BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'වස්සානයට පසු' ද යළි පැමිණි වස්සානය - (ජයසිරි අලවත්ත)

T

The Leader

January 23, 2024 • 11:57 PM

'වස්සානයට පසු' ද යළි පැමිණි වස්සානය - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ මතු නොව වෙනත් ඕනෑ ම ක්ෂේත්‍රයක නියැළි පුද්ගලයකු වෙත ජනතා උපහාරයක් පුදන්නේ නම් එය පිදිය යුත්තේ ඔහු
  • එවන් අගනා අභිමන් උළෙලක් පසුගිය 13වන (2024/01/13) දින හොරණ, කඳන වාසනා උත්සව ශාලාවේ දී පැවැත්විණ.
  • අශෝක කුලතුංග අදහස් දක්වමින් අදාළ උත්සවයේ ප්‍රධාන සංවිධායකවරයකු ලෙස කටයුතු කළ, විචාරකයකු මෙන් ම කවියකු ද වන අශෝක කුලතුංග මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය.
  • ‘‘මගේ මතකයෙ හැටියට ගිය අවුරුද්දෙ ජූලි මාසෙ දවසක චූලානන්ද සමරනායක අයිය කෝල් එකක් දීල කිව්ව ‘මල්ලි වාසනා මුදලාලිට ආසාවක් ඇතිවෙලා තියෙනවා රත්න ශ්‍රී මහත්මයා වෙනුවෙන් උපහාර උළෙලක් කරන්න, අපි මේක කළුතර දිස්ත්‍රික ලේඛක සංවිධානයේ නමින් කරමු.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝ ඇය රෝද පුටුවක නංවාගෙන වෙදිකාව මතට ගෙන ආ යුතු අවධිය තෙක් හෝ හෝ ඔහුගේ හෝ ඇයගේ මරණයෙන් ඉක්බිතිව නොවේ. අදාළ උපහාරය හෝ අභිමන පිදිය කළ යුත්තේ ඔහු හෝ ඇය සිහිබුද්ධියෙන් සිය කටයුතු මෙහෙයවන කාල සීමාවේ දී ම ය. එවන් අගනා අභිමන් උළෙලක් පසුගිය 13වන (2024/01/13) දින හොරණ, කඳන වාසනා උත්සව ශාලාවේ දී පැවැත්විණ.

එහි දී උපහාරයෙන් පිදුම් ලැබුවේ ද, අභිමන් ලැබුවේ ද ශ්‍රී ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම ගීත ක්ෂේත්‍රයේ ද කෘතහස්ත ලේඛකයකු වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ය.

අශෝක කුලතුංග අදහස් දක්වමින්
අදාළ උත්සවයේ ප්‍රධාන සංවිධායකවරයකු ලෙස කටයුතු කළ, විචාරකයකු මෙන් ම කවියකු ද වන අශෝක කුලතුංග මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය.

‘‘මගේ මතකයෙ හැටියට ගිය අවුරුද්දෙ ජූලි මාසෙ දවසක චූලානන්ද සමරනායක අයිය කෝල් එකක් දීල කිව්ව ‘මල්ලි වාසනා මුදලාලිට ආසාවක් ඇතිවෙලා තියෙනවා රත්න ශ්‍රී මහත්මයා වෙනුවෙන් උපහාර උළෙලක් කරන්න, අපි මේක කළුතර දිස්ත්‍රික ලේඛක සංවිධානයේ නමින් කරමු. හැබැයි ඔයා තමයි මුලික වෙලා කටයුතු කරන්න ඕන’ කියල. ඒ අනුව තමයි පොඩි කමිටුවක් හදාගෙන කරන්න වුවමනා මොනවද කියල තීරණය කරේ.’’
ආරම්භයචූලානන්ද සමරනායක උළෙල ආරම්භයේ

‘‘මොකක් ද ඔයාලගේ තීරණය වුණේ...?’’

‘‘අපි තීරණය කරා නිකම්ම නිකම් අභිනන්දන උළෙලක් වෙනුවට රත්න ශ්‍රී කවියාගේ ගීතවලට ප්‍රිය කරන පාඨක ප්‍රජාවට ඔහුගේ ගීත සඳහා විචාර ලියන්න අවස්ථාවක් හදල දෙන්න. ඒ තරගය කොටස් දෙකකට වෙන් කරා. එකක් පාසල් මට්ටමින් සහ අනික විවෘත අංශයෙන්. හැබැයි අපිට මෙතනදි එක්තරා අභියෝගයකට මුහුණ දෙන්නත් වුණා.’’
 
gift a
‘‘ඒ මොකක් ද?’’

‘‘අපිට මේ තරගය සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සැලසුම් කරන්න කාලයක් නොතිබුණ නිසා එය කළුතර දිස්ත්‍රික්කයට පමණක් සීමා කරන්න වුණා.’’

‘‘ඉතිං ඒක සාර්ථක වුණා ද...?’’
 
‘‘ඔවු... ඒක සාර්ථක වුණා. පාසල් අංශයෙන් විචාර 35ක් ලැබුණා. විවෘත අංශයෙන් විචාර 27ක් ලැබුණා. ඇත්තට ම අපි අදහස් කරේ දෙඅංශයෙන් ම: පළවන. දෙවන සහ තෙවන ලෙස තෝරලා ඒ වගේ ම දෙඅංශයෙන් ම කුසලා සහතික දහයක් පිරිනමන්න. නමුත් දෙඅංශයේ ම කුසලතා සහතික දහයක් දෙන්න තරම් සුදුසු විචාර නොතිබුණ නිසා විවෘත අංශයේ කුසලතා සහතික පත්‍ර පහක් සහ පාසල් අංශයේ කුසලතා සහතික පත්‍ර හතක් පිරිනැමුවා.’’
 
ත්යාග පාර්සල්
 
විචාර තේරීමේ දී කිසියම් නිර්නායක ක්‍රමයක් අනුගමනය කළා ද...?

‘‘ඔවු... පාසල් අංශයේ නම්...

·         විෂයට අදාළ වන කරුණු රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම
·         රචනා විලාසය සහ භාෂා භාවිතයේ විශේෂතා
·         භෘෂා රීතිවලට අදාළ වීම
·         පාදක කරගත් නිර්මාණය සහ ඒවායේ විශේෂත්වය පිළිබඳ ලේඛකයාගේ දෘෂ්ටිය

පැමිණි පිරිස 02
 
‘‘එතකොට විවෘත අංශයේ...?’’

එවිට මුවට සිනහවක් නංවාගත් අසෝක කුලතුංග ‘‘ඒ නිර්නායක ඉතිං අයිය ම තමයි දන්නෙ...’’ යනුවෙන් පැවසී ය. ඒ විවෘත අංශයේ විචාර විනිශ්චය සඳහා තෝරාගෙන තිබුණේ මා වන බැවිනි.
 
මා මෙහි දී පාදක කරගත්තේ...
 
·         ගීත රචනයේ අන්තර්ගත සමාජ දේශපාලන දැක්ම
·         ගීත රචනයේ යටි පෙළ
·         ගීත රචනයේ අන්තර්ගත කාව්‍යෝක්ති යනාදිය
·         ගීතයේ රස වින්දනය
·         ගීතයේ සමස්ත කියවීම

යනාදි කරුණු ය. ඒ එක් එක් කරුණ සඳහා ලකුණු දහය බැගින් නියම කර අවසන් නිගමනයකට එළඹිණි.
 
උළෙලෙහි පූර්ණ අනුග්රාහක වාසනා බේකර්ස්හි අධිපති දයානන්ද බෝඹුවල
 
හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල
 
අශෝක කුලතුංග ඉතා සරලව මේ ආකාරයෙන් අදහස් දැක්වුව ද එම කටයුත්ත එතරම් සැහැල්ලු කටයුත්තක් නොවන බව උත්සවයට සහභාගි වූ පුද්ගලයකු ලෙස මම අත්වින්දෙමි. විශේෂයෙන් ම මෙවන් ආර්ථික දුෂ්කරතා පවතින සමයක මෙබඳු කලා කටයුත්තක් සඳහා මුදල් උපයා ගැනීම ඉතාම බරපතළ අභියෝගයකි. නමුදු ඒ අභියෝගය ඉතාමත් නිර්භිතව ම බාරගෙන තිබුණේ හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා ය. සමස්ත උත්සවයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය ඔහුගෙනි. වාසනා උත්සව ශාලාව ද ඔහුගේ ම වන බැවින් ශාලාව පිළිබඳව ද ගැටලුවක් ද පැන නොනැගී තිබිණ.

විචාර තරගය විවෘත අංශය
 
 123 jkaghsdපළවන. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින්
 
මෙම අභිමන් උළෙලේ දී විවෘත විචාර තරගය සඳහා සහතික පත්‍ර සහ පොත් කට්ටල ලබාගත්තේ: 01. තිළිණි කෝසලා විතානගේ, 02. එම් චමිදු ඉඳුෂාන් ප්‍රේමසිරි, 03. අයි නිලන්ති චතුරානි, 04. එච්. ඒ. ගිහාන් මධුෂංඛ, 05. බන්දුල ආර් ගුලවත්ත යන පිරිස ය.

විවෘත අංශයේ තුන්වන ස්ථානය ඩබ්. ඒ. ඩී. ගංගා සෙව්වන්දි හිමි කරගත්තා ය. ඒ වෙනුවෙන් ඇය වෙත මුදලින් රුපියල් 20,000.00ක් සහ රුපියල් 5000.00ක පොත් කට්ටලයක් හිමිවිය.

දෙවන ස්ථානය හිමි කරගත්තේ කල්පා ජයමාලි කන්නන්ගර ය. ඇයට ද රුපියල් 30,000.00ක මුදලක් සහ රුපියල් 5000.00ක පොත් කට්ටලයක් හිමි විය.

විවෘත අංශයේ පළමුවන ස්ථානය හිමි කරගත්තේ ආර්. ඩී. අකිල සචින්තක දයාරත්න ය. ඒ වෙනුවෙන් ඔහුට: සම්මානය, රුපියල් 45,000.00ක මුදලක් සහ රුපියල් 5000.00ක පොත් කට්ටලයක් හිමි විය.
 
OPEN Dකුසලතා සහතික පත්‍ර ලාභින්
විචාර තරගය පාසල් අංශය
kusalatha 1kusalatha 2කුසලතා සහතික පත්‍ර ලාභින්
 
පාසල් අංශයේ කුසලතා සහතික සහ පොත් කට්ටලය බැගින් දිනාගත්තේ: 01. එම්. ජී. චනුදි බිහාරා බප/මතු/කෙවිටියාගල මහා විද්‍යාලය, 02. ඩී. අනුත්තරා සශිනි විජේමාන්න තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ, 03. ජී. කාවින්දි කෞෂලයා සමරදිවාකර බප/මතු/කෙවිටියාගල මහා විද්‍යාලය, 04. හිරුණි වාසනා කුලතුංග බප/කළු/ පානදුර බාලිකා මහා විද්‍යාලය, 05. තරුෂිකා නෙත්මිණි සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය, මතුගම, 06. ඩී. එස්. විහංසා ප්‍රියශානි බප/හො/ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය, 07. ඒ. බී. දසුන් නයනජිත් බප/හො/ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ය.
 
123 as
පළවන. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින්
 
පාසල් අංශයේ තුන්වන ස්ථානය හිමිකරගත්තී බප/කළු/ පයාගල සුරදූතිකා බාලිකා පාසලේ එච්. ඒ. නෙත්මි සාවින්දි පෙරේරා දියණියයි. ඇයට සහතිකයක්, මුදලින් රුපියල් 20,000.00ක් සහ රුපියල් 5000.00ක පොත් කට්ටලයක් හිමි විය.

දෙවන ස්ථානය හිමි කරගත්තේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ බී. එම්. හිරුමිණී ප්‍රභාෂා බස්නායක දියණිය යි. ඇයට මුදලින් රුපියල් 30,000.00ක් සහ රුපියල් 5000.00ක පොත් කට්ටලයක් හිමි විය.

පාසල් අංශයේ පළමු ස්ථානය දිනාගත්තේ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ කේ. එච්. ඒ. සෙනේකා දිනිදි විජේසිංහ දියණිය යි. ඒ වෙනුවෙන් ඇයට: සම්මානයක්, මුදලින් රු. 45,000.00ක් සහ රුපියල් 5000.00ක පොත් කට්ටලයක් හිමි විය.

කලාකරුවකුගෙන් කලාකරුවකු වෙත...
 
චන්දිමාල් ජයකොඩි සිය තිළින ප්රදානය කරමින් 03
 
උළෙලෙහි මා දුටු විශේෂිත ම අවස්ථාව වූයේ චන්දිමාල් ජයකොඩි නමැති කලාකරුවා විසින් ෆයිබර් ග්ලාස්වලින් නිර්මාණය කළ ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහගේ ශීර්ෂ අනුරුවක් සහ පාඨක ප්‍රජාවගේ අත්සන් සහිත කවියාගේ ආලේඛ්‍ය සිතුවමක් ද ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහ වෙත පිරිනැමීම ය. එහි දී ආචාර්ය රත්න ශ්‍රී තමාගේ ම ආලේඛ්‍ය සිතුවම දෙස ඉතා හැඟීම් බරව බලා සිටි ආකාරයෙන් ඔහුගේ චිත්ත ප්‍රීතිය කෙතෙක් ද යන්න විද්‍යමාන විණි. මට සිතෙන්නේ එය ඔහු ලද සුවිශේෂි අභිමනක් යන්න ය; ඔහු වෙනුවෙන් පුදනු ලැබු අති විශේෂ ගෞරවයක් යන්න ය.
 
මීට අමතරව ආචාර්ය රත්න ශ්‍රීගේ නිර්මාණවලට පෙම් බැදි තවත් පාඨකයෙක් තම මනස සුපෝෂණය කළ කවියා වෙනුවෙන් කවියාගේ ඡායාරුපයක් ද තිළිණ කළේ ය.

මුඛ්‍ය දේශනය
 
ජගත් ගාමිණී මාවතගම මුඛ්ය දේශනය පවත්වමින්
ජගත් ගාමිණී මාවතගම
 
මෙම අභිමන් උළෙලේ මුඛ්‍ය දේශනය පවත්වනු ලැබූයේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ උපහාර ගීතයේ ද රචකයා වන ජගත් ගාමිණී මාවතගම විසිනි. එහෙත් එම මුඛ්‍ය දේශනය අභිමන් උළෙලෙහි වටිනාකම ඉහළ නංවන්නට සමත් නොවුණ බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු ය. මා එය සඳහන් කරන්නේ අනාගතයේ දී හෝ කිසිවකු එබඳු අභිමන් උළෙලක දී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ පිළිබඳ කිසියම් දේශනයක් සිදු කරනු ලබන්නේ නම් ඔහුට හෝ ඇයට එමගින් තම දේශනයේ අඩු පාඩු සකසා ගත හැකි වන බැවිනි.

එන්න එපා දියසෙන්
 
සමරු අත්සන යොදමින්jpg
 
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ යනු හුදු කාව්‍යක්කාරයකු මතු නොව අපූරු ගේය පද සිත්තම්කරුවෙකි. ඔහුගේ කලා දිවියට අර්ධ ශතකයක් පිරීම නිමිති කරගෙන පැවැත් වූ මෙම අභිමන් උළෙහි දී වුව වැඩි අවධානයක් යොමු කර තිබුණේ ඔහුගේ ගීත කලාව පිළිබඳව ය. එනිසා ම දෝ මෙම උළෙහි තවත් අංගයක් ලෙස ඔහු විසින් රචිත ගේය පද ඇතුළත් කෘතියක් ද එදින ම නිකුත් විය. ඔහුගේ දහවන ගේය පද රචනා කෘතිය වන මෙය නම් කර තිබුණේ ‘එන්න එපා දියසෙන්’ යනුවෙනි. මෙහි ගේය පද රචනා 84ක් අන්තර්ගත ය.
 
එන්න එපා දියසෙන් ප්රකාශක වෙතින් කතුවරයාටjpg
  ගේය පද සංග්‍රහය එච්. ඩී. ප්‍රේමසිරි අතින් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ වෙත
 
පළමුවෙන් ම අදාළ ගේය පද සංග්‍රහය එහි ප්‍රකාශකන ආයතනයේ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා අතින් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ වෙත පිළිගැන්වූ පසු ඔහු එය සම්මාන ලාභී ලේඛක පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි වෙත පිරිනැමී ය. දෙවනුව කෘතිය පිළිගැන්වූයේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ වෙත ය. ඊට හේතුව කුමක් ද යන්න ගේය පද රචක ආචාර්ය රත්න ශ්‍රී සිය කෘතියේ පිදුම යොමු කර තිබූ ආකාරයෙන් ම පැහැදිලි ය.
නවරත්න ගමගේ සිගීතවේදියා වෙත එන්න එපා දියසෙන් පිළිගනවමින්jpg
කෘතිය ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ වෙත
 
 
වචනයට ස්වරවලින් පණ          පොවා
ඔබ තැනූ ගී ඇසේ රෑ                  දිවා
මිනිස්කම් රකින හැම                 අභිබවා
ඔබ මියුරු ගීතයක්මයි                 ‘නවා’
 
සංගීතවේදී නවරත්න ගමගේ මිතුරාට ආදරයෙනි.

ගී රස වින්දනය
 
සංගීත සාදය 03
උත්සවයේ අවසන් අදියර වූයේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ විසින් රචිත ගී රසාස්වාදනය යි. ඒ සඳහා සිය දායකත්වය සැපවූයේ හොරණ සදර්ශි සංවාද කුලකය යි.
සංගීත සාදය 04
මා මෙහි දී මෙම අභිමන් උළෙලෙහි සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වන අතර ම උළෙලෙහි පූර්ණ බරපැන දැරූ හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතාට ද විශේෂ ස්තුතිය පුද කරන්නේ කලාව වෙනුවෙන් මුදල් වියදම් කරන්නට උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන් තවමත් සිටිනවා යන ගෞරවය ද ඔහුට පිරිනමමිනි.
 
rathna 1rathna 2sd
දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2024/01/24   


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...