BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සංස්කෘතික අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා පිදිය යුත්තන් පුදන්න!

T

The Leader

January 22, 2024 • 4:15 AM

සංස්කෘතික අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා පිදිය යුත්තන් පුදන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ පළමු නිළි රැජන විරුදාවලි ලත් රුක්මණි දේවියගේ උපන්දින සැමරුම පසුගියදා පැවැත්වුණේ ජනවාරි පහළොස්
  • එහිදී සභාව ඇමාතූ රාජ්‍ය ඇමතිනිය රුක්මණි දේවිය ගැන සිය මතකය අවදි කළ අතර වර්තමානයේ වටිනා කලාකරුවන් සැමරීම සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමක් වන බව ඇය සිහිපත් කළාය.
  • මේ මොහොතට මට නෙළුම් (සංවිධායකවරිය ) එන්න කිව්වාම මම හිතුව දේ කියනවා නම් රුක්මණි දේවිය කියන්නේ පළමු ගිරි රැජිනත් නිළි රැජිනත් වන බවට සුජාතා අත්තනායක මහත්මියගේ කතාවට මම එකඟයි.
  • සැබෑ රුක්මණි දේවිය ගැන ප්‍රේක්ෂකයන්ට ආදරයක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වැනිදාට යෙදී තිබූ ඇගේ ජන්ම දිනය නිමිතිකොටගෙන වේ.

එම අවස්ථාවට ශ්‍රී ලාංකික ගීත කලාවේ සිනමා පසුබිම් ගායනයේ මහා සලකුණක් වන සුජාතා අත්තනායක සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය වශයෙන් වර්තමානයේ කටයුතු කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ගීතා කුමාරසිංහද සහභාගි වූවාය.

geetha 67
එහිදී සභාව ඇමාතූ රාජ්‍ය ඇමතිනිය රුක්මණි දේවිය ගැන සිය මතකය අවදි කළ අතර වර්තමානයේ වටිනා කලාකරුවන් සැමරීම සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමක් වන බව ඇය සිහිපත් කළාය.

"රුක්මණි දේවිය ගැන කතා කිරීමට අවස්ථාව ලද මේ මොහොතේ මගේ සිංහල සිනමා ගමනේ 'ලස්සන කෙල්ල' චිත්‍රපටයේ ගීතයෙන් හඬ දුන් සුජාතා අත්තනායක මැතිනියගෙන් අවසරයි. මේ මොහොතට මට නෙළුම් (සංවිධායකවරිය ) එන්න කිව්වාම මම හිතුව දේ කියනවා නම් රුක්මණි දේවිය කියන්නේ පළමු ගිරි රැජිනත් නිළි රැජිනත් වන බවට සුජාතා අත්තනායක මහත්මියගේ කතාවට මම එකඟයි.

රුක්මණි දේවිය මගේ චිත්‍රපට ගණනක අම්මා වුණාට සහෝදරියක් හැටියටයි මා සමග ජීවිතය බෙදාගත්තේ. ඇය ඇගේ නිළි ගමන ගැන, ඉන්දියාවේ ගිය හැටි ගැන කළ කතා මට තවමත් සුරංගනා කතා වගේ දැනෙන්න්නේ. ගෙදර ගියාම කෑම හදාගෙන එනවා වැනි යහපත් ගති ගොඩක් දේවල් ඇගේ තිබුණා. මම ඇගෙන් බොහෝ දේ ඉගෙනගත්තා.

මට කීමට තියෙන්නේ පිදිය යුත්තෝ පුදන රටක් නොවෙයි මේක. මේ ආණ්ඩුවෙ කෙනෙක් මම. නමුත්, සංස්කෘතික අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ රටේ පිදිය යුත්තන් පුදන්න.

සැබෑ රුක්මණි දේවිය ගැන ප්‍රේක්ෂකයන්ට ආදරයක් තියෙනවා. මේ ගැන කිව්වම මම ආවේ මේ උත්තමාවිය, ඇගේ උපන්දිනය සිහි කරන්නට. ඇය පුදුම ලස්සනට අඳින කාන්තාවක්. හරිම පිළිවෙළයි. ස්වර්ණාභරණ පිළිවෙළට තියලා පිළිවෙළට ඇගේ කටයුතු කළ කාන්තාවක්. මගේ හිතේ සිහිනය වගේ රුක්මණි දේවිය තවමත් මගේ හිතේ ඉන්නවා. මේ උත්සවය ගැන සංවිධායක මඩුල්ලට ඉතාම ස්තුතිවන්ත වෙනවා.


තව අපේ නැති වුණ ගාමිණී ෆොන්සේක, ජෝ අබේවික්‍රම වගේ සැමරිය යුතු කී දෙනෙක් ඉන්නවද? රටට සැබෑ ප්‍රේමයෙන් කටයුතු කළ, පුංචි චරිත පවා කලාවේ කළ අයට අපි සැලකිය යුතුයි. පාසලේ පන්තියේ පළවෙනි, දෙවෙනි තුන්වෙනියා දක්වා තෑගි දෙනවා. නමුත්, පිටුපස අයව තමයි අපි ඉස්සරහට ගත යුත්තේ. ඒවගේ ගොඩක් අය ඉන්නවා." යැයි ඇය ප්‍රකාශ කළාය.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...