BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තලපතිගේ දේශපාලන තේමා ගීත රචකයා ලංකාවේ පොතුවිල් අස්මින්

T

The Leader

February 5, 2024 • 4:25 AM

තලපතිගේ දේශපාලන තේමා ගීත රචකයා ලංකාවේ පොතුවිල් අස්මින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තලපති විජේගේ දේශපාලනය ගැන මේ දක්වා කළ ඉඟි ප්‍රසිද්ධියට පත් කරමින් ඔහු දේශපාලනයට පැමිණෙන බව මේ වන විට තහවුරු කර
  • ඒ අනුව දකුණු ඉන්දීය සිනමාව තුළ රසිකත්වය දිනාගැනීමේ අවස්ථාව උරගා බැලූ නළුවන් අතරට තලපති විජේද ඉදිරියේදී එක් වනු ඇත.
  • මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන්දීය දෙමළ චිත්‍රපට ප්‍රිය කරන සැලකිය යුතු රසික පිරිවරක් ශ්‍රී ලංකාවේද තලපතිට සිටින අතර ඔහුගේ දේශපාලන ගමන ගැන වන සුවිශේෂී අදහස් ඔවුනටද තිබිය හැකි වීමයි.
  • අනෙක් අතට දකුණු ඉන්දීය දේශපාලනය බොහෝ විට ශ්‍රී ලංකාවේ ඇතැම් ගැටලු මුල් කරගනිමින් පවත්වාගෙන යෑම එහි මැතිරවරණ කාලවලදී බෙහෙවින් දක්නට ලැබේ.      මේ සියල්ල හා සමව තලපතිගේ දේශපාලනයට ශ්‍රී ලංකාවේ සම්බන්ධය වෙනත් මුහුණුවරක්ද ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන්ය. කෙසේ නමුත්, ඔහුගේ පක්ෂය 2024 ලෝක් සභාවට තරග නොවදින බවද ඔහු තහවුරු කර තිබේ. ඒ අනුව දකුණු ඉන්දීය සිනමාව තුළ රසිකත්වය දිනාගැනීමේ අවස්ථාව උරගා බැලූ නළුවන් අතරට තලපති විජේද ඉදිරියේදී එක් වනු ඇත. සිනමාව තුළ කොතරම් සාර්ථක වුවත් දේශපාලනයට අවතීර්ණ වී සාර්ථක වීම අභියෝගයක් වන අතර එම අභියෝගයටද මුහුණ දීමට තලපති මේ වන විට පියවර ගෙන තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන්දීය දෙමළ චිත්‍රපට ප්‍රිය කරන සැලකිය යුතු රසික පිරිවරක් ශ්‍රී ලංකාවේද තලපතිට සිටින අතර ඔහුගේ දේශපාලන ගමන ගැන වන සුවිශේෂී අදහස් ඔවුනටද තිබිය හැකි වීමයි. අනෙක් අතට දකුණු ඉන්දීය දේශපාලනය බොහෝ විට ශ්‍රී ලංකාවේ ඇතැම් ගැටලු මුල් කරගනිමින් පවත්වාගෙන යෑම එහි මැතිරවරණ කාලවලදී බෙහෙවින් දක්නට ලැබේ. 

 

 
මේ සියල්ල හා සමව තලපතිගේ දේශපාලනයට ශ්‍රී ලංකාවේ සම්බන්ධය වෙනත් මුහුණුවරක්ද ගෙන තිබේ. ඒ 'පොතුවිල් අස්මින්' නමින් හඳුන්වන ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු, කවියෙකු ලෙස ප්‍රකට අස්මින් උතුමාලෙබ්බේ විසින් තලපතිගේ දේශපාලන තේමා ගීතය රචනා කරනු ලැබීමයි. 
 
 
 
මේ වන විට සිය කවි, ගීත රචනා සාහිත්‍ය හැකියාවෙන් කොලිවුඩය ප්‍රමුඛ කරගත් ඉන්දීය ගීත කලාවට දායකත්වය දෙන ඉන්දීය දේශපාලනයේ සදා නොමැකෙන 'අම්මා' යන විරුදාවලි ලත් අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ ප්‍රධාන අවමංගල්‍ය ගීතය රචනා කිරීමෙන් කොලිවුඩ් ගී පද රචකයකුය යන හැඳින්වීමට වැඩි වටිනාකමක් හිමි තමිල්නාඩුවේ අත් කරගත් තැනැත්තෙකි. 

ශ්‍රී ලංකාවේද, ඉන්දියාවේද, ලෝක මට්ටමින්ද ජනප්‍රිය වූ 'අයියෝ සාමි' ගීතයේ රචකයා වන්නේද අස්මින් වේ. 
 


තලපති හා අස්මින්ගේ සම්බන්ධය ගැන කතා කිරීමේදී ඔහුට ඇති වටිනාකම යළි අලුත් වී තිබෙන්නේ තලපතිගේ දේශපාලන ගමනේ තේමා ගීතයේ රචකයා හැටියට නළුවා විසින් තෝරාගනු ලැබ ඇත්තේ අස්මින් වීමයි.

සිය දේශපාලන පක්ෂය තමිලක වෙට්‍රි කසාගම් බව අනාවරණ කරමින් තලපති වාර්තා තැබූ 'ලියෝ'හි තිරගත වීමෙන් අනතුරුව 'GOAT' වෙතින් රසිකයින් අතරට පැමිණීමට නියමිත අතර ඒ තුළ ඔහුගේත් තමිල්නාඩු දේශපාලනයේත් සම්බන්ධය මනාව සනිටුහන් කර තිබේ.
 
film 2
 
දකුණු ඉන්දීය සිනමා නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ලේඛකයෙකු වන පවන් කල්යාන් ආසන්න ලෙස 2014දී ජන සේනා පක්ෂය ආරම්භ කරමින් දේශපාලනයට පිවිසි තැනැත්තාය. ඔහු මේ වන විට දේශපාලනයේ සාර්ථක ගමනක් යමින් සිටී.
 
pawan
පවන් කල්යාන්
 
කෙසේ වුවද තලපතිගේ දේශපාලන ගමනේදී තම ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් හිමි කරගත් අස්මින්ගේ ගීතය හැමදාටම වාදනය වීම අනිවාර්ය සිද්ධියක් වනු ඇත. තලපති මෙතෙක් කල් හිඳ දේශපාලනයට අවතීර්ණ වන්නේ අසාර්ථක වීමට නොවන බවද විශ්වාසය. එනිසා, එම සාර්ථකත්වයට තේමා ගීතයක් ලිවීමේ සුදුස්සා හැටියට අස්මින් තෝරාගැනීමේත් තලපති විශ්වාස කරන වාසන්න ගුණයක් තිබෙන්නට පුළුවනිය. මන්ද අස්මින් ගී ලියූ සෑම අයකුම පාහේ මේ වන විට සාර්ථක වී සිටීම හේතුවෙනි.
 

shiwanthi
 
 සටහන: ශිවන්ති ප්‍රනාන්දු   
 
 
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...