BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මීයා අවසන් සති අන්තය අදින් ඇරඹෙයි - (චින්තන ධර්මදාස)

T

The Leader

January 20, 2024 • 2:58 AM

මීයා අවසන් සති අන්තය අදින් ඇරඹෙයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප අපගේ සාර්ථකත්වය මනින්නේ මිතුරන්ගේ සංග්‍රහශීලී වදන් වලින් නොව, සතුරන්ගේ කෝපාවිෂ්ට බැන වැදීම් තුලිනි - වී. අයි ලෙනින්.
  • කොටස් 21ක් පුරා දිගහැරුනු මීයා ටෙලි නාට්‍යයේ අවසාන සති අන්තය අදින් ඇරඹෙනවා.
  • ඇත්තටම මේ ප්‍රමාණය ලංකාවෙ චිත්‍රපටියක් නැරඹුවා නම් ඒ චිත්‍රපටිය අත උඩින් ගොඩ.
  • ඒ මීයා විසින් ඇති කරපු ඩිස්රප්ෂන් එකේ තරමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙනින් මෙහෙම කිව්වා කියල මං ඉස්සර කියවලා තියෙනවා. ලෙනින් එහෙම කිව්වට මට නං සතුරන් කියල ජාතියක් නෑ. හොඳ නරක කියන හැමෝම මිතුරන්ම විතරයි.
419796057 6927041024011639 4932678807983005751 nකොටස් 21ක් පුරා දිගහැරුනු මීයා ටෙලි නාට්‍යයේ අවසාන සති අන්තය අදින් ඇරඹෙනවා. හෙටින් මීයා අවසන් වෙනවා. නිර්මාණයකින් දිග කාලයක් පුරා ගත්ත ආස්වාදය කෙලවර වීම හිතට දුකක්.


මාත් බෝත් තනි තනිව මෙතෙක් කරපු වැඩ අතරින් වැඩිම ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් අතරට ගිය වැඩේ වෙන්නෙ මීයා. යුටියුබ් එකේ ලක්ෂයකට ආසන්න හෝ ලක්ෂයක් ඉක්මවා යද්දි ITN එකෙන් ඊට වඩා දෙතුන් ගුණයකට මීයා ළගා වුනා. ඇත්තටම මේ ප්‍රමාණය ලංකාවෙ චිත්‍රපටියක් නැරඹුවා නම් ඒ චිත්‍රපටිය අත උඩින් ගොඩ.

කූඹියෝ, කොඩි ගහ යට වගේ නාට්‍යවල ඉඳන් කෝපි කඩේ, දෙවෙනි ඉණිම වගේ නාට්‍ය දක්වාම ලොකු පරාසයක මීයා සංසන්දනය කරමින් විවිධ අය විවිධ දේ කතා කළා. ඒ වගේම මීයා තරම් බැනුම් අහපු කිසිම නාට්‍යයක් නැති එකත් ආඩම්බරයට කාරණයක්. ඒ මීයා විසින් ඇති කරපු ඩිස්රප්ෂන් එකේ තරමයි.

       

 මගේ දැනීමට අනුව මීයා කියන්නෙ ලංකාවෙ වම් ඉවුරෙ නාට්‍ය සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව නිර්මාණය පළවෙනි ලිබරල් මැද අදහසක පිහිටපු නාට්‍යය වෙනවා. වමට හිනාවෙන පළවෙනි වැඩේ මීයා. ඒ හින්දම ගොඩක් අය මීයා ලියන්නෙ රටේ ජනාධිපති රනිල්ද කියල පවා සැක කළා. එතනින් නවතින්නෙ නැතුව මීයා හැන්සාඩ් එකටත් රිංගුවා.

 

              

 

ඒ වගේම මීයා ආදරෙන් වැළඳගත්ත කල්ට් එකකුත් හිටියා. ඒ අය මීයා ගැන විවිධ දේ ලියලා එව්වා. ඒ අය අපේ වැඩක කල්ට් රහ අඳුරන අය. උන් ටික ආදරෙන් වැළඳගන්නවා.

මීයා ටීවී එකට යනකල් උදව් වුනු පිරිස විශාලයි. ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වුනු අය වගේම තිරෙන් පිටුපස ඉඳන් තමන්ගෙ උපරිමය ලබාදුන් පිරිසත් මතක් කරන්න ඕනමයි. මේ වගේ උඩුගං බලා යන නාට්‍යයක් නිෂ්පාදනයට නැවත ලාබයක අරමුණක් නැතුවම මුදල් දුන් සහෝදරයන්ටත් හදවතින්ම ස්තුති නොකර බෑ. උඹලා මාරයි.

මීයා පළවෙනි සීසන් එක මෙතනින් අවසන් වෙනවා. දෙවෙනි සීසන් එක නුදුරු දිනකදීම ආරම්භ වෙයි. එතෙක් ඔබේ හාදු වගේම ඇඳපොලුත් පරිස්සමෙන් ළග තියාගන්න කියලා මතක් කරනවා.

එහෙනං සෙනසුරාදා ඉරිදා මීයා ඉවර වෙන හැටි බලන්න. ටටා.

 
Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu
vyadhadeva@gmail.com

419348486 10161339938033184 5363522448524238633 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...