BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සිහින සමීකරණ නිල පෝස්ටරය එළියට

T

The Leader

February 27, 2024 • 2:57 AM

සිහින සමීකරණ නිල පෝස්ටරය එළියට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තාරුණ්‍යයට ජිවිතේ මග වරදින්න යන්නේ පොඩි කාලයක්. එහෙම මග වැරදුනා කියලා ජිවිතේ ඉවර වෙන්නෙ නෑ. යලි මුල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ, ජීවිතයට ඇහැරෙන්න පුළුවන්.
  • ඉදින් එවන් ආදරණීය "වෙනස් මිනිස් ඇසුරක්" ගැන ඔබට කියන සසික හේරත් ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘සිහින සමීකරණ’ චිත්‍රපටයෙහි නවතම නිල පෝස්ටරය පසුගියදා එළිදක්වා තිබේ.
  • නුදුරේදීම මෙරට සිනමා ශාලාවල තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒකට ඕන වෙන්නෙ උතුරු තරුවක් වගේ දිලෙන ආදරයක්, හරි මග පෙන්වන ආදරණීය ගුරුවරුන්, හැබෑම මිනිස් සම්බන්ධතාවන්.

ඉදින් එවන් ආදරණීය "වෙනස් මිනිස් ඇසුරක්" ගැන ඔබට කියන සසික හේරත් ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘සිහින සමීකරණ’ චිත්‍රපටයෙහි නවතම නිල පෝස්ටරය පසුගියදා එළිදක්වා තිබේ.

418170685 915182176976716 1070808211609490556 n
නුදුරේදීම මෙරට සිනමා ශාලාවල තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ විසිනි.

තිර රචනයෙන් දර්ශන විද්‍යා අරවින්ද, සංස්කරණයෙන් අජිත් රාමනායක, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, සහය අධ්‍යක්ෂණයෙන් ඉන්දික ධර්මතිලක, ශබ්ද නිර්මාණකරණයෙන්  සසික රුවන් මාරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් මෙන්ම ඇඳුම්  නිර්මාණයෙන් පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරුපණයෙන් ප්‍රියන්ත එස්. වන්නිනායක, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බන්ඩාර, නිෂ්පාදන කළමනාකරණයෙන් දුමින්ද පෙරේරා සමඟින් හරේන්ද්‍ර පෙරේරා යන අය නිර්මාණයට දායකත්වය ලබාදී තිබේ. 

 



ප්‍රධාන රංග භූමිකාව සඳහා සජිත ඇන්තනි (නිසල්) සහ කසුනි කාවින්දි ප්‍රනාන්දු (රිද්මි), අශාන් ඩයස් (ජනක සර්) එක්වී ඇති අතර සහාය නළු නිළියන් ලෙස රන්දික ගුණතිලක (අෂේන්), වසන්ත විට්ටච්චි (විදුහල්පති), පූජන දන්දෙණිය (අසංක), රෙබෙකා දිල්රුක්ෂි (දිල්කි), මොරින් චාරුනි (රිද්මිගේ මව), නයනා හෙට්ටිආරච්චි (නිසල්ගේ මව) යන රංගන ශිල්පින් ශිල්පිනියන් එක්වී ඇත.  

 

241462149 845162209695591 4846017555788002339 n 987x658


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...