BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'විහඟ ප්‍රේමය' නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

T

The Leader

February 7, 2024 • 1:31 AM

'විහඟ ප්‍රේමය' නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංජීව පුෂ්පකුමාර යනු දේශීය සිංහල සිනමා ක්ෂේත්‍රයේ තරුණ සිනමාකරුවන් අතරේ සිටින සුවිශේෂී සිනමාකරුවෙකි.
  • ඒ අතුරින් දැනට චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කර ඇත.
  •   ටෝකියෝ සම්මාන උළෙලෙ දි  පසුගිය තුන්වන (2024/02/03) ‘‘විහඟ ප්‍රේමය’’ සිනමා නිර්මාණයේ නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර ඇත.
  • එම සිනමා නිර්මාණය ළඟදීම ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂක ප්‍රජාවට නැරඹීමේ අවස්ථාව උදාවන බව ද සංජීව පුෂ්පකුමාර පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ වන විට කෙටි චිත්‍රපට තුනක් (ස්පර්ශ 2007, පියාසර කිරීමට පියාපත් 2008 සහ නෙළුම් අම්මා 2021) අධ්‍යක්ෂණය කර ඇති අතර වෘතාන්ත චිත්‍රපට හතරක් නිර්මාණය කර ඇත. ඒ අතුරින් දැනට චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කර ඇත. එම සිනමා නිර්මාණ ත්‍රිත්වයට ම ජාත්‍යන්තර සම්මාන කිහිපයක් ම හිමි වීම ද සුවිශේෂී ය. 

ඔහු ගේ සිව්වන සිනමා නිර්මාණය වන්නේ ‘‘විහඟ ප්‍රේමය’’ (Peapock Lament) යි.

 

 

 

මෙම සිනමා නිර්මාණය ද ලෝකයේ පැවැත්වෙන හොඳ ම සිනමා උළෙල අතුරින් එකක් වන ටෝකියෝ සම්මාන උළෙලෙහි දි සම්මානයක් දිනාගැනීමට සමත් විය.

 

ටෝකියෝ සම්මාන උළෙලෙ දි 

පසුගිය තුන්වන (2024/02/03) ‘‘විහඟ ප්‍රේමය’’ සිනමා නිර්මාණයේ නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර ඇත. එම සිනමා නිර්මාණය ළඟදීම ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂක ප්‍රජාවට නැරඹීමේ අවස්ථාව උදාවන බව ද සංජීව පුෂ්පකුමාර පැවසී ය.

 



‘‘විහඟ ප්‍රේමය’’ සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන්නේ: සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, ඩිනාරා පුංචිහේවා, අමිත්ත වීරසිංහ, ළහිරු ප්‍රසාද්, සංගීතා නිල්නදී ගොඩගම, Lorenzo Acuquaviva,  මහීෂා නෙතාරා, නවින් සෞම්‍ය, ධනුජි දිනායා, දුලාන් මංජුල ලියනගේ, භනුජ මන්දියෙව්, යශොල්දා රසන්දුනී සහ ඩිස්නි උමංගි රාජපක්ෂ යන නළු නිළි පිරිස ය.

 

අමිල අබේසේකර නිෂ්පාදනයෙන් දායක වන මෙම සිනමා නිර්මාණයේ සම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කර ඇත්තේ Chiara Barbo ය.

සටහන :
දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
jayasirialawatta11@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...