BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රංගන ශිල්පියෙකුගේ රංගන ශෛලිය අනුකරණය කිරීම අපරාධමය වරදක්ද?

T

The Leader

January 15, 2024 • 12:24 PM

රංගන ශිල්පියෙකුගේ රංගන ශෛලිය අනුකරණය කිරීම අපරාධමය වරදක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංගනය අනුකරණය කිරීම සිනමාවේ පමණක් නොව එදිනෙදා ලෝකයේ ද දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි.
  • එහෙත් යමෙකුගේ රංගන ශෛලිය අනුකරණය කිරීම අපරාධමය වරදක් නොවන බව දැක්වෙන ඉතා වැදගත් නඩු තීන්දුවක් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරිණි.
  • රංගන ශෛලීන් අනුකරණය කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ නිකුත් කෙරුණු පළමු නඩු තීන්දුව මෙය බව නීතිවේදීහූ පෙන්වා දෙති.
  • ඒ තුළින් තමන්ට ආර්ථිකමය පාඩුවක් සිදුවන බවත් ඒ හරහා සිය බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වන බවත් බන්දු සමරසිංහ සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් කිසියම් නිර්මාණයක් සඳහා යම් රංගන ශිල්පියෙකුගේ රංගනයක් අනුකරණය කළ හැකිද යන්න වන සැකය කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ පැවතුණි.

එහෙත් යමෙකුගේ රංගන ශෛලිය අනුකරණය කිරීම අපරාධමය වරදක් නොවන බව දැක්වෙන ඉතා වැදගත් නඩු තීන්දුවක් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරිණි.

රංගන ශෛලීන් අනුකරණය කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ නිකුත් කෙරුණු පළමු නඩු තීන්දුව මෙය බව නීතිවේදීහූ පෙන්වා දෙති.


berfeවිත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකාර බින්දු බෝතලේගම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.


‘කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක්’

තම රංගන ශෛලිය අනුකරණය කරන බවට චෝදනා කරමින් ප්‍රවීණ රංගන ශිල්පියකු වන බන්දු සමරසිංහ විසින් බින්දු බෝතලේගමට එරෙහිව ගොනුකරන ලද අපරාධ නඩුවක තීන්දුව දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි.

ප්‍රවීණ සිනමා නළු බන්දු සමරසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබුණි.

පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා කර තිබූ චෝදනා පත්‍රය මගින් සඳහන් කර තිබුණේ උදයකාන්ත වර්ණ සූරිය විසින් අධ්‍යක්ෂණය කළ "ගින්දරි" චිත්‍රපටයට රංගනයෙන් එක් වූ බින්දු බෝතලේගම විසින් පැමිණිලිකාර බන්දු සමරසිංහගේ රංගන ශෛලිය අණුකරණය කරමින් රංඟනයක නිරත වී ඇති බවයි.

ඒ තුළින් තමන්ට ආර්ථිකමය පාඩුවක් සිදුවන බවත් ඒ හරහා සිය බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වන බවත් බන්දු සමරසිංහ සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.

ඒ අනුව බුද්ධිමය දේපල පනතේ 178 වන වගන්තිය යටතේ අනුකරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් බන්දු සමරසිංහ අධිකරණයට ඉදිරිපත් කළ සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

නඩු විභාගය පැවති අවස්ථාවේදී අධිකරණය විසින් පැමිණිලිකාර බන්ධු සමරසිංහගේ සාක්ෂියද සටහන් කරගෙන තිබුණි. 

 ‘පැහැදිලි නිර්ණායකයක් නැහැ’

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකාර බින්දු බෝතලේගම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.

එම තීන්දුව තුළින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණේ "මෙම නඩුවේදී බුද්ධිමය දේපළ කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය සාක්ෂි දී තිබුණා. ඇය සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා බුද්ධිමය දේපළ පනතේ 178 වන වගන්තිය යටතේ රංගනයක් අනුකරණය කිරීම වරදක් වශයෙන් දක්වා නොමැති බව. එය අපරාධමය වරදක් නොවන බවත් ඇයගේ සාක්ෂියෙන් සඳහන් වුණා" ඒ අනුව රංගනයක් අනුකරණය කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස විත්තිකරු විත්තියේ සාක්ෂි නොකැඳවාම නිදොස් කොට නිදහස් කරන බවත් අධිකරණය තීන්දු කළේය.

මෙම තීන්දුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අදාල නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රසාද් සූරියාරච්චි කියා සිටියේ "මේක ඉතා වැදගත් නඩු තීන්දුවක්.මේ නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා යම් කිසිවකුගේ රංගනය ශෛලියක් අනුකරණය කිරීම අපරාධමය වරදක් නොවන බව. මොකද රංගනය කියන දේ අනුකරණය කරන්න පුළුවන්.”



“රංගන ශෛලිය අනුකරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට නම් එම අනුකරණය සිදුවන බව ඔප්පු කිරීමට පැහැදිලි නිර්ණායකයක් තිබිය යුතුයි.” ඔහු පැවසීය.

“එහෙත් රංගන ශෛලිය අනුකරණය කළා කියලා ඔප්පු කරන්න පැහැදිලි නිර්ණායකයක් මේ ලෝකයේ නැහැ. එය විද්‍යාත්මකව ඔප්පු කර හැකි ක්‍රමවේදයකුත් නැහැ.

ඒ නිසා රංගනයක් අනුකරණය කිරීමෙන් අපරාධමය වරදක් සිදුවන බවට නිගමනයකට එළැඹීමකට අධිකරණයටත් අපහසුයි. ඒවගේම අපගේ බුද්ධිමය දේපළ පනතට අනුව අනුකරණය අපරාධමය වරදක් වශයෙන් දක්වා නැහැ." යනුවෙන් නීතීඥ ප්‍රසාද් සූරියාරච්චි සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ ප්‍රසාද් සූරියාරච්චි "මේ නඩු තීන්දුව රංගන ශෛලීන් අනුකරණය කිරීමට අදාලව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම නඩු තීන්දුව වශයෙන් සඳහන් කරන්න පුළුවන්. රංගනයක් අනුකරණය කරන්න පුළුවන්ද බැරිද යන සැකය කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ පැවතුණා. දැන් ඊට පැහැදිලි පිළිතුරක් ලැබී තිබෙනවා."යනුවෙන් සඳහන් කර සිටියේය.

(BBC සිංහල සේවය)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...