BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඉන්ටිමසිය වේදිකාවට : අපි අතර ඌ කවුද? - (චින්තන ධර්මදාස)

T

The Leader

February 6, 2024 • 2:39 AM

ඉන්ටිමසිය වේදිකාවට : අපි අතර ඌ කවුද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදරය කියන්නෙ කොහේවත් ඉඳන් ආපු මීයෙකුගෙන් වුනත් කැඩී බිඳී යා හැකි සිනිඳු සංයෝගයක්. ඒත් ඒ අතර මොහොත අනන්තයක් තරම් දිග ආශ්චර්‍යයක්.
  • අපි නිකං යාලුකමට චාමරයා කිව්වට ඒක ඇත්තටම ඌ කරන වැඩේ සුලුකොට තැකීමක් වෙනවා.
  •   හතේ ෂෝ එක බලනවා කියල ඉඳලා හතේ ගොඩක් සෙනග කියල හිතලා 4.30 බැලුවා.
  • සුරේඛා එයාගෙ සටහන ඇතුලෙ මේ ප්‍රශ්නය පැහැදිලිව නගනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයෙ චාමරයාගෙ නාට්ටිය බැලුවා. අපි නිකං යාලුකමට චාමරයා කිව්වට ඒක ඇත්තටම ඌ කරන වැඩේ සුලුකොට තැකීමක් වෙනවා. ඒ හින්ද මෙහෙම කියනවා. චාමර ගුරුගේ කරපු අලුත්ම නිර්මාණය බැලුවා.

 

402213863 195788396908880 5421098664258681004 n
හතේ ෂෝ එක බලනවා කියල ඉඳලා හතේ ගොඩක් සෙනග කියල හිතලා 4.30 බැලුවා. එතකොට ඒ නාට්‍යයේ කන්‍යා දර්ශනයේ පංගුකාරයෙක් මම.

ඒක හරිම ඉරොතික නාට්‍යයක්. ලංකාවෙ මෙතෙක් වේදිකාවක මං දැකපු ඉරොතිකම හැගීම් දනවපු මිනිත්තු ගොඩක්. ඒ නාට්‍යය පුරාම ඉන්ටිමසි කියන එක තැවරිලා තිබුන. ඉන්ටිමසිය කියන එක වේදිකාවක් උඩ නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සම්පූර්ණ නිරුවතින් දෙන්නෙක් හිටියත් එතන ඉන්ටිමසියක් නැති වෙන්න පුළුවන්. ඒත් ඇඳුම් ඇඳගෙන වුනත් ඒ ඉන්ටිමසිය මවන්නත් පුළුවන්.

 

394066098 179756031845450 4524026722030921481 n

407379189 204462466041473 3610641700289687600 nවිකල්ප වේදිකාව ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ දේශපාලන වැඩවලට. ඒ කණගාටුදායක තත්වයක්. ඒ වෙනුවට විකල්ප හැගීම් කියන එක, විකල්ප පැවැත්ම කියන එක වේදිකාවට ගේන්න කවුරුන් හෝ වෑයම් කළා නම් ඒ බොහොම අඩුවෙන්. යම් කිසි දෙයක් ගැන විවේචනයක්, ප්‍රතිචාරයක් විදිහට නිර්මාණ හැදුනා මිස ඒවා පැවැත්ම පිළිබඳ ගැඹුරු සංවාදයක් කියන අදේශපාලනික තැනට අරගෙන ගියේ නෑ.

චාමර ගුරුගේ අපි අතර ඌ එක්ක අන්න අදේශපාලනික මොහොත දක්වාම යනවා. දෙන්නෙක් අතර සමීපතම මොහොතකදි වෙන්න පුංචි දේකින් පවා සියල්ල අසමතුලිත විය හැකිය කියන සම්බන්ධතාවල සුන්දරතම නිමේෂය ගැන චාමර නාට්‍යයක් හදනවා.

මේක ගොඩක් අයට ප්‍රශ්නයක් ගේනවා. සුරේඛා එයාගෙ සටහන ඇතුලෙ මේ ප්‍රශ්නය පැහැදිලිව නගනවා. කණ්ණාඩියක් අල්ලනවා වෙනුවට යෝජනාව මොකක්ද චාමර, කියල සුරේඛා අහනවා. මේක පරාවර්තන කණ්ණාඩියක් නෙමෙයි. අපි අතර ඌ කියන්නෙ එක්ස්පීරියන්ස් එකක්. අපි ඒ මොහොත සවිඥානකව විඳිනවා. ඒ සවිඥානක බව ඇතුලෙ බාරගැනීම කියන සමාධියට කෙනෙක් එළඹෙනවා.

චාමර එයාගෙ සංගීතය ඇතුලෙ මේ තුන්වෙනි පැවැත්මේ ලේයරය දිගටම අරගෙන එනවා. ඒක එක විදිහකට සයිකඩෙලික් කියන්න පුළුවන්. ඒත් මෙතනදි ඒක ආධ්‍යාත්මයේ සංගීතයක්.



චාමර ආර්ටිස්ට් කියන තැනින් නතර වෙනවා. දේශපාලනය කියන තැනින් අයින් වෙනවා. පිරිමියෙක් සහ ගැහැණියක් අතර මේ ඇතිවෙන ආදරයේ අනවබෝධය සහ ගැටුම එහිම වූ ස්වභාවය නෙමෙයිද? ඒක අපිට එක එක මුහුණුවරින් යළි යළිත් මුනගැහෙනවා. ඒ ගැටුම නොතිබුනා නම් ගැහැණු පිරිමි ආදරයක් මේ තරම් සුන්දර නොවෙන්නට තිබුනා. ඒ නොගැලපීම විනාසකාරී බව ඇත්තයි. ඒක උමතුවක් පිස්සුවක් කැඳවන බව ඇත්තයි. ඒත් ඉතින් ආදරය එහෙමයි.

 

387841890 175000352321018 4106085380883655839 n

අපිට වේදිකාවෙන් පිට ප්‍රේක්ෂකයෙක් විදිහට මිස කිසි දවසක අපේ සම්බන්ධතා ඇතුලෙ මේ මොහොත සවිඥානකව හසුරුවන්න පුළුවන්කමක් නෑ. ඒකත් සවිඥානකව හසුරුවන කෙනෙක් වුනොත් ඒ කියන්නෙ ඒ කෙනා සම්බන්ධතාවයේ සීමාව ඉක්මවා යමින් ඉන්නවා. ඒ සෙල්ලම තවදුරටත් ඒ අයව ඉමෝෂනල් ජර්නි එක ගෙනියන්නෙ නෑ. ජීවිතේ බෝරිං වෙනවා කියන්නෙ එතකොට.

වේදිකාව උඩ ඒ සිප වැළඳ ගැනීම්, අනුරාග සපා කෑම්, ලෙවකෑම් සියල්ල ඒ චරිත ඒ අයගේම තෘප්තිය පිණිස කරනවා මිස තුන්වැන්නෙක් වෙනුවෙන් කරනවා නෙමෙයි. ඒක රංගනය පැත්තෙන් හරිම ලස්සන දෙයක්. ඒ හැම මොහොතක්ම අපි හැමෝගෙම කොහේ හරි මොහොතක් එක්ක සම්බන්දයි. ඒ තමයි අපේ පසු- නූතන පවුලේ ආරම්භක පරිච්ඡේදය.

 

412882529 218114801342906 4393007042538881013 n

මේක අර්බුදයක් විදිහට තේරුම් අරගෙන එතනින් කොහාටද කියල කල්පනා කළ යුතු ප්‍රශ්නයක් නෙමෙයි. එහිම වූ චමත්කාරය විඳින්නයි තියෙන්නෙ. පුංචිම පුංචි මීයෙකුගෙන් පවා පුපුරා යා හැකි පවුල් ඇතුලෙ ජීවිතය හරිම ඉන්ටෙන්ස්. එතනින් කෙනෙක් වෙන් වීම දක්වා යාවි, තව කෙනෙක් පවුල ඇතුලෙම හිරි වැටීම දක්වා යාවි. තරමක් බලා ඉන්න පුළුවන් තරමට සාවධාන අය සම්බන්ධතාවයක ඊළග පරිච්ඡේදය දක්වා යාවි.

407933391 208622942292092 4200213395896087240 nඒ කොහොම වුනත් මේ ඉන්ටිමසි නර්තනය අතිශය චමත්කාරයි. එතන සදාචාරය හෝ වෙනත් විනිශ්චයන් වලංගු නෑ. ඒක මිනිස් ආදරයේ මොහොතක්.

චාමර ගු‍රුගේ මේ ගැඹුරු පැවැත්මේ සෞන්දර්ය වේදිකාව මත දිග හරිනවා. ඒක අනුරාග කාව්‍යයක්. සියුම්ව වියමන් කළ අපූර්ව මොහොතක්. ඒක දැනෙන, වැදෙන, ඇනෙන, රිදෙන, හිනායන, ඇඩෙන ආදර ගවේෂණයක්.

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...