BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කඳු කියන රහස් මොනවාද? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader

January 13, 2024 • 4:16 AM

කඳු කියන රහස් මොනවාද? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක්
  • ප්‍රධාන වශයෙන්ම කතන්දර කීමේ කලාවක් වන සිනමාවේ කතාව, චරිත නිරූපණය, කලාත්මක ප්‍රකාශනය හා ජීවන දැක්ම එහිදී වැදගත් වේ.
  • ඵහෙත්, ඵවැනි ජීවිත හා සමාජ විවරණයක් සඳහා අවශ්‍ය දැක්මක් අධ්‍යක්‍ෂ ජගත් මනුවර්ණට ඇති බවක් ඔහුගේ දේශපාලනය හා  වෙනත් නිර්මාණවලින් මෙන්ම මෙම චිත්‍රපටයෙන් ද නොපෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය.

එහෙත්, සිනමාව නම් කලාව පිරිපුන් වන්නේ කලාකරුවා නිෂ්පාදනය කරන රසය සමගයි. ප්‍රධාන වශයෙන්ම කතන්දර කීමේ කලාවක් වන සිනමාවේ කතාව, චරිත නිරූපණය, කලාත්මක ප්‍රකාශනය හා ජීවන දැක්ම එහිදී වැදගත් වේ.
 

ලංකාවේ කතාකරුවන්ගේ පොදු දුබලතාව වන කතාවක් ගලපාගන්නට බැරිකම මෙහි ප්‍රධාන අඩුපාඩුවකි. රජය කැරැල්ලක් මර්දනය කරමින් කැරැලිකාර තරුණ තරුණියන් ඝාතනය කර ඔවුන් සියදිවි නසාගන්නා රෝගයකට ගොදුරු වී ඇති බවට ප්‍රබන්ධයක් නිර්මාණය කර ඒ සම්බන්ධ යම් අභිචාරයක් සිදු කිරීම කිසියම් අතුරු හමුදා කණ්ඩායමකට භාර දී ඇති බව චිත්‍රපටයෙන් අමාරුවෙන් තේරුම් ගත හැකිය.
406047365 10161073086176683 8824367687142401898 nලංකාවේ කැරැලි තුනක ඉතිහාසයේ සාමාන්‍ය සංදර්භයක් වූ මේ සරල කතාව කියන්නට ඔච්චර අභව්‍ය වට වංගු ප්‍රහේලිකා මගින් ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරන්නේ කුමටද? මෙය ඉතා පහසුවෙන් යම් එෛතිහාසික සංදර්භයක් තුළ ස්ථානගත කළ හැකිව තිබිණි.

චිත්‍රපටයේ ගැඹුර තිබෙන්නේ අතුරු හමුදා කණ්ඩායමේ සාමාජිකයන්ගේ චරිත නිර්මාණය තුළය. ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, සම්පත් ජයවීර හා ධර්මප්‍රිය ඩයස් නිරූපණය කරන චරිත හතර හා ඔවුන් එකිනෙකා අතර අන්තර් සම්බන්ධය හා ගැටුම් ඔස්සේ ජීවිත හා සමාජ විවරණයක් සඳහා කවුළුවක් විවර වේ.
Kadu 2024.01.13
ඵහෙත්, ඵවැනි ජීවිත හා සමාජ විවරණයක් සඳහා අවශ්‍ය දැක්මක් අධ්‍යක්‍ෂ ජගත් මනුවර්ණට ඇති බවක් ඔහුගේ දේශපාලනය හා 
වෙනත් නිර්මාණවලින් මෙන්ම මෙම චිත්‍රපටයෙන් ද නොපෙනේ.

සංකීර්ණ සමාජ යථාර්ථය අවබෝධ කරගැනීමට අසමත්, දැක්මක් නොමැති කලාකරුවන්ට කළ හැකි දෙය වන වාර්තාකරණය ඉක්මවා යාමට මනුවර්ණ අසමත් වේ. හරවත් සංවාදයකට අවශ්‍ය තේමා රහස් කියන කඳු චිත්‍රපටයෙන් මතු නොවේ.
Pansala nසිනමාකරුවාගේ හා තිරනාටකකරුවාගේ අතරමං වීමේ තරම කතාවට ආයාසයෙන් පුරුද්දා තිබෙන හාමුදුරුවරුන් හා පන්සල් ජවනිකාවලින් සහ බෙරකරුවාගෙන් පෙනේ. ඒවා වනාහි වෙන වෙන චිත්‍රපටයි. චිත්‍රපටයේ ධාරණාවට හෝ සමස්ත රස ජනනයට එමගින් දායකත්වයක් නැත.
ප්‍රතිභා පූර්ණ සිනමාකරුවකු වන ජගත් මනුවර්ණට දේශපාලන දැක්මක් සහිත තිරනාටක රචකයකුගේ සේවය ඕනෑ කර තිබේ.


AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...