BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය - (චමිල් ජයනෙත්ති)

T

The Leader

April 8, 2024 • 11:29 AM

මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය - (චමිල් ජයනෙත්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි.
  • පංති අරගල මවතේ ගමන් කළ තරුණියක් වටා සහ ආයුධ සන්නද්ධ අරගල මාවත තුළ ගමන් කළ පුද්ගලයෙක් (සහෝදරයෙක්) වටා කථාව ගෙතී ඇත.
  • 88-89 සන්නද්ධ අරගල කණ්ඩායමක් විසින් අයගේ පියාව මරා දැමූ විට ඇය අතරමන් වුවත් ජීවිතය රැක ගන්නේ රංගන ශිල්පිනියක් (performing artists) ලෙසය.
  • ඒවගේම 88-89 සන්නද්ධ අරගල වාමාංශය නියෝජනය කළ සහෝදරයා තම ජීවිතය බේරා ගන්නේ මරා දැමීමට ගෙන යන මොහොතකින් අහඹු ලෙස දිවි ගලවා ගැනීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

sudath
ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි.

‘මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති දෙක වන පංති අරගල මාවත සහ සන්නද්ධ අරගල මාවත වටා ගෙතී තිබේ. පංති අරගල මවතේ ගමන් කළ තරුණියක් වටා සහ ආයුධ සන්නද්ධ අරගල මාවත තුළ ගමන් කළ පුද්ගලයෙක් (සහෝදරයෙක්) වටා කථාව ගෙතී ඇත.

තරුණිය පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශික ධාරාවේ පවුලකින් පැවත එන කෙනෙකි. ඇය තම වාමාංශික ආභාෂය ලබාගෙන තිබුණේ තම පියාගෙනි. පියා පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශිකයෙකි. 88-89 සන්නද්ධ අරගල කණ්ඩායමක් විසින් අයගේ පියාව මරා දැමූ විට ඇය අතරමන් වුවත් ජීවිතය රැක ගන්නේ රංගන ශිල්පිනියක් (performing artists) ලෙසය.

ඒවගේම 88-89 සන්නද්ධ අරගල වාමාංශය නියෝජනය කළ සහෝදරයා තම ජීවිතය බේරා ගන්නේ මරා දැමීමට ගෙන යන මොහොතකින් අහඹු ලෙස දිවි ගලවා ගැනීමෙනි. ඉන්පසු මේ සහෝදරයා තම ජීවිතය රැකගෙන ඇත්තේ ව්‍යාජ නමකින් පෙනී සිටි ආණ්ඩු විරෝධී මාධ්‍යවේදියෙක් ලෙසය. දෙදෙනාගේ වාමාංශික මතවාදී පරාසයේ පරස්පරතාවය මේ චිත්‍රපටය තුළ මානාව ස්ථාන ගත කර ඇත. නමුත් දෙදෙනාගේම මතවාදී පරස්පරතාවය තිබුණත් ජීවත්වීමට ඇති ආශාව හා අභිලාෂය ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය තුළින් අපූර්වට විදහා දක්වන්නේය.

gtbhdr
මේ චිත්‍රපටයේ 88-89 සිද්ධි දෙකකට මුහුණ දුන් දෙදෙනාගේම වාමාංශික දෘෂ්ටිමය පරිකල්පනය හමුවෙයි. ඒ දෘෂ්ටිමය පරිකල්පනය වටහා ගන්නට අවුරුදු 60 පමණ කාලයක් පැවිති ආයුධ සන්නද්ධ අරගල ක්‍රියාකාරීත්වය දෙස විමසිලිමත්ව බැලීම වැදගත්ය. ලංකාවේ ආයුධ සන්නධ අරගල ආකෘතීන් තුනක් පසුගිය අවුරුදු 60 ඇතුළත දියත් විය. පළමුව 1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, දෙවනුව 88, 89දී දේශප්‍රේමී කැරැල්ල සහ තුන්වෙනුව 2009දී අවසන්වූ එල්.ටී.ටී.ඊ. ආයුධ සන්නධ කැරැල්ල හඳුනා ගත හැකිය.

 

මේ ආයුධ සන්නද්ධ කැරලි තුළ පැවතියේ සමාජ ප්‍රශ්න සන්නද්ධ අරගලයට සම්බන්ධ කරමින් භීතිය වැපිරීම සඳහාය. නමුත් මේ කැරලි තුනම ධනේශ්වරය විසින් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර පොඩි පට්ටම් කර දැම්මේ බලහත්කාරී ලෙසය. ආයුධ සන්නද්ධ මාවත මාක්ස්වාදී අරගලකාරී මාවත නොවේ. නමුත් ආයුධ සන්නද්ධ මාවතට මාක්ස්වාදී සාහිත්‍ය සහ දාර්ශනික විග්‍රහයන් පටලවා ගත්තේ පීඩිතයන්ගේ සහභාගිත්වය මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට කෙටි කාලීන ජයග්‍රහණය හිමි සන්නද්ධ අරගල ව්‍යාපාරයක් ලෝකයේ පැවති නිසාය.


555dfrr1917 ජූලි මාසයේදී රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ්හි තාවකාලික ආන්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක්..


ආයුධ සන්නද්ධ විප්ලව 1950න් පසුව චීනයෙන් ඇරඹුණු අතර එය තවත්  රටවල් කිහිපයක ම සිදු විය. මේ ක්‍රියාදාමයේදී වැදගත් රුඩිකල් චරිත කීහිපයක් හඳුනා ගත හැකිය. ඒ හෝ චි මින් [1890-1969] වියට්නාමය, මාඕ සේතුං [1893-1976] චීනය, කිම් ඉල් සුං [1912-1994]  උතුරු කොරියාව, පිදෙල් ක්‍රැස්තෝ [1926-2016) කියුබාව, චේ ගුවෙරා [1928-1967]  කියුබාව යන පිරිස හඳුන්වා දිය හැකියි.

මොවුන් ආයුධ සන්නද්ධ ත්‍රස්ත සටන් ක්‍රම මගින් එම රටවල ආණ්ඩු බලය අල්ලා ගත්තේය. ආයුධ සන්නද්ධ අරගලය පංති අරගලය නොවන්නේය. ආයුධ සන්නද්ධ අරගලය මගින් යම් රැඩිකල් සන්දර්භයක් විදහා පෑවත් මානව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් විමසූ කල විකෘතියකි. එවිට සමාජමය පංති අරගලය වර්ධනයට කිසිම සහේතුක ක්‍රියාවක් මොවුන්ගේ ආයුධ සන්නද්ධ ක්‍රියාදාමය මගින් සිදු නොවුණි. පංති සවිඥානකත්වය ආයුධය විසින් මොටකර දැමීම පමණක් සිදු වුණි. එවිට පංති අරගලය විසින් ඇති කරනු ලබන සමාජ විප්ලවීය ක්‍රියාදාමය වෙනුවට ආයුධයේ බලහත්කාරය මත ආණ්ඩු බලය අත්පත් කර ගැනීම පමණක් සිදු විය. මානවයාගේ සාමුහික ප්‍රජාතන්ත්‍රවාදී අරගල අකුළා ආයුධයට ආණ්ඩු බලය අල්ලා ගැනීම පමණක් සිදු වුණි. නමුත් මේ ආයුධ සන්නද්ධ අරගල මගින් බලය ගත් ඉහත රටවල් වර්තමානයේ ධනේශ්වර පාලන ත්‍රන්ත්‍රයන් බවට පත්වී තිබෙන්නේ මානව විකෘතික් සහිතවය.


එවිට ආයුධ සන්නද්ධ අරගලය පීඩිතයන්ගෙන් සැදුම්ලත් පිරිසකගේ රුඩිකල් ක්‍රියාකාරීත්වයක් ලෙස පිළිගත්තත් වැඩකරන ජනතාවගේ විප්ලවවාදී අරගලයේ කොටසක් නොවන්නේය. එක පැත්තකින් ජන අරගලය මගින් ඇති කළ යුතු සමාජ පෙරළිය” ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ආදේශ වී කරන ත්‍රස්ත සටන් මගින් බලය ලබාගත හැකි වුවත් පංති අරගලය මගින් සිදු කරන සමාජ විප්ලවයක් සිදු නොවන්නේය. සමස්ත සමාජයේ පීඩිතයන්ගේ පංති අරගලය මගින් ලැබෙන විප්ලවකාරී මැදිහත්වීම සන්නද්ධ සටන්වලින් නොලැබෙන නිසා විකෘතියක් බවට පත් වන්නේය. එවිට සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ මෙහෙයුමට සියල්ල නතුකර ගෙන මතවාදී මෙහෙයුම ආයුධ ත්‍රස්ත මෙහෙයුමක් බවට පත් කර ගනියි. ආයුධය යනු බලහත්කාරී අවියකි. එය සමාජ මූල නොසොයන අතර කැමති-අකමැති කොටස් දෙක මත තීන්දු ගනියි.

 


xfdt5y6ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරතවෙමින්.. (2022 ජූලි 9, කොළඹ)


පංති අරගලයේ මූලික කාර්යභාරය වන්නේ පීඩනයට එරෙහි ව සමස්තය ඒකාබද්ධ කිරීමය. එය මානව පරිණාමයේ වැදගත් සංඝටකයක් ලෙස මාක්ස්වාදය පෙන්වා දෙයි. එහි වැදගත්කම පෙන්වන්නේ ලෝකයේ පංති අරගලය මගින් පාලකයන් එලවා දැමූ අවස්ථා වලිනි. ඒ 1872 ප්‍රංශ ආණ්ඩුව එළවා ප්‍රංශ කොමියුනය බලය අත්පත් කර ගැනීම, 1917 රුසියාවේ අප්‍රේල් ජන නැගිටීම මගින් සාර්ව එලවා දැමීම, සහ ලංකාවේදී 2022 ගෝඨාභය එලවා දැමීමේ අවස්ථා තුන මගින් ලෝකයේ ජන අරගලය තහවුරු වූ අවස්තා තුනයි. එවිට ලංකාවේ ආයුධ සන්නද්ධ කැරලි තුනම අසාර්ථක කැරලි බව ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ චරිත දෙක ගෙන එන සංවාදය තුළින් පසක් වන්නේය. මේ චිත්‍රපටයේ ගෙන එන පංති අරගලය සහ සන්නද්ධ අරගලය යන දේශපාලන තේමාව ඉතා ප්‍රශංසනීය තේමාවක් වන්නේ ඒ නිසාය.

cfghdfg
ලාංකික සමාජය තුළ තවත් පරිකල්පනීය දැක්මක් සහිත සංවාදයක් නිර්මාණය කිරීමට හැකියාව මේ චිත්‍රපටය මගින් ලබා දෙයි. මොකද” වාමාංශික දේශපාලන ගමන්මගේ ව්‍යුහය වන පංති අරගල මාවත නැවත සක්‍රීය වීම ලංකාවේ 2022දී ජන අරගලය සාධකයක් වුණි. එවන් දේශපාලන දැක්ම දෙකක් සහිත දෙදෙනෙකුගේ ප්‍රේමණීය ආකර්ශනය ලාංකික සිනමා ප්‍රේක්ෂකයාට ලබා දීම ප්‍රශංසනීය උත්සාහයකි ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය.

‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ රූගත කිරීම් දින හතරකින් අවසන් කිරීම යනු පැහැදිලි සැලැස්මකි. ඒ අඩු මුදලට සිනමා නිර්මාණයක් එළි දැක්වීමට ගත් උත්සාහය විශිෂ්ට වැඩකි (පට්ට වැඩකි). මොකද, ලංකාවේ වත්මනේ සමස්ත පරිහානියේ පැති කීපයක් වන ආර්ථිකය, දේශපාලනය සහ සමාජය යන සමස්තය කඩා වැටුණු මොහොතක සිනමා නිර්මාණකරණයට ගත් පියවර යනු අතිවිශාල ඉදිරි පියවරකි. අඩු මුදලකින් සිනමා නිර්මාණයක් කිරීමට ගත් උත්සාහය අතිවිශිෂ්ට පියවරක් වන්නේ අර්බුදය පසෙක දමා නිර්මාණාත්මක වපසරිය දියත් කිරීමට මේ සිනමා කෘතිය හරහා මතු කර ගත් බැවිණි. සුගත් මහදිවුල්වැව අධ්‍යක්ෂකවරයාට හදපිරි සතුට පිරිනමන්නේ මේ චිත්‍රපටය හරහා ගත් දෘෂ්ටිමය ප්‍රයත්නය අතිවිශිෂ්ට නිසාවෙනි.

සටහන :
(චමිල් ජයනෙත්ති)


(උපුටා ගැනීම - vivaranalk.com)


 
සබැඳි ලිපි :
විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' -  (ජයසිරි අලවත්ත)

My Red Comrade සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක් - (සරෝජ් පතිරණ)

'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)  

MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන) 

MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි) 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...