BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නැවුම් අත්දැකීමක් වෙත පාඨක ප්‍රජාව රැගෙන යන 'මොනර පිහාටු' - (වීඩියෝ)

T

The Leader

May 19, 2024 • 5:42 AM

නැවුම් අත්දැකීමක් වෙත පාඨක ප්‍රජාව රැගෙන යන 'මොනර පිහාටු' - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රබන්ධකරණය සියලු දනන් හට නොහැකි වුව ද එය අතැඹුලක් සේ මෙන් ම අසීරු කර්තව්‍යයක් ලෙස පාඨක ප්‍රජාව හමුවට පමුණුවන ලේඛක ලේඛිකාවෝ බහුල ය.
  • ඇතැම් විට එය ද එක් එක් පාඨක පාඨකාවගේ බින්න රුචිකත්වය අනුව වෙනස් විය හැකිය.
  • ප්‍රබන්ධය කියවීම ඉතා පහසුකර (කෘතියෙහි නොගැඹුරු බවක් මෙයින් ගම්‍ය නොකෙරේ) ය.
  • මේ සියල්ල අන් කිසිවක් නොව කතුවරයා සතු සාහිත්‍යමය ශක්‍යතාව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත් සාහිත්‍ය ප්‍රබන්ධකරණයේ දී අදාළ ප්‍රබන්ධය ‘‘නවකතාවක්’’ ලෙස හඳුන්වන්නට තරම් සුදුසුකම් ලබන්නේ ඉතා සුළු ප්‍රබන්ධ ප්‍රමාණයකි. මන්ද කිසියම් ලේඛකයකු හෝ ලේඛිකාවක විසින් රචිත ප්‍රබන්ධය නවකතාවක් ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ පාඨක ප්‍රජාව ය; වෙසෙසින් ම පුහුණු පාඨක ප්‍රජාව ය. ඇතැම් විට එය ද එක් එක් පාඨක පාඨකාවගේ බින්න රුචිකත්වය අනුව වෙනස් විය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයකි. 

ඒ අනුව සලකා බැලීමේ දී අමිත්ත වීරසිංහ විසින් ප්‍රබන්ධිත ‘‘මොනර පිහාටු’’ යනු හුදු ප්‍රබන්ධ කෘතියක් ඉක්ම වූ නවකතාවකි. ප්‍රබන්ධ රචනා කිරීම සරල කරුණක් වුව ද ප්‍රබන්ධයක් තුළ නවකතාවක් ඉස්මතු කිරීම බැරෑරුම් කටයුත්තකි. සිය පළමු ප්‍රබන්ධය තුළින් ම එකී අභියෝගය ජය ගන්නට අමිත්ත වීරසිංහ සමත් වී තිබීම ඔහු සතු ලේඛන ශක්‍යතාව මැනවින් පිළිබිඹු කරන්නකි.

manara pihatu 02‘‘මොනර පිහාටු’’ නවකතාවේ සංකල්පය (Idea or Concept) නැවුම් ය; ආඛ්‍යානය (Narration or Statement) නැවුම් ම නොවුණ ද බොහෝ සෙයින් වෙනස් ය. ඉදිරිපත් කිරීම (submission) ද මන වඩනාසුලු ය. ප්‍රබන්ධය කියවීම ඉතා පහසුකර (කෘතියෙහි නොගැඹුරු බවක් මෙයින් ගම්‍ය නොකෙරේ) ය. මේ සියල්ල අන් කිසිවක් නොව කතුවරයා සතු සාහිත්‍යමය ශක්‍යතාව යි. හෙතෙම අපූරු (පෙර නොවූ විරූ හෙවත් පෙර නොකියවූ) අදහසක් සිය පරිකල්පනයට ග්‍රහණය කරගනිමින් එය විවිධ හැඩතලවලින් ඔපමට්ටම් කර පාඨක ප්‍රජාව වෙත මුදා හැර ඇත. දැන් ඉතිරිව පවතින්නේ පාඨක ප්‍රජාවගේ කර්තව්‍ය යි.

මෙම කෘතියේ මා දුටු තවත් විශේෂත්වයක් වූයේ ඉතාමත් සාධනීය අන්දමින් කතුවරයා කෘතියට මැදිහත් වී තිබීම ය; කතුවරයා හෝ කතුවරිය කෘතියට මැදිහත් නොවිය යුතු යැයි අදහසක් පැවතිය ද සමාජයේ පවත්නා විවිධ හැල හැප්පිම්, අයුක්ති සහගත, අසාධාරණ දෑ පිළිබඳ යථා තත්ත්වය පිළිබිඹු කිරීම වෙනුවෙන් ම ඇතැම් විට කතුවරයාට හෝ කතුවරියට කෘතියට මැදිහත් විය යුතු අවස්ථා එළඹේ. ‘‘මොනර පිහාටු’’ කෘතියේ කතුවරයා එකී මැදිහත් වීම කර තිබෙන්නේ කෘතියට කිසිදු හානියක් නොවන පරිදි ය.

අමිත්ත යනු බොහෝ කාලයක් කැමරාව ඉදිරියේ සිය දස්කම් පැ රූපණවේදියෙකි. එබැවින්දෝ ‘‘මොනර පිහාටු’’ ප්‍රබන්ධය පුරාම: ඉතා සුන්දර, බිහිසුණු, ආදරණීය, ශෝක ජනක යනාදී විවිධාකාර රුපරාමු චලනය වනු දැකිය හැකි ය. සරලවම පවසන්නේ නම් කෘතියේ එක් ඡේදයක් කියවා අවසන කියවන්නා හෝ කියවන්නිය තමා ඉදිරියේ පවතින ධවල පැහැති බිත්තිය දෙස බලන විට කෘතියේ අන්තර්ගත දර්ශන එම බිත්තියේ ද දර්ශනය වන්නා සේ හැඟේ. ඒ අන් කිසිවක් හේතුවෙන් නොව කතුවරයා සිය ලේඛනය ඉතා සජීවී අන්දමින් ම ඉදිරිපත් කරන බැවිනි.

ඉදින් පාඨක ප්‍රජාවනි..., ප්‍රබන්ධයක් තුළි අගනා නවකතාවක් කියවීමට ඔබ රුචිකත්වයක් දක්වන්නේ නම් හැකි ඉක්මනින් ම අමිත්ත වීරසිංහගේ ‘‘මොනර පිහාටු’’ ප්‍රබන්ධය කියවන්නැයි මම ආරාධනා කර සිටිමි.

 

දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
2024/05/19  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...