතේ. මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ කවි භාෂාවට යා නොහැකි වූ දුරකට අනුරාධා යමින් සිටින සේයාවක් පසක් කලේ මේ කවි එකතුවය. බලන්න ඇය ගොතන මේ ගෙතුම.

 "පස්සෙ බඩකුත් දරන් තේ හදන අතුගාන  AUTOx600 processed art 2022 10 45514127 93a1 424a b524 993aa0940d70 main master
රස්සාව බැංකුවක කොටුවේ
ඉස්සි ඉස්සී බලන ටිකක් වයසක එකෙක්
හිටිය ලොකු සිකුරිටිගේ පුටුවේ
පස්ස උස්සා දුවන කොඩයි කෝමත් එකයි
නාග බිත්තර උන්ගෙ අටුවේ
අස්සනට කර අරින  මස්සිනාවරු තමයි
දකින හැම කොටුවටම කෙටුවේ....” (පිටුව 14)
 
“මලක් මල් රේණුවක් වාගේ හරි ආදරෙන්...
ඉහ මත්තෙ තියාගෙන රැක්ක
දුවක් අඹුවට ගත්ත තාත්තෙක් දකිද්දී
ගෑණුකම මන්නෙකට වික්ක” (පිටුව 16)
 
“යකඩ යතුරු - පළිඟු දාර
ගිලිමි - හාමතේ
වමාරවයි - තලා නිමිත්ත
මතක - මළ පොතේ” (පිටුව 41)

නව යුගයට කවි දොර හැර දුන් ගජමන් නෝනා, රංචාගොඩ ළමයාගෙන් හැන්සි විජේකෝන්ටද, එතැනින් මොනිකා රුවන් පතිරණටද ගලා විත් ඇති කවි මඟ කුමක්ද? කවියේ ස්ත්‍රී දායකත්වයෙහි මෙම කැපී පෙනෙන කාව්‍ය පරිකල්පනාවන් සහිත ගැහැණුන්ගේ චිත්තාවේගයන් පැහැදිලිය. අනුරාධාද නව නූතන සමයේ එහි අතිප්‍රබල වාග් චිත්‍රණය මවන්නියක් සේ හැඟේ. ස්ත්‍රීය කවිය භාවිතා කරන්නේ තම භාවයේ දෝලනයක් ද ගෙන හැර පාමිනි. මානව සමාජ ගමනේ දීර්ඝ අයුක්තියකට මුක්තිය මොර ගෑම මේ සා බලවත් බව ඒ නිසා දනවයි. “වැලිකඩ අස්න” ඒ පෝසත් කවි ධ්වනිත කර ඇත්තේ කුවේනිය නූතන කුවේනි සමූහයකට සම්මුඛ කරමිනි. මෙහිදී කිවිඳිය අනුරාධා භාවිතා කරන අති නූතන කාව්‍ය ප්‍රයෝග සිත් ගනී. අති පුරාණ ධාරණ තේමා වලින් අති නූතන වාග් රිද්ම උපදවා ගැනීමේදී අනුරාධ පානා සවිමත් භාෂා විශදය සැබැවින්ම ඇගේ කවි මඟහි දිගු දිශාවක් විහිදුවයි.

අන් අතකින් පුරාවෘත දත්ත හා ඓතිහාසික මනෝ චෛතසිකමය ප්‍රවාද මූලාශ්‍ර, ජනාන්දර සමඟ නූතන රූපකයේ සම්මිශ්‍රණය පර්යේෂණමය බැල්මකි. මන් ද ඇය මුණ ගස්සවන සමාජ සංසිද්ධිය කෙතරම් ප්‍රකම්පනමයදැයි දන්වන්නේ එම කාව්‍ය තාලයදැයි හැඟේ. පැරණි වදන් ස්වකීය කවිය සරසන කෘතිම ඈදා ගැනීමක් නොකරයි. ඇය විසින් වර්තමානිකයාගේ පපු කුහර තුලට කවිය කාවද්දාලන වේගමානයක් කර ඇති අයුරු විමසිය යුතු තරම්‍ය.

 “මයේ පැටෝ දෝ ඒ නැති දෝ         839eca521f0746d7bcc743c368f51945 opt.jpg
උන් කාගේ දෝ
උඹේ පැටෝ දෝ හෝ නැති දෝ
උන් කාගේ දෝ
රැහේ පැටෝ දෝ දෝ නැති දෝ
උන් කාගේ දෝ
ඉහේ පටන් දෙපතුළ සිඹ සිඹ
මම් වෑවෙම් දෝ”

“වැලිකඩ අස්න”, සංකේත කරණයෙන් ඇරඹුමක් බවට පත් කරන්නේ අනුරාධා අමුතු තැනකිනි. “වැලිකඩ” නම් පොදු භාෂා භාවිතයේ දැනීම් හැඟීම් වෙන ආකාරයකට ඇය මතු කරයි. ඒ ස්ත්‍රී විලාපයේ හැඟුම්කරණීය ස්ථානීය තේමාව සේය. ස්ත්‍රිය වැලිකඩ ඇතුලේ පුපුරුවන භව දුක් අදෝනාවේ පිපිරිල්ල වාග් වෙඩිල්ලක් වැනිය. එය ඇට නහර පපු කුහර ඇතුලටම දනවයි.

 “අසා පළක් - නොවේය
ඒ නඩුව - යළිත් යළිත්
වසා දැමූ පසුත් - එබේය
හදවතින් - ඇසක්” (පිටුව 42)

මෙවන් වර්ධනිය ශූරතාවයකින් හෙඹි අනුරාධාගේ කවි පොතේ ප්‍රබලය ලෙස මම දකින්නේ, ඇය භාෂා හැඟීම් සුමට නොකොට දළ කොට තැබීමය. පළමු අග්බෝ රාජ සමයේ (ක්‍රි.ව. 575) සිටි කිවිඳිය "බිසෝ" සිහිවිය. ඇයගේ බසේ ප්‍රහාරයේ දළ බව (රළු බව) නිසාම ඇයට “දළ බිසෝ” (රළු බිසෝ) යන නම බැදිණ. රළුව දනවන තැන සුමුදු හදවතකට මාවත තනයි. ස්ත්‍රී කවියේ කුවේනි ශාපය, වැලිකඩ අස්න, ගෙන එන්නේ ඒ හැඟුමයැයි සිතමි. අනුරාධා පිරිපුන් කිවිඳියකගේ බලාපොරොත්තු දල්වයි. ප්‍රාර්ථනාගාමී කිවිඳියක සේ ඇයට යුගයක් ඇතැයි නිසැකවම කිව හැකිය.


Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
sa4408@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...