BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

යුද්ධයේ කටුක යථාර්ථයෙන් බිඳක් විවරණය කරන 'දහස් ගව් දුර' - (ජයසිරි අලවත්ත)

T

The Leader

May 19, 2024 • 12:30 AM

යුද්ධයේ කටුක යථාර්ථයෙන් බිඳක් විවරණය කරන 'දහස් ගව් දුර' - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘යුද්ධය’ යනු කුමනාකාරයෙන් ගත්ත ද ම්ලේච්ඡත්වයෙන් හෙබි, මනුෂ්‍යත්වය පයට පෑගෙන දූවිලි අංශුවක් තරමට හෝ නොතකන ක්‍රියාදාමයකි.
  • එය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ විවිධ රටවල ලේඛක ලේඛිකාවන්ගේ කෘති පහළොවකට අධික ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති නිම්මි මුදිතා හේරත් ය.
  • 1949 වසරේ ඔක්තෝබර් 30 වන දින සයිබිරියාවේ පිහිටි වහල් සිරකඳවුරෙන් පලා යන මෙම ජර්මන් යුද සෙබළා වසර තුනක් පුරා සැතපුම් අටදහසක් පා ගමනින් පැමිණ අවසන සිය මවු බිමට පැමිණේ.
  • සිනමා නිර්මාණයක් ලෙස ගතහොත් ඉතා විශිෂ්ට නිර්මාණයකි   මෙම කෘතිය ඇසුරෙන් ‘‘AS FAR AS MY FEET WILL CARRY ME’’ සිනමා පටයක් ද නිර්මාණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


යුද සෙබළා යනු ද එක් පාර්ශ්වයකගේ ගරු බුහුමනට ලක්වෙන තවත් පාර්ශ්වයකගේ වෛරයට සහ පිළිකුලට ලක්වෙන චරිතයකි. ඇමරිකානු සෙබළා ඇමරිකානුවන්ගේ ගරු බුහුමනට ලක් වන විට වියට්නාම් ජනතාවගේ, ඉරාක ජනතාවගේ මතු නොව තවත් බෝරටවල ජනතාවගේ වෛරයට සහ පිළිකුලට භාජනය වූ පුද්ගලයෙකි. සෝවියට් රතු හමුදාවේ සෙබළා යනු සෝවියට් දේශයේ වැසියන්ගේ ගරු බුහුමනට ලක්වන විට එම හමුදා ඛණ්ඩ විසින් යටත් කරගනු ලැබූ රටවල ජනතාවගේ වෛරයට සහ පිළිකුලට බඳුන් වන පිරිසකි. අනෙක් පසින් ගත් විට ජර්මන් සෙබළා යනු හිට්ලර්ගේ සිට බොහෝ ජර්මන් වැසියන්ගේ ගරුබුහුමනට ලක්වන විට ලෝකයේ බොහෝ රටවල ජනතාවගේ (යුද සෙබළුන් ද ප්‍රමුඛ) වෛරයට සහ පිළිකුලට බඳුන් වූ මිනිස් කොට්ඨාසයකි.

 

අණ දෙන පුද්ගලයෝ ද තමා යටතේ සිටින සෙබළුන්ගේ මානව අයිතිවාසිකම් සුරකින්නැයි අනෙකාගෙන් ඉල්ලා සිටින විට තම කඳවුරට අපක්ෂපාති වූ යුද සෙබළුන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ ම උල්ලංඝනය කරති.

තවත් පසෙකින් ගත් විට මෙම යුද සෙබළු සියලු දෙනා ම කිසියම් පාලකයකුගේ අණ පිළිපදින්නෝ වෙති. එසේ අණ දෙන පුද්ගලයෝ ද තමා යටතේ සිටින සෙබළුන්ගේ මානව අයිතිවාසිකම් සුරකින්නැයි අනෙකාගෙන් ඉල්ලා සිටින විට තම කඳවුරට අපක්ෂපාති වූ යුද සෙබළුන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ ම උල්ලංඝනය කරති.

දහස් ගව් දුර

 

මෙබඳු එක් කඳවුරක් වෙනුවෙන් සේවය කළ, එහෙත් නිශ්චිත මොහොතක දී සතුරු කඳවුරේ අත්අඩංගුවට පත්වූ සෙබළෙකුගේ ජීවන අන්දරයෙන් කොටසක් පිළිබඳ හෙළිදරව් කෙරෙන කෘතියක් කියවන්නට අවස්ථාව ලැබිණි; කියවා වින්දෙමි. කෘතිය JOSEF M. BAUER විසින් රචිත ‘‘AS FAR AS MY FEET WILL CARRY ME’’ කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘දහස් ගව් දුර’’ ය. එය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ විවිධ රටවල ලේඛක ලේඛිකාවන්ගේ කෘති පහළොවකට අධික ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති නිම්මි මුදිතා හේරත් ය.

AS FAR AS MY FEET WILL CARRY ME 00‘‘දහස් ගව් දුර’’ කෘතියෙහි අන්තර්ගත වන්නේ සෝවියට් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ, වසර විසි පහක වහල් සිර දඬුවමකට යටත්ව, සයිබීරියාවේ ඊයම් පතලක සේවයේ යෙදෙන අතරතුර එයින් පලා යන ජර්මන් සෙබළකුගේ කතාව යි.

1949 වසරේ ඔක්තෝබර් 30 වන දින සයිබිරියාවේ පිහිටි වහල් සිරකඳවුරෙන් පලා යන මෙම ජර්මන් යුද සෙබළා වසර තුනක් පුරා සැතපුම් අටදහසක් පා ගමනින් පැමිණ අවසන සිය මවු බිමට පැමිණේ. එය ඉතා දුෂ්කර මෙන් ම බිහිසුණු ගමනකි. කෘතියේ අන්තර්ගත වන්නේ හෙතෙම වහල් සිරකඳවුරේ ගතකරන කාලසීමාවෙන් ඉතා සුළු කාලයක් සහ එතැනින් පලා විත් සිය ගමන අවසන් කරන තෙක් ඔහු මුහුණ දෙන අත්දැකීම් ය.

image w1280සිනමා නිර්මාණයක් ලෙස ගතහොත් ඉතා විශිෂ්ට නිර්මාණයකි

 

මෙම කෘතිය ඇසුරෙන් ‘‘AS FAR AS MY FEET WILL CARRY ME’’ සිනමා පටයක් ද නිර්මාණය කර ඇත. මා මෙම කෘතිය කියවීමට පෙර සිනමා පටය නරඹා තිබුණි. එහෙත් කෘතිය කියවා අවසන් කිරීමෙන් ඉක්බිතිව ද සිනමා නිර්මාණය නැරඹුවෙමි. එහි ඉතා සුළු සුළු වෙනස්කම් කර තිබුණ ද සිනමා නිර්මාණයක් ලෙස ගතහොත් ඉතා විශිෂ්ට නිර්මාණයකි.

සිනමා නිර්මාණය පිළිබඳ ලිවීම පසෙක තබා දැන් නැවත පරිවර්තන කෘතිය වෙත යොමු වෙමු.

මෙම කෘතිය කියවීමෙන් ඉක්බිතිව අපි: සන්ත්‍රාසයට පත්වන්නේ ය, අපගේ භාව කම්පනයට පත්වන්නේ ය, සාහිත්‍ය කෘතියක් කියවා විඳිය හැකි උපරිම සන්තුෂ්ටියක් ද සංවේදනාවක් ද විඳින්නේ ය. නමුත් සැබැවින් ම අපගේ අවධානය යොමු විය යුත්තේ ක්ලෙමන්ස් ෆොරෙල් (ආරූඪ නාමයකි) විවිධ දුක් ගැහට විඳිමින් සැතපුම් අට දහසක් පා ගමනින් සිය මවු බිමට පැමිණීම පිළිබඳව පමණක් ම ද? නැත... අප මෙහි දී වඩාත් අවධානය යොමු කළ යුත්තේ ලිපිය ආරම්භයේ දී ම සඳහන් කළ පරිදි යුද්ධය යනු කුමනාකාරයේ ම්ලේච්ඡ ක්‍රියාදාමයක් ද යන්න ය; එක් පාර්ශ්වයක් විසින් අත්අඩංගුවට ගනු ලබන අනෙක් පාර්ශ්වයේ යුද සෙබළුන්ගේ ඉරණම පිළිබඳව ය. එමෙන් ම එසේ අත්අඩංගුවට පත්වූ යුද සෙබළුන් යනු සැබැවින් ම එතරම් අමානුෂික වද බන්ධනයට ලක් කර, වහල් සිරකඳවුරු තුළ ගාල් කරන්නට තරම් වරදකරුවෝ ද යන්න ය. මෙම ක්‍රියාදාමය සියලු පාර්ශ්ව වෙත අදාළ ය.

as far as my feet will carry me 9781602392366 hr‘‘දහස් ගව් දුර’’ පළමු අර්ධයේ යට කී ඛෙදවාචකය පිළිබඳ අවශ්‍ය තරම් සාක්ෂි සපයා ඇත. අවසන් විමසීමේ දී දක්නට ලැබෙන්නේ කෘතියේ කථකයා වන යුද සෙබළා ද මේ සා දරුණු දඬුවමකට ලක් කරන්නට තරම් වරදක් නොකළ පුද්ගලයෙකු බවයි. අවම වශයෙන් ඔහු අපගේ ඇතැම් යුද සෙබළුන් තරමට හෝ යුද නීති උල්ලංඝනය කළ යුද සෙබළෙකු ද නොවේ. ඔහුට එරෙහිව ගොනු කරන, විභාග කරන. දඬුවම් ලබාදෙන චෝදනා පවා සත්‍යයෙන් තොර ය. එය ඔහුට පමණක් මුහුණ පෑමට සිදුවූ තත්ත්වයක් නොවේ. ඔහු සමග සිර දඬුවමට ලක්වෙන බොහෝ ජර්මන් සෙබළුන්ට මුහුණ පෑමට සිදුවූ තත්ත්වයකි.

‘යුද සෙබළා’ හෝ ‘යුද නිලධරයා’ කෙබඳු නාමකරණයකට ලක් කළ ද සාමාන්‍ය ජනතාව වටහාගත යුතු ප්‍රමුඛ කරුණ වන්නේ ඔවුන් කිසියම් පාලකයකුගේ අණ පිළිපදින්නට සැදී පැහැදි සිටින, එය උදෙසා වේතනයක්, තානාන්තරයක් හෝ සිවිල් බලයක් ලබන පිරිසක් ය යන්න ය. එය ඇමරිකානු සෙබළාට ද, චීන හෝ සෝවියට් රතු සෙබළාට ද, ISIS සෙබළාට ද, මෙරටේ නම් LTTE හෝ රාජ්‍ය ආරක්ෂක අංශයේ සෙබළාට ද යන්න වෙනසක් නොවේ. ලෝකයේ කොතැනක සිට කවුරුන් විසින් කරනු ලැබුව ද එය: ම්ලේච්ඡ ය, තිරස්චීන ය, බිහිසුණු ය, අමානුෂික ය. ෆොරෙල් මතු නොව ඔහු බඳු ලක්ෂ ගණනක් වූ සෙබළුන්ට මෙබඳු ඉරණමකට මුහුණ දෙන්නට සිදුවන්නේ ඔවුන් යුද්ධය අනුමත කර එයට දායකත්වය සැපයූ බැවිනි.

පළමුවන ලෝක යුද්ධය පිළිබඳව ද, දෙවන ලෝක යුද්ධය පිළිබඳව මෙන් ම වෙනත් ආක්‍රමණික යුද්ධ පිළිබඳව ද අපි අවශ්‍ය තරම් කියවා ඇත්තෙමු, විඳවමින් විඳ ඇත්තෙමු. එහෙත් ‘යුද්ධය’ නමැති අමානුෂික ක්‍රියාදාමය පිළිබඳ විරුද්ධත්වයක් හෝ පිළිකුලක් හටගෙන ඇත්තේ කෙතරම් අවම මිනිස් හදවත් ප්‍රමාණයක ද...? වරද ඇත්තේ එතැන ය යන්න මගේ පුද්ගලික මතය යි.

 

nimmiewනිම්මි මුදිතා හේරත්

 

josef martin bauerJOSEF M. BAUER නිම්මි මුදිතා හේරත් ලේඛිකාව, පරිවර්තකාව මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඇයි ද යන්න විමසීම පසෙක තැබූව ද මෙවන් කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඉතා අගනේ ය. නමුදු අපි, එනම් කියවන පාඨක ප්‍රජාව මෙබඳු කෘති තුළින් උකහා ගත යුත්තේ කුමක් ද? ෆොරෙල් නමැති වහල් සිරකරුවා තෙවසරක් පුරා සැතපුම් අට දහසක් දුර ගෙවා පා ගමනින් පැමිණීම ද, එම කාලය පුරා ම ඔහු විඳි නොයෙක් දුක් ගැහැට පිළිබඳ අනුවේදනීය තත්ත්වය ද...?

මගේ විශ්වාසය අනුව නම් බුද්ධිමත් පාඨක ප්‍රජාවට මෙම කෘතිය තුළින් යට කී මතුපිට කියවීමට ඔබ්බෙන් ඇති කටුක යථාර්ථය අවබෝධ විය යුතු ය. එසේ අවබෝධ නොවන්නේ නම් එය හුදෙක් ‘පොතක් කියවීමක්’ පමණක් ම වන්නේ ය. ඉදින් අපි පොත කියවා එහි අභ්‍යන්තරය ද කියවාගන්නට උත්සුක වෙමු. එවිට අනාගතයේ දි හෝ යුද බියෙන් තොර සමාජයක් බිහිකිරීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පාලිත ජනයාට අවබෝධ වනු ඇත. එවිට පාලකයන්ට වුවමනා ආකාරයට යුද්ධය අලෙවි කිරීමට නොහැකි වනු ඇත.

ඒ අරුතෙන් ගත් විට ‘‘දහස් ගව් දුර’’ යනු ශ්‍රී ලාංකීය පාඨක ප්‍රජාව කියවිය යුතු ම කෘතියකි. හැකි නම් කෘතිය කියවා අවසන් කර මෙම මුල් කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ‘‘AS FAR AS MY FEET WILL CARRY ME’’ නමැති සිනමා නිර්මාණය ද නරඹන මෙන් ඉල්ලා සිටිමි.

සටහන :
දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

 
2024/05/19
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...