BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මම ඉගෙනගත්තෙ අධ්‍යක්ෂවරයෙක් නොකළ යුත්තේ මොනව ද කියල' - සුපුන් රත්නායක (වීඩියෝ)

T

The Leader

May 26, 2024 • 3:30 AM

'මම ඉගෙනගත්තෙ අධ්‍යක්ෂවරයෙක් නොකළ යුත්තේ මොනව ද කියල' - සුපුන් රත්නායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2002 වසරේ රුපවාහිනී ක්ෂේත්‍රයට පිවිසි සුපුන් රත්නායක සිය පළමු අධ්‍යක්ෂණය මුදා හරින්නේ 2014 වසරේ දී ය.
  • ඔහු අද සාර්ථක රූපවාහිනි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ද මීට පෙර වසර විස්සක පමණ කාලයක් පුරා ලද අත් දැකීම් සිය අනාගත ගමන් මග සාර්ථකත්වය කරා මෙහෙයවන්නට භාවිත කිරීම ය.
  • ඔහුගේ ම වදන්වලින් ලියන්නේ නම් එය මෙලෙස සටහන් කළ හැකි ය.
  • ඇය: ‘‘දැකපු නැති හීන’’ සහ ‘‘තත්පරයක් දෙන්න’’ යන නිර්මාණ ද්වය තුළ එම සමත්කම පිළිබිඹු කර ඇත.  එමෙන් ම සුපුන් රත්නායක ඔහුගේ රූපවාහිනී නිර්මාණ සඳහා තේමා ගීත ගායනය සඳහා තෝරාගන්නේ ද විශේෂිත ගායකයකු හෝ ගායිකාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ‘‘මගේ ආදර අවනඩුව’’ නමැති නිර්මාණය යි.

අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රේක්ෂක ප්‍රජාව ඔහු හඳුනාගන්නට පෙර වසර දොළහක් පමණ රුපවාහිනී ක්ෂේත්‍රයේ: පිටත් රචකයකු ලෙස, සහය අධ්‍යක්ෂවරයකු ලෙස මෙන් ම වෙළඳ දැන්වීම් පිටපත්කරණයේ ද යෙදී ඇත. 

සුපුන් රත්නායකමීට වසර විස්සකට පමණ පෙර ජාතික රූපවාහිනියේ විකාශනය වූ ‘‘ඇඟිලි සලකුණ’’ නමැති නිර්මාණ මාලාවේ සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද සුපුන් රත්නායක ය. ඔහු අද සාර්ථක රූපවාහිනි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ද මීට පෙර වසර විස්සක පමණ කාලයක් පුරා ලද අත් දැකීම් සිය අනාගත ගමන් මග සාර්ථකත්වය කරා මෙහෙයවන්නට භාවිත කිරීම ය.

ඔහුගේ ම වදන්වලින් ලියන්නේ නම් එය මෙලෙස සටහන් කළ හැකි ය.

‘‘මම සහය අධ්‍යක්ෂණය කරපු කාලය පුරාම ඉගෙනගත්තෙ අධ්‍යක්ෂවරයෙක් නොකළ යුත්තේ මොනවද කියල.’’   

 

186518971 319996153033313 8431650960587410528 nදක්ෂතා සපිරි නළුවකුගෙන් හෝ නිළියකගෙන් වැඩ ගැනීමේ දක්ෂතාව ද මෙම අධ්‍යක්ෂවරයා සතු සුවිශේෂි හැකියාවකි. ඊට කදිම උදාහරණය නම් උපේක්ෂා ස්වර්ණමාලි නම් නිරුපණ ශිල්පිනිය යි.
දක්ෂතා සපිරි නළුවකුගෙන් හෝ නිළියකගෙන් වැඩ ගැනීමේ දක්ෂතාව ද මෙම අධ්‍යක්ෂවරයා සතු සුවිශේෂි හැකියාවකි. ඊට කදිම උදාහරණය නම් උපේක්ෂා ස්වර්ණමාලි නම් නිරුපණ ශිල්පිනිය යි. ඇය: ‘‘දැකපු නැති හීන’’ සහ ‘‘තත්පරයක් දෙන්න’’ යන නිර්මාණ ද්වය තුළ එම සමත්කම පිළිබිඹු කර ඇත. 

එමෙන් ම සුපුන් රත්නායක ඔහුගේ රූපවාහිනී නිර්මාණ සඳහා තේමා ගීත ගායනය සඳහා තෝරාගන්නේ ද විශේෂිත ගායකයකු හෝ ගායිකාවකි. ඒ සඳහා ද ආසන්නතම උදාහරණය වන්නේ ‘‘තත්පරයක් දෙන්න’’ රූපවාහිනි නිර්මාණයේ තේමා ගීතය ගායනා කිරීම සඳහා නවක ගායිකාවක වන ෆැලන් ඇන්ඩ්‍රියා තෝරා ගැනීම ය. එමෙන් ම ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද බොහෝ රූපවාහිනි  නිර්මාණවල පසුබිම් ගීත මෙන් ම තේමා ගීත රචනය සහ අදාළ නිර්මාණයට නමක් යෙදීම ද ඔහු විසින් ම කරනු ලබයි.

 

සුපුන් රත්නායක නමැති අධ්‍යක්ෂවරයාගේ තවත් විශේෂත්වයක් වන්නේ තමන් අත් දුටු දෑ පමණක් පාදක කරගනිමින් නිර්මාණකරණයේ යෙදීම ය. සුපුන්ගේ සැබෑ වෙනස එය යි; ඔහුගේ නිර්මාණ සාර්ථක වන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ ද එය යි. පසු ගිය වකවානුවේ කොළඹ සීතල කාමරවල පුටු රත් කරමින් සිටි ඇතැම් අය උතුරේ යුද්ධය පිළිබඳ ප්‍රබන්ධකරණයේ යෙදුණ ආකාරය අපේ පාඨක ප්‍රජාවට අමතක විය නොහැකි ය.

එහෙත් සුපුන් රත්නායක නමැති අධ්‍යක්ෂවරයා කිසියම් චරිතයක් හෝ සිද්ධියක් කැමරාවට හසු කරගැනීමට පෙර මතු නොව පිටපත සැකසීමේ දී ම අදාළ චරිතය හෝ සිද්ධිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදේ.

 

for thum‘‘4චූන් රෙසිඩන්ට්’’ සහ ‘‘තුන්පනේ’’ නිර්මාණ ද්වය තුළ වුව ද අන්තර්ගත වන්නේ එකිනෙකට වෙනස් අනුභූති ද්වයකි.
ඔහු මේ වන විට නිර්මාණය කර තිබෙන රූපවාහිනි නාට්‍ය එකිනෙකට වෙනස් මාන ස්පර්ශ කරයි. එක හා සමාන යැයි බැලු බැල්මට දක්නට ලැබුණ ද ‘‘4චූන් රෙසිඩන්ට්’’ සහ ‘‘තුන්පනේ’’ නිර්මාණ ද්වය තුළ වුව ද අන්තර්ගත වන්නේ එකිනෙකට වෙනස් අනුභූති ද්වයකි. ‘‘4චූන් රෙසිඩන්ට්’’ මගේ සිත් ගත් සිද්ධිය මෙන් ම කිසිවකු එළිපිට කතා නොකරණ සිද්ධියක් වන්නේ පාතාලය සමග නීතිඥයින් දක්වන සහ සම්බන්ධතාව යි. සුපුන්, නීතිඥයින්ගේ එම මුග්ධ වැඩ පිළිවෙළ ඉතා සුක්ෂ්ම අන්දමින් ප්‍රේක්ෂක ප්‍රජාව වෙත සමීප කරයි.

හෙතෙම සිය නිර්මාණ තුළ පවුල් කුටුම්බ තුළ පවත්නා අති සංවේදී කාරණා ඉදිරිපත් කිරීමේ දී පවා සමාජයට නොපෙනෙන, සමාජයේ වැඩි අවධානයක් නොලබන මාන ස්පර්ශ කරන්නට සමත්කම් දක්වයි. ඒ සඳහා හොඳ ම උදාහරණය ලෙස 2021 වසරේ සිරස රුපවාහිනිය ඔස්සේ විකාශනය වූ ‘‘දැකපු නැති හීන’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

lalaiඑය ඔහු මෙතෙක් කළ නිර්මාණ සියල්ලට ම වඩා වෙසෙස් නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය

 

සුපුන් සතු නිර්මාණාත්මක දක්ෂතාව ඉතා මැනවින් අවබෝධ කරගැනීමට නම් මේ දිනවල විකාශනය වන ‘‘ලලයි ලිලයි ලයි’’ නමැති නිර්මාණය පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. එය ඔහු මෙතෙක් කළ නිර්මාණ සියල්ලට ම වඩා වෙසෙස් නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය.

මෙතෙක් රුපවාහිනි නිර්මාණ තුළින් පමණක් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළ සුපුන් නුදුරේ දී ම සිනමා අධ්‍යක්ෂණයට ද අවතීර්ණ වීමට සුදානමින් සිටී. සුපුන් රත්නායක නමැති නිර්මාණකරුවාගේ නිර්මාණ රස විඳින්නකු ලෙස ‘‘තත්පරයක් දෙන්න’’ අභිභවිය හැකි සිනමා නිර්මාණයක් ලාංකීය සිනමා ප්‍රේක්ෂක ප්‍රජාව වෙත දායාද කරනු ඇතැයි යන්න ප්‍රේක්ෂක ප්‍රජාවගේ බලාපොරොත්තුව යි. ඔහුට එය කළ හැකිය යන්න ද මගේ පුද්ගලික විශ්වාසය යි.  

2014 වසරේ සිට මේ දක්වා සුපුන් රත්නායක ප්‍රේක්ෂක ප්‍රජාව වෙත දායාද කළ නිර්මාණ මෙලෙස පෙළගැස්විය හැකි ය.

01. මගේ ආදර අවනඩුව - 2014 ස්වර්ණවාහිනී

02. ඒක දිග කතාවක් -2015 සිරස tv

03. අඩෝ - 2019 සිරස tv

04. black down stories - 2020 සිරස tv

05. queen - 2020 ස්වර්ණවාහිනී

06. දැකපු නැති හීන - 2021 සිරස tv

07. ඩිජිටල් දවසක් - 2021 සිරස tv

08. තුන්පනේ - 2022 ජාතික රූපවාහිනිය

09. මෙට්ට්‍රෝ හීන - 2022 ස්වාධීන රූපවාහිනිය

10. රහයි ජීවිතේ - 2022 සිරස tv

11. 4 චූන් රෙසිඩන්සි - 2023 ස්වාධීන රූපවාහිනිය

12. හියුමන් එරර්ස් - 2023 ස්වාධීන රූපවාහිනිය

13. තත්පරයක් දෙන්න - 2024 ස්වාධීන රූපවාහිනිය

14. ලලයි ලිලයි ලයි -2024 ස්වර්ණවාහිනී

සටහන :

තණමල්විල කොල්ලෙක්'' අමුතු ජීවියෙක් ද...? -ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2024/05/26

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...