BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රජිනිකාන්ත්, ලාල් සලාම් චිත්‍රපටයේ කොඳු නාරටිය යි

T

The Leader

February 18, 2024 • 4:33 AM

රජිනිකාන්ත්, ලාල් සලාම් චිත්‍රපටයේ කොඳු නාරටිය යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය හේතු කිහිපයක් නිසාම 2024 සඳහා සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු රජිනිකාන්ත්ගේ වඩාත් බලාපොරොත්තු තැබූ චිත්‍රපටවලින් එකකි.
  • විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් වැනි තරු ඇතුළත් වන මෙම චිත්‍රපටය ක්‍රිකට් සහ ආගම වටා ගෙතෙන කතාවක් වන අතර ගමක මිනිසුන් ජනප්‍රිය ක්‍රීඩාවක් දේශපාලනීකරණය කරන ආකාරය ගෙන හැර දක්වයි.
  • දෙවන භාගය වේගවත් වන අතර එහිදී රජිනිකාන්ත් ඔහුට සුපුරුදු සිය බලගතු රංගනය මුදාහරිනු ඇත.
  • සිත්ගන්නා කරුණ නම්, කතාවට වෙනස් පෙරළියක් ගෙන එන ආන්දෝලනාත්මක මුස්ලිම් නායකයෙකු වන මොයිඩීන් බායි ලෙස රඟන රජිනිකාන්ත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පළමුවෙන්ම, මෙහිදී ඔහුගේ දියණිය / අධ්‍යක්ෂක අයිශ්වර්යා රජිනිකාන්ත් වසර අටකට පසු නැවත ක්‍රියාකාරීත්වය දක්වන ආකාරය දක්නට ලැබෙන අතර මෙය ඇයගේ පියා වන සුපිරි තරුව වන රජිනිකාන්ත් අධ්‍යක්ෂණය කරයි. විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් වැනි තරු ඇතුළත් වන මෙම චිත්‍රපටය ක්‍රිකට් සහ ආගම වටා ගෙතෙන කතාවක් වන අතර ගමක මිනිසුන් ජනප්‍රිය ක්‍රීඩාවක් දේශපාලනීකරණය කරන ආකාරය ගෙන හැර දක්වයි.

my dream team aishwarya rajinikanth all praise for lal salaam unit 001අයිශ්වර්යා රජිනිකාන්ත් සමඟින්

 

ලාල් සලාම් හි පළමු භාගය බොහෝ දුරට ගම, එහි මිනිසුන් සහ එහි හින්දු සහ මුස්ලිම් ආගම් අතර සම්බන්ධය වටා බ්‍රමණය වේ. එය තිරු සහ ෂම්සු අතර එදිරිවාදිකම් විස්තර කරයි. දෙවන භාගය වේගවත් වන අතර එහිදී රජිනිකාන්ත් ඔහුට සුපුරුදු සිය බලගතු රංගනය මුදාහරිනු ඇත. සිත්ගන්නා කරුණ නම්, කතාවට වෙනස් පෙරළියක් ගෙන එන ආන්දෝලනාත්මක මුස්ලිම් නායකයෙකු වන මොයිඩීන් බායි ලෙස රඟන රජිනිකාන්ත් ය.

 

තම පෞද්ගලික විශ්වාසයන් ප්‍රදර්ශනය කරන ඔහුගේ සමහර දෙබස් අද කාලයට ගැලපෙන අතර ඒවා අර්ථාන්විත සහ ගැඹුරු වන අතර එය විටෙක ඔබගේ ඇස්වලට කඳුලු එකතු කරන අවස්ථා ගෙන එනු ඇත. එක් විශේෂිත දර්ශනයක, මොයිඩීන් බායි පවසන්නේ, "ඉන්දියාව ඉන්දියානුවන් සඳහා වන අතර, මම ඉන්දියානු මුස්ලිම් ජාතිකයෙකි. මම ඉපදුණේ මෙහි ය, මම මෙහි මිය යන්නෙමි! මෙය මගේ නිවසයි! කුලය හෝ ආගම ගැන කතා නොකර මනුෂ්‍යත්වය ගැන කතා කළ යුතු අතර මනුෂ්‍යත්වය සියල්ලටම වඩා ඉහළින් පවතී. “ඉන්දියාව දිගුකල් දිනේවා.” යනුවෙනි. සියල්ලටම වඩා මනුෂ්‍යත්වය උසස් ය යන්න මෙම සුපුරි තරුව සැබෑ ජීවිතයේදී ද කතා කළ අංගයකි. 

මෙම දර්ශනයේදී රජිනිකාන්ත් තම පුත්‍රයාගේ අපේක්ෂාවන් වෙනුවෙන් ක්‍රියා කරන පියෙකු ලෙසත් ප්‍රජා නායකයෙකු ලෙසත් ආගම් කුල භේදයකින් තොරව සියලු මිනිසුන් එක යැයි විශ්වාස කරන පුද්ගලයෙකු ලෙස ද්විත්ව භූමිකාව ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කරයි. ඔහුගේ ක්‍රියාදාමයන් සහ සටන් ජවනිකා පවා පමණ ඉක්මවා නොයන රංගන ප්‍රතිභාවයකි.

 

lal salaam movie review noble intentions spoiled by poor execution 1

 

ලාල් සලාම් චිත්‍රපටයේ සැබෑ නිරූපකයා සහ කොඳු නාරටිය රජිනිකාන්ත් ය.

එකිනෙකට වෙනස් ආගම් දෙක විස්තාරණය කිරීම සඳහා දේශීය සහ සූෆි යන අංග දෙකම ඒකාබද්ධ කරමින් චිත්‍රපටයේ වටිනාකම තීව්ර කරනු ලබන්නේ ඒ. ආර්. රහ්මන්ගේ සංගීතයයි.

 

 

 

අධ්‍යක්ෂ ඓශ්වර්යා රජිනිකාන්ත් අද දේශපාලන සහ සමාජ වටපිටාව තුළ කැපී පෙනෙන චිත්‍රපටයක් නිර්මාණය කර ඇති අතර, මෙම චිත්‍රපටය ලොව පුරා සිනමා රසිකයින් අතර බොහෝ සෙයින් කතා බහට ලක්වනු නො අනුමානය.

 


එක්සත් රාජධානියේ LYCA සමූහ ව්‍යාපාරයට අනුබද්ධ LYCA Productions විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය, රටේ විශාලතම රංග පරිපථය වන SAVOY 3D CINEMAS හි ප්‍රදර්ශනය කෙරේ. Savoy 3D, අතිනවීන දර්ශන සහිත (state-of-the-art) රටේ විශාලතම චලනය වන තිරය වන අතර, මෙය ආරාධිත සහ සුවපහසු වාතාවරණයක් තුළ අද්විතීය සිනමා අත්දැකීමක් ලබා දෙන අතරම, මෙම චිත්‍රපටය කථා නිපදවීමේ නව මානයන් සොයා යනු ඇත. 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...