BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය කතිකාවට ඇරයුම් !

T

The Leader

March 16, 2024 • 1:47 AM

ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය කතිකාවට ඇරයුම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ කිවිඳියන්ගේ කවි අපට එතරම් සමීප නොවන්නේ භාෂා ගැටලුව හේතුවෙන් මිස දෙමළ බසින් කවි ලියන කිවිඳියන්ගේ හිගයක් නිසා නම්
  • යුද ගිනි දැල් මැද, බංකර තුළ, අත් හැරුණු නිවෙස් තුළ, තාවකාලික කඳවුරු තුළ නිසැක වශයෙන් ම බොහෝ කවි වියැකී යන්නට ඇත.
  •        මීළඟට දකුණේ කාව්‍ය සමාජයට දෙමළ කිවිඳියන් කිහිපදෙනෙකුගේ ආත්මීය දෝංකාරය සම්මුඛ වන්නේ  2006 නිලාර් එන් කාසිම් පරිවර්තනය කරන ලද ''සහෝදර පියාපත්" කාව්‍ය කෘතියෙනි.
  •    ''ගිනි වැදුණු සිතක කවි" ලෙසින් තමිලිනීගේ කවි අපට හමුවන්නේ ජී.ජී.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවේ. ඉඳ හිටක පුවත්පතක පළ වන පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කිවිඳියන් අපට හමු වූ අවස්ථා ඇත්තේ ඉතාම අල්පයකි. යුද ගිනි දැල් මැද, බංකර තුළ, අත් හැරුණු නිවෙස් තුළ, තාවකාලික කඳවුරු තුළ නිසැක වශයෙන් ම බොහෝ කවි වියැකී යන්නට ඇත.

  
 
1993 වසරේ ''යුද බිමෙන් උපන් කවි - දෝංකාරය" ලෙසින් දෙමළ පරිවර්තකයන්ගේ සහය ලබා ගනිමින් සීතා රංජනී සංස්කරණය කළ කවි එකතුව තුළ සෙල්විනිති ත්‍යාගරාජා, ඌර්වසී, සිවරමණි, සන්මාර්තා, සංගරී, මෛත්‍රී අව්වෙයි උරුත්තිරිමූර්ති වැනි කිවිඳියන්ගේ කවි අපට සමීප විය.
 
1705891653
  
 
මීළඟට දකුණේ කාව්‍ය සමාජයට දෙමළ කිවිඳියන් කිහිපදෙනෙකුගේ ආත්මීය දෝංකාරය සම්මුඛ වන්නේ  2006 නිලාර් එන් කාසිම් පරිවර්තනය කරන ලද ''සහෝදර පියාපත්" කාව්‍ය කෘතියෙනි.
  
''ගිනි වැදුණු සිතක කවි" ලෙසින් තමිලිනීගේ කවි අපට හමුවන්නේ ජී.ජී. සරත් ආනන්දගේ පරිවර්තන ශ්‍රමය හරහා ය. මේ කාලය තුළ ඉඳ හිට  පුවත්පත්වල, සමාජ මාධ්‍යවල ඇස ගැටුණු පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කවිය අපට තවමත් ඇත්තේ බොහෝ දුරිනි. 
 
 
image
 
 
වර්තමානයේ උතුරු දකුණු හදවත් යා කරන පාලමක් ලෙස කවිය සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් අප දකින්නේ අනූෂා සිවලිංගම් වෙතිනි. ''රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන'' නමින් ඇය සිංහල භාෂාවට පරිවර්තනය කළ දීපචෙල්වන්ගේ කවි එකතුව එළිදැක්වුණේ 2023 වසරේ ය.
 
WhatsApp Image 2023 09 16 at 9.14.49 PM
  
 
2024.03.20 දින බදාදා ප.ව. 1.30ට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මාසික විද්වත් දේශනයෙන් මෙවර, ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය හෘද සාක්ෂිය අප වෙත සම්මුඛ කරන්නේ අනූෂා සිවලිංගම් ය.
  
කවියට, ජීවිතයට, මනුෂ්‍යත්වයට ළැදි සහෘද සැමට ආරාධනා !
 
WhatsApp Image 2024 03 16 at 12.28.10
 
 
 තරුරැසී ප්‍රනාන්දු 
371865660 2916263665182819 5018293633927116959 n
 
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...