BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

හිට්වෙන චිත්‍රපටියක් සාදාගන්නා ආකාරය

T

The Leader

May 28, 2024 • 9:20 AM

හිට්වෙන චිත්‍රපටියක් සාදාගන්නා ආකාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාවේදීන් - The Cinema People කියල ගෲප් එකක "සිනමාව නගාසිටුවන හැටි" වගේ ඒවා ගැන මේ දවස්වල ලොකුව‍ට කතාවෙන
  • ලංකාවේ හිට්වෙන ‍ෆිල්ම් එකක් ඇත්තට ම හදාගන්නෙ කොහොමද ?
  • මේක ලංකාවේ හිට්වෙන ‍ෆිල්ම් එකක් ඇත්තට ම හදාගන්නෙ කොහොමද කියන එක ගැන මගේ සත දෙක.
  • ඒ හැමෝට ම හෙන කම්ප්ලෙක්ස් ජීවිතයක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එකත් එක්ක මගෙ ඔළුව‍ට ආපු අයිඩියා එකක් ඒකට ලියලා දැම්මා.

හැබැයි මොන මොන මාතෘකා ගැන මොන ප්‍රමාණෙන් ද කතාකරන්න ඕන කියල තීරණය කරන ඇඩ්මින්ලට අනුව මේ වගේ පොස්ට් උන්ට එපා නිසා සහ මට උන්ගෙ ෆ්‍රී ටිකට් දිනාගන්න උවමනාවක් නැති නිසා (සහ ලියපු එක අපරාදෙ නිසා) ඒක මෙතන දානවා.


ලංකාවේ හිට්වෙන ‍ෆිල්ම් එකක් ඇත්තට ම හදාගන්නෙ කොහොමද ?

zdfse4

සම්භාව්‍ය චිත්‍රපටියක් හදාගන්න විදිය ගැන කින්ඩියට ලියපු පෝස්ට් එකක් ළඟ දි ෂෙයාර් වුණා නෙ. මේක එහෙම එකක් නෙවෙයි. මේක ලංකාවේ හිට්වෙන ‍ෆිල්ම් එකක් ඇත්තට ම හදාගන්නෙ කොහොමද කියන එක ගැන මගේ සත දෙක.

හිට් තියා මොන චිත්‍රපටියක්වත් නොහදපු මූ කොහොමද හිට්වෙන චිත්‍රපටි හදන විදිය කියල දෙන්නෙ කියල සාධාරණ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකටත් උත්තරයක් අන්තිමට තියෙනවා.


ලංකාවෙ චිත්‍රපටි කර්මාන්තය ලාභදායී මට්ටමක තිබුණු කාලේ ඒක වැඩකරපු විදිය ගැන මට‍ හෙන වැදගත් ඉන්සයිට් එකක් ආව‍ ළඟදි දිනේෂ් ප්‍රියසාද් (සහ ගිවන්ත) සන්නස්ගලත් එක්ක කරපු ඉන්ටර්වීව් එක බැලුවට පස්සෙ. ඔය චිත්‍රපටි හැදෙන කාලේ අපි හිටියේ නැති නිසා සහ ඒ කාලෙ හිටපු විචාරකයො හරි චිත්‍රපටි ගැන ස්ටඩි කරපු උන් හරි ඒ වගේ ෆිල්ම් ගණංගත්තෙ නැති නිසා, ඒ වගේ චිත්‍රපටි ගැන අපට තියෙන්නෙ මල් ගස් වටේ දුවන සිංදු තියෙන, ෆයිට් තියෙන වගේ සරළ අදහසක්.

sdgsrt
මොනව හරි මල් ගස් වටේ දුවන සිංදු ටිකක් දාලා, ඩිෂුම් ඩිෂුම් සද්ද ටිකක් එක්ක ෆයිට් ටිකක් දාලා චිත්‍රපටියක් හැදුව නම් ඒ කාලෙ හිට් කරගන්න පුළුවන් වගේ අදහසක්. හැබැයි දිනේෂ වගේ චිත්‍රපටිකාරයන්ට තමන්ගෙ ඕඩියන්ස් එක ගැන කොච්චර අවබෝධයක් තිබුණ ද කියල මට තේරුණේ ඒ ඉන්ටර්වීව් එක බැලුවට පස්සෙ.

ඒවා ගැලරියට හදපු චිත්‍රපටි නෙ. එතකොට දිනේෂ්ලත් ගැලරියේ ඉඳන් චිත්‍රපටි බලපු මිනිස්සු. ගැලරිය ගැන බඩේ බත් වගේ අවබෝධයක් දිනේෂ්ලට තිබුණා.


ඉන්ටර්වීව් එකේ දි දිනේෂ් කියනවා ෆිල්ම් එක පටන්ගත්තට පස්සෙ ගැලරියේ විසිල් එක එන්නෙ කොතනින්ද කියල තමන් හරියට ම දන්නවා කියල. චිත්‍රපටිය හදද්දිත් මෙතන දි තමයි විසිල් එක එන්නෙ කියල තීරණය කරලා ඒක නළුවත් එක්ක කතාවෙලා තමයි ඒ සීන් එක ෂූට් කරන්නෙ කියලා. මම හිතන්නෙ නෑ දැනට ලංකාවෙ චිත්‍රපටි හදන කිසිම ඩිරෙක්ටර් කෙනකුට ඕඩියන්ස් එක තමන්ගෙ ෆිල්ම් එකේ සීන් එකෙන් සීන් එකට රියැක්ට් කරන විදිය ගැන එච්චර ෂුවර් එකක් තියෙනවා කියලා.


දැන් ගැලරිය නෑ. ඒ කාලෙ ගැලරියේ චිත්‍රපටි බලපු ඩෙමොග්‍රැෆි එක දැන් චිත්‍රපටි බලන්නෙත් නැ. මේ කාලේ “කමර්ෂල් චිත්‍රපටි” කියන්නෙ පවුල් පිටින් ඇවිත් බලන චිත්‍රපටි. “පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි” කියන ලේබල් එකෙන් එන ඒවා තමයි ගොඩක් වෙලාවට හිට් වෙන්නෙ. මම හිතන්නෙ මේ කාලෙ හිට්වෙන ෆිල්ම් හදන්න නම් ඒ කාලෙ දිනේෂ්ලාට ගැලරිය ගැන තිබුණා වගේ දැනුමක් මේ අලුත් මාස් ඕඩියන්ස් එක ගැන තියෙන්නෙ ඕන.

szdfwe4

“මාස් ඕඩියන්ස්” කිව්ව ම මට නම් ඔළුවට එන්නෙ අර ඡන්ද රැස්වීම්වල ඩ්‍රොන් ෂොට්වලින් සෙනග පෙන්නන වගේ ‍රූපයක්. මූණු නැති, වෙන්කරලා අඳුගන්න පුළුවන් අනන්‍යතාවක නැති ඔළු ගෙඩි ගොඩක්. ඒ ඔළුගෙඩි ගොඩ ගැන සරළ ස්ටි‍රියෝටිපිකල් අදහසක්: ඩ්‍රොන් ෂොට් එක පොහො‍ට්ටු රැස්වීමක නම් අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි ආපු මෝඩ බයියො රැලක්; ජේවීපී රැස්වීමක නම් බඩ ගැන හිතන්නැතුව රට ගැන හිතන බුද්ධිමත් විප්ලවවාදී ජනතාව. මාස් ඕඩියන්ස් එකට වැඩක් කරනවා කියපුවමත් එය වගේ සරළ ස්ටි‍රියෝටිපිකල් මාස් එකක් ගැන අදහසක් ඔළුවෙ තියාගෙන ඒ සරළ ඔළුගෙඩි ගොඩට තමයි චිත්‍රපටිය හෝ මොකක් හරි එක කරන්නෙ.

හැබැයි අපට ඔය ඩ්‍රොන් ෂොට් එකෙන් බලද්දි නිකං ඔළුගෙඩි ගොඩක් වගේ පෙනුණට ඒ හැම මිනිහට ම තමන් ව පේන්නෙ එක්ස්ට්‍රීස් ක්ලෝස්අප්වල. උන් හැමෝට ම එකිනෙකාට වෙනස් අදහස් තියෙනවා ලෝකෙ ගැන. තමතමන් ආසා දේවල්, අකැමැති දේවල් තියෙනවා. ඒ හැමෝට ම හෙන කම්ප්ලෙක්ස් ජීවිතයක් තියෙනවා. ඒ ඩීටේල්ස් ටික අපට අහුවෙන්නෙ නෑ අර ඩ්‍රෝන් ෂොට් එකෙන් උන් දිහා බැලුවට. ඒවා අහුවෙන්න නම් අපිත් ක්ලෝසප්වලට යන්න වෙනවා.


මම හිතන විදියට ඕකට තියෙන හොඳම ‍විදිය තමයි අර අහසේ ඉඳන් බලන මූණු නැති ඔළුගෙඩි ගොඩට චිත්‍රපටි හදනවා වෙනුවට උඹ හොඳටම දන්න, උඹ අවට ඉන්න මිනිස්සු ගැන හිතලා උන්ට චිත්‍රපටි හදන එක. උඹ චිත්‍රපටිය හදන්නෙ පවුලේ සැමට නම්, උඹේ පවුලේ, නැත්තං උඹේ නැන්දගෙ, ලොකු අම්මගෙ, බාප්පගේ, වයිෆ්ගේ, අල්ලපු ගෙදර වගේ උඹ හොඳටම දන්න පවුල්වල සැම ගැන හිතලා චිත්‍රපටි හදන එක. උඹේ අම්මා, නංගි, මල්ලි, වයිෆ්, නැන්දම්මා වගේ උඹ දන්න මිනිස්සු තනිතනි ව ආසා‍ වෙන සහ පිරිසක් විදියට සාමූහික ව බලද්දි උන්ට සෙට්වෙන විදියට චිත්‍රපටිය ලියන එක. හැම සීන් එකක් ම ලියද්දි මේ සීන් එකේ දි උන්ට හිනා යයි ද, මේ සීන් එකේ දි උන්ට දුක හිතෙයි ද වගේ ඒ සීන් එක දකිද්දි ඒ ඒ පුද්ගලයාගේ මූණ මොන වගේ වෙයි ද කියල හිතින් හිතාගෙන ඒ සීන් එක ආපහු කියවලා බලන එක.


මේ එක් එක් ‍පුද්ගලයට ආතල් එකක් එන්නෙ මොන වගේ දේවල්වලින් ද, ඒ ඒ පුද්ගලයා ඉමෝෂනලි ඇටෑච් වෙන්නෙ මොන වගේ දේවලට ද, ක්‍රින්ජ් වෙන්නෙ මොන වගේ දේවලට ද කියල අවබෝධයක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට නැන්දම්මලාට කින්ඩි දාන සීන් එකක් උඹේ ගැනිට ආතල් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් නැන්දම්මට ඕනවට වඩා මළ නොපයින්නත් ඕන. ඒක බැලන්ස් වෙන්නෙ ලේලිලාට කින්ඩි දාන සින් එකකුත් තියෙනව නම් හොඳයි. සමහර විට උඹේ මල්ලි කැමති වෙන්න පුළුවන් ගහගන්න වෙඩි තියාගන්න, කාර් චේස් තියෙන වයලන්ස් තියෙන සීන්වලට. හැබැයි ඒ සීන් එක උඹේ අම්මට දිරවගන්න පුළුවන් මට්ටමේ තියෙන්න ඕන. අම්මා කැමති වෙන්න පුළුවන් හොටු පෙරපෙරා අඬන බමෝෂනල් සීන්එකකට. හැබැයි ඒක උඹේ මල්ලියි නංගියි ක්‍රින්ජ් නොවන ලෙවල් එකට බැලන්ස් කරගන්න ඕන.

xfdgdst
ෆිල්ම් එක ඉවර‍වෙද්දි (උඹේ ෆිල්ම් එකක් කියල නොදැන බැලුවොත්) උඹේ පවුලේ (සහ එක්ස්ටෙන්ඩඩ් පවුලේ/ අල්ලපු ගෙදර පවුලේ ඇතුළු උඹ  හොඳට දන්න සාම්පල් ඕඩියන්ස් එක ඇතුළෙ) 60%ක්වත් සැටිස්‍ෆැක්ෂන් එකක් එක්ක හෝල් එකෙන් එළියට එනව නම්, ඒ කියන්නෙ වැඩේ ගොඩ!


හැබැයි ඕක ඔය කියන තරම් ලේසි නෑ. පුද්ගලික ව මට නම් ඕක කරන්න අමාරු වැඩක් නෙවෙයි; කරන්න බැරි වැඩක්. මොකද මට අපේ පවුල්වල උන් එක්ක, අහළ පහළ ඉන්න “සාමාන්‍ය ජනතාව” එක්ක සෑහෙන ඇරියස් එකක් තියෙනවා. මට උන් කරන දේවල් දැක්කම, උන් හිතන දේවල්, උන් විශ්වාසකරන දේවල් ගැන තියෙන කින්ඩිසහගත හැඟීමක්.


සිංහල අවුරුද්දට මම ෂෙයාර් කරනව නම් කරන්නෙ නෑදෑයෝ සෙට් එක එකම කැවුම් ටික උස්සගෙන ගෙවල් ගානෙ යන එක ගැන, ගිහින් අනවශ්‍ය ප්‍රශ්න අහන එක ගැන කින්ඩිසහගත මීම් එකක්. වෙසක් එකට මම “මෙත්මල් පිබිදේවා” වගේ පෝස්ට් ෂෙයාර් කරන්නෙ නෑ; බුදුන් ලංකාවට ආවෙ නෑ වගේ එකක් ෂෙයාර් කළොත් මිස. පවුල්වල උන් එකතුවෙලා සිනිසම්බෝලයි පානුයි හදාගෙන අනුරාධපුරේ, කතරගම ට්‍රිප් යන විදිය, උන්ගෙ ළිඳ ළඟ සංගම්වල කතා, උන් බලන ටෙලිනාට්ටි වගේ දේවල්, මට නම් ජෝක්. ම‍ට ආතල් එකක් තියෙන්න ඒව‍ට කින්ඩි දාන එකේ. මම මීම් ෂෙයාර් කළත්, චිත්‍රපටි හැදුවත් කරන්නෙ මට ආතල් එක නෙ.


ඒක නිසා මට නම් (චිත්‍රපටියක් කරන්න කොහෙන් සල්ලි හොයාගන්න පුළුවන් වුණත්) මළාට ලංකාවේ සිනමාව නගාසිටුවන ජාතියේ චිත්‍රපටි හදන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. හැබැයි කාට හරි එහෙම චිත්‍රපටි කරලා සිනමාව නගාසිටුවන්න ඕන නම්, මම හිතන්න විදියට ඕක තමයි ඒක පටන්ගන්න හොඳ ෆෝමියුලා එක.

Chandana(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk
nidahasa@gmail.com

(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...