BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මීයා දෙකක් එපා..!!! - (රිෂී කන්නංගර)

T

The Leader

January 25, 2024 • 3:29 AM

මීයා දෙකක් එපා..!!! - (රිෂී කන්නංගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීයා ටෙලි නාට්‍යය දැන් අවසන්. බොහෝ විචාරකයන්ගේ අපහාස අවලාද අතර මම මීයා දිග‍ටම නැරඹුවෙමි.
  • ඔහුගේ අදහස් මෙන්ම හැසිරීම් ආදියත් නිසා පුද්ගල චරිතයක් ලෙස ඔහුට ඇති විරෝධය මීයා මතද වැටුනු බව මගේ නිරීක්ෂණයකි.
  • එමෙන්ම මීයා පවතින ආණ්ඩුවට සහයෝගය දක්වන නිර්මාණයක් හැටියෙන් ජනගත වූ මතය මේ මීයා විරෝධයට බලපෑ බව ද පෙනේ.
  • එය පාර්ලිමන්‍ට් ජෝක්ස් ආකාරයේ පහර ගැසීමක් බව කියමි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ තරම් දෙනෙක් නරක කියන්නේම මන්දැයි කුකුසක් මා තුල වූ නිසාය. 

මීයා වචනයේ පරිසමාප්තියෙන්ම වෙනස් නිර්මාණයකි. එය ටෙලි නාට්‍යය නැමැති ආකෘතියට දැමිය හැකිදැයි මා දන්නේ නැත. එය අප පසුකරගෙන ආ සමාජ දේශපාලන මොහොතක් පිළිබඳ වෙනස් කියවීමකි. මට අනුව එය කොටස් විසි එකක් පුරා දිවෙන මීම් එකකි.

මීයා අරබයා මේ තරම් විරෝධයක් පැන නගින්නේ ඇයි? අප ඕනෑ තරම් දුර්වල ටෙලි නිර්මාණ දැක තිබේ. ඒත් මීයා බඳුව කිපී පන්න පන්නා බනින විචාරකයන් දැක නොතිබේ. එසේ නම් මීයාට බනින්නේ ඇයිද යන්න මීයා කියවීමේ ප්‍රධාන පිවිසුමක් කරගත යුතු යැයි සිතමි.


පළමුව මීයා ටෙලි නිර්මාණය චින්තන ධර්මදාසගේ වීම මීට බලපෑ හැකිය. චින්තන යනු සමාජයට කොහොමත් ප්‍රතික්ෂේප වීමක් දනවන චරිතයකි. ඔහුගේ අදහස් මෙන්ම හැසිරීම් ආදියත් නිසා පුද්ගල චරිතයක් ලෙස ඔහුට ඇති විරෝධය මීයා මතද වැටුනු බව මගේ නිරීක්ෂණයකි.

එමෙන්ම මීයා පවතින ආණ්ඩුවට සහයෝගය දක්වන නිර්මාණයක් හැටියෙන් ජනගත වූ මතය මේ මීයා විරෝධයට බලපෑ බව ද පෙනේ. ඒ ටෙලි නාට්‍යය පුරා වාමාංශික පක්ෂයකට (එය ජවිපෙද පෙරටුගාමීද කියා නොදනිමි) ඉතාම මතුපිට තලයේ විහිලුසහගත විවේචනයක් ගෙන එනු පෙනෙයි. එය පාර්ලිමන්‍ට් ජෝක්ස් ආකාරයේ පහර ගැසීමක් බව කියමි. මේ කාලයේ ඇති ආණ්ඩු විරෝධය සහ මාලිමා ආදරය නිසා මීයා ප්‍රතික්ෂේප වීම ද පෙනෙන්නට තිබුනි.

මීයා විරෝධී නව රැල්ල : 'මීයා- ඊයා'

මීට අමතරව මීයා යනු වෙනස් රිද්මයක නාට්‍යයකි. එය මෙතෙක් අපි ටෙලි නාට්‍යවල දුටු කතා කීමේ කලාවෙන් බැහැර එකකි. මේ විලාසය මම තේරුම් ගත්තේ නිර්මාණශීලී ප්‍රවේශයක් හැටියෙනි. නමුත් සාමාන්‍ය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයෙකුට මෙය නොදිරවීමට ඉඩ ඇති බව තේරුම් ගත යුතුය.

ඒ සමගම මීයා ප්‍රතික්ෂේප වීමට බලපෑ ඉතා දරුණු සමාජ විද්‍යාත්මක කාරණයක්ද පවතින බව මගේ හැගීමයි. ඒ මීයා නාගරික නිර්මාණයක් වීමයි. අපි මෙතෙක් දුටු කූඹියෝ, කොඩි ගහ යට ආදී සියලු ජනප්‍රිය නිර්මාණ ග්‍රාමීය නිර්මාණයි. මේ ග්‍රාමීයත්වය යනු කුමක්ද කියන්නට හොඳම පැහැදිලි කිරීම මා දුටුවේ ලක්මාල් ධර්මරත්නගෙනි. එනම් ගමත් නගරයත් බෙදන රේඛාවෙහි ගම පැත්තට වෙන්නට පිහිටීමයි. සල්ලි ඇති අයට සිනාවීම, ගමේකම ඇත්ත හැටියෙන් බාරගැනීම, සාමූහිකත්වය, අන්ඩර්ඩෝග් හෙවත් පාදඩ චරිතයක් වීරයා කොට ගැනීම ආදී මේ සියල්ල අපේ ග්‍රාමීයත්වයට මනාව ගැලපෙන තැන් වෙයි. ඒ තැන්වල පිහිටන නිර්මාණ ජනප්‍රිය වෙයි.

සැබවින්ම මේන්ස්ට්‍රීම් හෝ ප්‍රධාන ධාරාව යනුවෙන් හඳුනාගත යුත්තේ මෙයයි.

මීයා නිල ප්‍රචාරක පටය නිකුත් කෙරේ

මීයා පිහිටන්නේ මේ අක්ෂයේ අනිත් පැත්තේය. එමගින් හිනාවෙන්නේ බහුතරයටය. ජනතාවටය. ඇගිල්ල දික් වෙන්නේ දේශපාලකයා දෙසට නොවේ. අපේ පැත්තටය. උත්කර්ෂයට නගන්නේ තනි පුද්ගලයාවයි. සාමූහිකය නොවේ.

එහි ප්‍රේමය ගත්තත් එය නාගරික ප්‍රේමයකි. මෝඩ තරිඳු එක විට එමා නම් යුවතියටත්, ලිංගික ශ්‍රමිකයෙක් යැයි සිතිය හැකි පබෝධාටත් ආදරය කරන බව පෙනෙයි. වෙන්ව යන විට පවා එමා සහ තරිඳු අතර පවතින්නේ ස්වාධීන බවකි. මෙය අපි දන්නා හඳුනන ප්‍රේමය නොවේ.

මෙම නාගරික මනසක පිහිටීම නිසාම මීයා ප්‍රතික්ෂේප වෙයි. එය බහුතරයකට නොදැනෙන, නොබැලෙන එකක් වෙයි. මෙය හොඳටම පැහැදිලි වන්නේ මීයාට කැමති අය පවා මනියා නැමැති තරිඳුගේ මිතුරා දැඩිව වැළඳගැනීමෙනි.

මොනවා වුනත් මීයා අලුත් නිර්මාණාත්මක ප්‍රවේශයක් බව කිය යුතුය. එහි අනන්ත දුර්වලතා තිබේ. සිදුරු තිබේ. එනමුත් ඒ නව්‍යබව ගැන කතා නොකර සිදුරු ගැනම කතා කරන්නට අප පෙළඹෙන්නේ කවරක් නිසාදැයි කල්පනා කළ යුතුව තිබේ.



මේ ආකාරයෙන් ජාතක කතාවක් නැවත ප්‍රතිනිර්මාණය වුනු තැනක් මා දැක නැත. මේ ආකාරයෙන් සංගීතය යොදාගත් තැනක් මා දැක නැත. විවිධ ප්‍රසංගයක් ආකාරයෙන් විවිධ ප්‍රකට සැබෑ චරිත කොටසෙන් කොටස හඳුන්වා ‍දුන් නාට්‍යයක් මා දැක නැත. එය එක්තරා විදිහක කෝපිකඩේ සම්ප්‍රදායෙන් ගත්තක් වැනිය. 

එමෙන්ම මේ ආකාරයෙන් කතාව කියා ඇදගෙන යන්නේ නැතුව ඉවර කරපු තැනක්ද මා දැක නැත. එබැවින් මීයා දෙක හදනවාට වඩා මීයා මෙතනින් නවතිනවා නම් මා කැමතිය.



#මීයා_Tellidrama

සටහන :
rishi 3 copy(රිෂී කන්නංගර)

(ishitha.kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...