BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

හනුමා හොලිවුඩය ගිනි තියයි - (චින්තන ධර්මදාස)

T

The Leader

April 13, 2024 • 2:17 AM

හනුමා හොලිවුඩය ගිනි තියයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩේව් පටෙල් එයාම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියක් අරන් එනවා කිව්වම ඒක එනකං නොඉවසිල්ලක් තිබුන. ඒකෙ ට්‍රේලර් එක දැක්කම ටැරන්ටිනෝ සහ
  • ඒ වගේ චිත්‍රපටියක් බලන්න හොඳම වෙලාව රෑ 9.30 ෂෝ එකටම ගියා.
  • කොරොනා නිසාත්, මේක ඉන්දියානු ප්‍රේක්ෂකයාට බාරගන්න බැරි තරම් කෲරත්වයෙන් වැඩියි කියල නෙට්ෆ්ලික්ස් පස්ස ගහපු නිසත්, ඇත්තටම මේක යට කතා වෙන ‍ඉන්දියානු දේශපාලන පණිවිඩය ගැන නිෂ්පාදකයන්ට තිබුනු බය නිසත් 2018 සැලසුම් කරපු චිත්‍රපටිය පටන් ගත්තෙ 2023දි.
  • ඒ හනුමාන්ගේ ඉඳන් වඳුරු මූනක් පළදින මන්කි මෑන් දක්වා සම්බන්ධයක් ගේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ආශ්‍රිත රිවෙන්ජ් සිනමා ජොන්රා එකක ආශාව පත්තු වුනා. ඒ වගේ චිත්‍රපටියක් බලන්න හොඳම වෙලාව රෑ 9.30 ෂෝ එකටම ගියා.

මේ චිත්‍රපටිය නොකෙරෙන තැනටම වැඩ සිද්ද වුනු එකක්. කොරොනා නිසාත්, මේක ඉන්දියානු ප්‍රේක්ෂකයාට බාරගන්න බැරි තරම් කෲරත්වයෙන් වැඩියි කියල නෙට්ෆ්ලික්ස් පස්ස ගහපු නිසත්, ඇත්තටම මේක යට කතා වෙන ‍ඉන්දියානු දේශපාලන පණිවිඩය ගැන නිෂ්පාදකයන්ට තිබුනු බය නිසත් 2018 සැලසුම් කරපු චිත්‍රපටිය පටන් ගත්තෙ 2023දි.

ඩේව් පටෙල්ට ඕන වෙලා තිබුන ඇක්ෂන් චිත්‍රපටියක්. ඇක්ෂන් ෆිල්ම්ස් කියන ජොන්රා එක හොඳටම අපහරණයට ලක්වුනු ජොන්රා එකක් කියල එයා කියලා තිබුන. ඒ ජෝන්රා එකේ චිත්‍රපටියකට දේශපාලනමය, සමාජමය කරුණු බද්ධ කරන්න පුළුවන් නම් කියලා එයා කල්පනා කරලා තිබුන.

 

BB1lsAEV

කීනු රීව්ස් රගපාන ජෝන් වික් වෙනුවට ඩේව් පටෙල් රඟපාන මන්කි මෑන් එන්නෙ ඒ විදිහට. සම්පූර්ණ තීම් එකම වගේ ජෝන් වික්වලින් ගන්න අතරෙ පටෙල් එයාගෙ ෆිල්ම් එකට මසාලා ට්විස්ට් එකක් දෙනවා. සටන් විලාසිතාව ඉන්දුනීසියාවෙන් ගන්නවා. ස්ලම් ඩෝග් මිලියනයර් තමන් හිට්වුනු චිත්‍රපටියෙ කැමරාව සහ රූප රාමුත් පටලනවා. මේ ඔක්කොම කලවම් කළාම බලන් ඉන්න පුළුවන් අමුතු අරිෂ්ටයක් එනවා.



සිනමා කෘතියකදි වැදගත්ම දේ වෙන්නෙ ඒ කෘතිය විසින් මෙතෙක් අපි විසින් අත් නොවිඳි රසයක් අපිට ලබා දෙනවද කියන එක. ‍ඩේව් පටෙල්ගෙ සිනමා කොක්ටේල් එකේ එහෙම එකක් තියෙනවා. ඩේව් මේ ෆිල්ම් ජෝන්රා එක කණපිට ගහන වැඩක් කරන්නෙ නැති වුනාට ජෝන්රා එකට අලුත් ෆ්ල‍ේවර් එකක් එයා එකතු කරනවා.

 

monkey man dev patel release date trailer cast 65f02e036b7af

චිත්‍රපටිය යටිපෙල තියෙනවා තුවාලයක්. කතාව දුවන්නෙ ඒ තුවාලයේ වේදනාවෙන් තමන්ගේ සතුරන්ගෙන් පලිගන්න යන තරුණයෙක් ගැන. ඒ සතුරා පුද්ගලයන් තුන්දෙනෙක් විදිහට සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරියෙක්, නරේන්ද්‍ර මෝදි මතක් කරවන විදිහෙ ආධ්‍යාත්මික ජාතිකවාදියෙක්, එයාගෙ රූකඩයක් බඳුවන දේශපාලකයෙක්. මහා ජාතිය මූලික කරගත් දර්ශනයක් සමග කෲර විදිහට සුළු වර්ගයන්ට හිංසා කරන, ඔවුන්ගේ ඉඩම් කොල්ලකන මෝදිවාදයට සමීප මේ නායකයාගෙ චරිතය හින්ද ගොඩක් අය චිත්‍රපටියට අතගහන්න බය වුනා.


mon0
ඊටත් යටිපෙලත් විදිහට හනුමාන් සම්බන්ධ මිත්‍යා කතාව අරගෙන එනවා. ඒ හනුමාන්ගේ ඉඳන් වඳුරු මූනක් පළදින මන්කි මෑන් දක්වා සම්බන්ධයක් ගේනවා. මේ විදිහට අසාර්ථක තැන් බොහොමයක්, ප්ලොට් එකේ හිල් බොහොමයක් සමග වුනත් මන්කි මෑන් චිත්‍රපටිය විචිත්‍ර එලාගැනීමක් සළකුනු කරනවා.

කතාව තියෙන්නෙ කල්පිත ඉන්දියානු නගරයක. ඒක හරියට සින්සිටි වගේ. ඒ නගරයේ ගණිකාවන්, පාතාල ව්‍යාපාරිකයන් සහ ආධ්‍යාත්මික නායකයන්ගේ අඳුරු අර්ධයන් සැරිසරනවා. මේක ජාතිකවාදයේ අඳුරු පැත්ත විදිහට කෙනෙකුට කියවන්නත් පුළුවන්.

 

monkey1

තමන්ගේ මව මරා දැමූ පලිය ගන්න එන තරුණයෙක් මේ නගරයේ වැසිකිලි පිරිසිදු කරන තැනින් පටන් ගන්නවා. එයාගෙ වේදනවා අඳුරන්නෙ ගණිකාවන් විතරයි. එයාගෙ උදව්වට ඉන්නෙ ස්පර්ශ කළ නොහැකි ලෙස පලවා හරිනු ලැබූ හිජ්රා ප්‍රජාව විතරයි. හිජ්රාවන්ගෙන් මේ වඳුරු වීරයා ශිවගේ පිරිමි සහ ස්ත්‍රී අර්ධයන් ගැන ඉගෙන ගන්නවා. ගැඹුරු ආධ්‍යාත්මික වටහා ගැනීම්වලට යනවා.

අවසානයේදි මේ නගරයේ පාතාලයට විරුද්ධව සටන් කරන්නෙ කතාවේ වීරයා සහ හිජ්රාවන්. මව අහිමි වේදනාවෙන් පෙලෙන කොල්ලෙක් සහ තමන්ගේ ලිංගික අයිතිය අහිමි වූ ප්‍රජාවක් ඒ පිරිමි ලෝකයට විරුද්ධව සටන් කරනවා.

 

download

කුස්සි ඇතුලෙ, ක්ලබ් ඇතුලෙ, රෙස්ටොරන්ට්වල අමුතු අපූරු සටන්වලින් චිත්‍රපටිය පිරිලා ඉතිරිලා යනවා. ටිකක් වෙලා බලන් ඉන්නකොට ගහගන්න උන්ට වඩා බලන් ඉන්න අපිට මහන්සියි. හැබැයි වැඩේ පිලිවෙලයි.

මේ චිත්‍රපටිය බලද්දි මට ලංකාවෙ අසූ ගණන්වල වගේ ආපු සුගත් සමරකෝන්ගෙ වියරු මිනිසා මතක් වුනා. අපේ රටේ මේ ජාතියෙ රිවෙන්ජ් චිත්‍රපටියකට මට මතක එච්චරයි. ඒත් ඒක එතනින් ඉස්සරහට ගියේ නෑ.

 

Monkey Man dev patel

ඉන්දියාව සහ හොලිවුඩය අතර, ඉන්දියාවත් ‍නොවෙන හොලිවුඩයත් නොවෙන, ඒ අතර තවත් රස කැළතෙන අමුතු සිනමාවක් ගැන මන්කි මෑන් කියන්නෙ හොඳ උත්සාහයක්. මේ වෙද්දිත් කිංකොං ගොඩ්සිලා එක්ක කරට කර සටනක් කරන්න මේ ඩොලර් මිලියන 10 චිත්‍රපටියට පුළුවන් වෙලා තියෙනවා. ඩේව් පටෙල්ට ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.



කොල්ලා ගොඩ.

 




Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -facultyofsex.com) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...