BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අනුරාධා නිල්මිණි : පියවි සිහිය එළඹෙන තුරු 'සීනුව නාද කරපල්ලා' - (වීඩියෝ )

T

The Leader

June 2, 2024 • 2:51 AM

අනුරාධා නිල්මිණි : පියවි සිහිය එළඹෙන තුරු 'සීනුව නාද කරපල්ලා' - (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුරාධා නිල්මිණි නමැති ලේඛිකාව මෙතෙක් ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නම රැඳවූයේ කිවිඳියක ලෙසිනි; පර්යේෂණාත්මක කිවිඳියක ලෙසිනි;
  • ඇය සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය නම් කර ඇත්තේ ‘‘සීනුව නාද කරපල්ලා’’ යනුවෙනි.
  • වෙසෙසින් ම කිසියම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සමාජයෙන් ලබාගන්නා අනුභූතිය තම පරිකල්පනීය ශක්‍යතාව සමග මිශ්‍ර කරගන්නේ කෙසේ ද සහ එම මිශ්‍රණය නිර්මාණයක් ලෙස පාඨක ප්‍රජාව හමුවේ තබන්නේ කෙසේදැයි සාක්ෂාත් කරගත හැකි වන්නේ එවිට ය.
  • එමෙන් ම තම සිරුර මුදලට ලබාගන්නා පාරිභෝගිකයකු තමාට ආදරය කරන බව අවබෝධ වූ පසු එම ආදරය පිළිගැනීමට ගණිකාවක පෙලඹීම ද විශේෂිත කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මානිත කිවිඳියක ලෙසිනි. ඒ කිවිඳිය මේ වන විට තවත් සාහිත ඉමක් වෙත ප්‍රවිෂ්ට වී සිටින්නී ය. ඒ කෙටි කතා නම් වූ සාහිත ඉම වෙත ය. ඇය සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය නම් කර ඇත්තේ ‘‘සීනුව නාද කරපල්ලා’’ යනුවෙනි. එම වදන් ත්‍රිත්වය තුළ සැඟව පවත්නා යටි අරුත කුමක් ද යන්න නිවැරැදිව අවබෝධ කරගන්නට නම් ‘‘සීනුව නාද කරපල්ලා’’ කියවිය යුතු ම ය.

ඝාතනයට ලක්වන්නට පෙර...

‘‘සීනුව නාද කරපල්ලා’’ නිර්මාණ සංග්‍රහයෙහි ඇතුළත් පළමු කතාවේ විධික්‍රමය ම වෙනසක් දක්නට ලැබේ. ඒ, ඇය එම කතාව ඉදිරිපත් කිරීමේ දී බහුල වශයෙන් භාවිත කරන්නේ අදාළ සත්‍ය සිද්ධිය පිළිබඳ: මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දෙබස් ඛණ්ඩ වීම ය; වාක්‍ය ම වීම ය.

සීනුව කවරය 01

ලේඛක ලේඛිකාවන් කොහොමත් භාවිත කරන්නේ සමාජයේ භාවිත වදන් ම නොවේදැයි මෙහි දී කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. එය ද සැබෑවකි. නමුදු අනුරාධා නිල්මිණි මෙම නිර්මාණයේ දී එම සත්‍ය වදන් ම භාවිත කරන්නේ කෙටිකතාවේ නවමු ආරක් හඳුන්වා දෙමිනි. එය කුමක් දැයි නිවැරැදිව ම කියවා ගැනීමට නම් අදාළ නිර්මාණය අවසන් වන තුරු කියවිය යුතු ය. වෙසෙසින් ම කිසියම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සමාජයෙන් ලබාගන්නා අනුභූතිය තම පරිකල්පනීය ශක්‍යතාව සමග මිශ්‍ර කරගන්නේ කෙසේ ද සහ එම මිශ්‍රණය නිර්මාණයක් ලෙස පාඨක ප්‍රජාව හමුවේ තබන්නේ කෙසේදැයි සාක්ෂාත් කරගත හැකි වන්නේ එවිට ය.

නැත ආදරයට සීමා මායිම්...

සීනුව කවරය 00කිසියම් පුරුෂයෙක් ගණිකාවක් සමග යහන්ගතවීම යනු සාමාන්‍ය සිදුවීමකි. නමුදු එබඳු පුරුෂයකු තම කාමාස්වාදය සපුරා ගැනීම අභිභවා එම ගණිකාවට ආදරය කිරිම යනු විශේෂිත සිද්ධියකි. එමෙන් ම තම සිරුර මුදලට ලබාගන්නා පාරිභෝගිකයකු තමාට ආදරය කරන බව අවබෝධ වූ පසු එම ආදරය පිළිගැනීමට ගණිකාවක පෙලඹීම ද විශේෂිත කරුණකි. සාමාන්‍ය සමාජය තුළ මෙම සිද්ධි ද්විත්වය ම දැඩි කතා බහට ලක් විය හැකි සිද්ධි ද්විත්වයකි. නමදු මෙහි දී ලේඛිකාව ප්‍රශ්න කරන්නේ, එසේ ත් නොවේ නම් සමාජ ගතකරන්නේ පුරුෂයකුට එලෙස කළ නොහැකි ද යන්න ය; ගණිකාවකට වුව ද තමාගේ සිරුර මත සැතපී තාවකාලික ආශ්වාදයක් ලබාගන්නා පුරුෂයකුගේ ආදරය ලබාගත නොහැකි ද යන්න ය.

අප වෙසෙන සමාජයේ මෙවන් සිදුවීම් අනන්තවත් සිදුවී තිබිය හැකි ය. අනාගතයේ දී වුව ද සිදුවිය හැකි ය. නමුදු සාහිත්‍යකරණයේ නියැළෙන බොහෝ පිරිස් මෙබඳු අනුභූති සිය නිර්මාණ සඳහා උපස්තම්භක කරගන්නේ ඉතාමත් අවම වශයෙනි. ඇතැම් විට ඒ, අදාළ නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයා වෙත සමාජයෙන් එල්ලවන විවිධ චෝදනා සහ විවේචන හේතුවෙන් විය හැකි ය. යථා තත්ත්වය එසේ වුව ද අනුරාධා නිල්මිණි සිය කෙටිකතාව සඳහා අදාළ අනුභූතිය ඉතා සීරුවට උපස්තම්භක කරගන්නී එබඳු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම කිසිදු හානියක් නොවන ආකාරයෙනි; එබඳු පුරුෂයන් සහ කාන්තාවන් සමාජයෙන් විතැන් නොකළ යුතු ය යන අදහස ද පෙරදැරිව ය.

සූකර ගාල සහ සූකරයෝ

යථාවාදීව අවධානය යොමු කළ ද ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ යනු සූකරයන් බඳු පිරිසකි. ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය යනු ද සූකර කොටුවක් බඳු අපිරිසිදු ව්‍යුහයකි. අනුරාධා සිය නිර්මාණකරණයේ දී මෙකී සූකරයෝ සහ සූකර මඩුව පිළිබඳ යථා ස්වභාවය ඉතා සදය උපහාසාත්මක ස්වරුපයෙන් ඉදිරිපත් කරන්නී ය. තව ද ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ජුගුප්සා ජනක භාවය ඉතා සියුම් ලෙස සිය නිර්මාණකරණයට නතු කරගන්නට ඇය සමත් වන්නී ය. එම නිර්මාණය ද සැබෑ ලෝකය සහ පරිකල්පන ලෝකය පිළිබඳ සුසංයෝජනයකි.

දෙපාර්ශවය ම වග කිව යුතු ය

 

ප්‍රවේසමෙන්... ආණ්ඩුව 'අනෙකා' නිර්මාණය කරමින් සිටියි - (ජයසිරි)ඒ මොහොතේ පැන නැගි ගැටලුව යනු සැබැවින් ම අවස්ථාවාදි දේශපාළුවන් සිය පැවැත්ම සඳහා ජාතිවාදය භාවිත කිරීම බව සැබවි.

අසුව දශකයෙන් පසු මතු නොව පෙර පරපුර ද බොහෝ දුරට දරන අදහසක් වන්නේ ශ්‍රී ලංකාවේ ජාතිවාදි ගැටුමෙහි ආරම්භය 1983 වසරේ ඇති කළ වර්ග සංහාරය යන්න ය. ඒ මොහොතේ පැන නැගි ගැටලුව යනු සැබැවින් ම අවස්ථාවාදි දේශපාළුවන් සිය පැවැත්ම සඳහා ජාතිවාදය භාවිත කිරීම බව සැබවි. නමුදු මෙරට ජාතිවාදී ගැටුමේ ආරම්භය ඊට වඩා බොහෝ අතීතයට දිව යන්නකි. දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාර ද, වාමාංශික දේශපාලන ව්‍යාපාර ද, අර්ධ වාමාංශික - අර්ධ දක්ෂිණාංෂික දේශපාලන ව්‍යාපාර ද මෙම ගැටුම තම තමන්ගේ පැවැත් ම සඳහා භාවිත කළ බව ද නොරහසකි. එය වර්තමානයේ ද අළු යට සැඟව තිබෙන ගිනි පුපුරු මෙන් විටින් විට මතු වේ. එය වැළැක්විය නොහැකි චණ්ඩ මාරුතයක් මෙනි.

අනුරාධා මෙම ගැටලුව සිය නිර්මාණයක් සඳහා උපස්තම්භක කරගැනීමේ දී 1983 ඛේදවාචකය අභිභවමින් ඊට පෙර ද මෙවන් සිදුවීම් සිදුව ඇති බවත්, එකී සිදුවීම් සඳහා සිංහල -  දෙමළ දෙපාර්ශ්වය ම සම සේ වග කිව යුතු බවත් පැහැදිලි කරන්නී ය. මෙහි දී ද සත්‍ය සිදුවීම් භාවිත කරමින් ඒ අතරට සිය පරිකල්පන ශක්‍යතාව ද මුසු කරමින් අදාළ නිර්මාණය පරිපූර්ණත්වයට පත් කර තිබීම ඉතා සුවිශේෂි ය. ඇය නිර්මාණකාරියක ලෙස එක් පාර්ශවයක් අබියස සිට ගැනීමෙන් වළකින්නී ය; ඒ වෙනුවට අදාළ ගැටලුවෙහි යථා ස්වභාවය පිළිබිඹු කරන්නී ය.

යුද්ධය නම් වෙළඳ භාණ්ඩය

 

දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේඅදාළ නිර්මාණකරුවන් හෝ නිර්මාණකාරියන් සැබැවින් ම අදාළ සිදුවීම් දෙස මානුෂික ආකාරයෙන් අවධානය යොමු කරන්නේ ද යන්න බරපතළ ගැටලුවකි.


ලංකාවේ ජනවාර්ගික, එසේත් නොමැති නම් සිංහල දෙමළ ගැටලුව පිළිබඳ ලියවුණු: කවි, ගී, කෙටිකතා, නවකතා යනාදිය මා ඇතුළු ඔබ ද අනන්තවත් සවන් දී ඇතුවාට, කියවා ඇතුවාට සැක නැත. එමෙන් ම අදාළ මාතෘකාව පදනම් කරගනිමින් නිර්මාණය කළ සිනමා හෝ ටෙලි නිර්මාණ ද නරඹා ඇතුවාට සැක නැත. ඒ හා සමගාමීව ම මෙම අනුභූතිය පාදක කරගත් බොහෝ සාහිත්‍ය කලා නිර්මාණ රාජ්‍ය සහ පෞද්ගලික සම්මාන උළෙලවල දී සම්මානයට ද පාත්‍ර වී ඇති බව නිසැක ය.

අදාළ නිර්මාණ සම්මානයට පාත්‍ර වූ පමණින් ම එකී නිර්මාණ සැබැවින් ම සම්මානනී ය ද, අදාළ නිර්මාණකරුවන් හෝ නිර්මාණකාරියන් සැබැවින් ම අදාළ සිදුවීම් දෙස මානුෂික ආකාරයෙන් අවධානය යොමු කරන්නේ ද යන්න බරපතළ ගැටලුවකි.

මෙම ක්‍රියාදාමය (උතුරු නැගෙනහිර පැවති යුද වාතාවරණය) කලා නිර්මාණ නාමයෙන් අලෙවිකරණයේ යෙදවීම කෙතරම් නිහීන ක්‍රියාවක් ද යන්න කතුවරිය සිය නිර්මාණ තුළින් ම ප්‍රශ්න කරන්නී ය. ඇය මෙහි දී ද අදාළ නිර්මාණ සහ නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයන් සදය උපහාසයට ලක් කරන්නී ය. ඇය ව්‍යංගයෙන් පවසන්නී: නැවත එබඳු තත්ත්වයක් මෙරට නිර්මාණය නොවිය යුතු ය යන්න ය; එවැන්නක් සිදුවේ යැයි සැකයක් පවතී නම් එය වැළැක්වීම කලාවේ නියැළි පුද්ගලයන්ගේ වගකීමක් ය යන්න ය.

අතුරුදන් වීමට නියමිත මිනිස් හැඟීම්

 

neurotech emotion recognition neuroscienceනවීන තාක්ෂණය කෙතරම් ප්‍රබල වුව ද මිනිස් සිතේ හැඟීම් (දුක, වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව,) තාක්ෂණයට නිර්මාණය කළ නොහැකි ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.
නවීන තාක්ෂණය කෙතරම් ප්‍රබල වුව ද මිනිස් සිතේ හැඟීම් (දුක, වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව,) තාක්ෂණයට නිර්මාණය කළ නොහැකි ය යන්න මගේ පුද්ගලික හැඟීම ය. තත්ත්වය එසේ පවතින අතර ම නුදුරු අනාගතයේ දී මිනිස් ගර්භාෂයක නොවන වෙනත් ස්ථානයක දී යුවළක් කැමති ආකාරයේ දරුවකු නිෂ්පාදනය (උත්පාදනය නොවේ) කළ හැකි තත්ත්වයට නූතන තාක්ෂණය ඉදිරියට පැමිණ ඇත.

එලෙස ඉදිරියට පැමිණ ඇති තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන දරුවා තුළ සිය දෙමාපියන් පිළිබඳ කෙබඳු හැඟීම් සමූහයක් ජනිත විය හැකි ද යන්න ගැටලු සහගත ය. මෙහි දී තමන් කැමති ආකාරයේ දරුවකු නිර්මාණය කළා යැයි දෙමාපිය යුවළට උදම් ඇනිය හැකි ය. නමුදු එලෙස නිෂ්පාදනය කරන දරුවා තථ්‍ය ලෝකයේ පවත්නා දෙමාපියන් පිළිබඳ වූ හැඟීම් කෙතරම් දුරට පවත්වාගනීවි ද, ඔවුන්ට එබඳූ හැඟීම් දැනේ ද යන්න කෙතරම් ගැටලු සහගත ද යන්න අනුරාධා මෙම කෙටිකතා සංග්‍රහයේ එන ‘‘බයෝ බෑග්’’ නමැති නිර්මාණය තුළ විදාරණය කරන්නී ය.

විද්‍යාත්මක ප්‍රබන්ධයක හැර වෙනත් ප්‍රබන්ධයක මෙම මාතෘකාව සාකච්ඡාවට බඳුන් වී ඇති ද යන්න පවා සැක සහිත ය. අනාගතයේ දී එවන් තත්ත්වයක් නිර්මාණය වුවහොත් මිනිසුන් තුළ පවත්නා වූ (යට සඳහන් කළ පරිදි) සියලු හැඟීම් අතුරුදන් වනු නොඅනුමාන ය. ලේඛිකාව මෙම නිර්මාණය තුළින් පහැදිලි කරන්නට යත්න දරන්නී එකී ඛේදවාචකය යි.

සමස්තයක් ලෙස ගත් විට අනුරාධා නිල්මිණි සිය පළමු කෙටිකතා සංග්‍රහයේ දී ම කෙටිකතාවේ නව්‍ය ස්වරූපය ස්පර්ශ කර තිබීම ඇගේ අනාගත කෙටිකතාකරණයේ විශේෂතා පිළිබඳ සුබදායී තත්ත්වයක් බව පැහැදිලි ය.

සටහන :
තණමල්විල කොල්ලෙක්'' අමුතු ජීවියෙක් ද...? -ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2024/06/02

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...