BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සුදත්ගේ 'මයි රෙඩ් කොම්රෙඩ්' අත්විඳිය යුතුම සිනමා අත්දැකීමක් - (ම.ලී.පෙ)

T

The Leader

June 3, 2024 • 6:41 AM

සුදත්ගේ 'මයි රෙඩ් කොම්රෙඩ්' අත්විඳිය යුතුම සිනමා අත්දැකීමක් - (ම.ලී.පෙ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුදත් මහදිවුල්වැව ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන 'මයි රෙඩ් කොම්රෙඩ්' සමඟ අවුරුදු 19ක නිහැඬියාව බිඳිමින් යලි සිනමාකරණයට පිවිසීම සතුටක් වේ.
  • ඒ කාලය තුළ ඔහු සිනමාකරණය ඟැඹුරින් හැදැරිමට අවකාශය සලසා ගත්බවට මෙම චිත්‍රපටය හොඳ ඉඟියකි.
  • තවද මෙහි අන්තර්ගත කථාව මිනිත්තු 90 වැනි ඉතම සීමිත කාලයක් තුල දිහැරේ.
  • එහෙයින් ' මයි රෙඩ් කොම්රෙඩ්' පර්යේෂනාත්මක සිනමා නිර්මාණයක් ලෙස ඉතා සාර්තක බව පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම දිගු නිහැඬියාව නිෂ්ඵල එකක් නොවන්නක් බව 'රෙඩ් කොම්රෙඩ්' නරඹන ප්‍රේක්ෂකයාට වැටහී යන්නේ එය එතරම්ම ප්‍රබල සිනමා අත්දැකීමක් වන හෙයිනි. ඒ කාලය තුළ ඔහු සිනමාකරණය ඟැඹුරින් හැදැරිමට අවකාශය සලසා ගත්බවට මෙම චිත්‍රපටය හොඳ ඉඟියකි.

 

My Red Comrade මැයි 17 සිට : දේශපාලනයේ සෞන්දර්යවේදය - (ප්‍රගීත් රත්නායක)ඉතාමත්ම අල්ප සම්පත් ප්‍රමාණයකින් මෙවැනි ප්‍රබල චිත්‍රපටක් නිර්මාණය කළ හැකිවීම පුදුමයට කරුනකි.

ඉතාමත්ම අල්ප සම්පත් ප්‍රමාණයකින් මෙවැනි ප්‍රබල චිත්‍රපටක් නිර්මාණය කළ හැකිවීම පුදුමයට කරුනකි. එහි මුණගැසෙන්නේ චරිත දෙකක් පමණි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉතාම කුඩා අවකශයකට, එනම් එක් කාමරයකට, සීමාවේ. තවද මෙහි අන්තර්ගත කථාව මිනිත්තු 90 වැනි ඉතම සීමිත කාලයක් තුල දිහැරේ. නමුත් මෙම කෘතිය මේ කාලය තුල ප්‍රේක්ෂකයාව තදින් ග්‍රහනය කරගැනීමට සමත්වේ. එහෙයින් ' මයි රෙඩ් කොම්රෙඩ්' පර්යේෂනාත්මක සිනමා නිර්මාණයක් ලෙස ඉතා සාර්තක බව පැහැදිලිය.

 

 

චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ වැස්සය. දිගටම පවතින වර්ශාව වෙලාවකට විදුළි කොටමින් ගොරවමින් රුදුරු විලසක් ගන්නා අතර ඇතැම්විට එය සිහින් වැහි පොදක් වේ. චිත්‍රපටය ඇරඹෙන්නේ අකුණු ගසමින් පවතින මොරසූරණ වැස්සක් තුළින් දිස්වන රතු ගවුමක් හැඳි චිත්‍රපටයේ ප්‍රධාන ගැහැනු චරිතයේ පිවිසීමෙනි. "ඇය" තෙතබරිතව වේගයෙන් දුවන්නේ ඇයව ලුහුඹැඳ එන සොල්දාදුවන්ගෙන් ගැලවෙන්නටය. ප්‍රේක්ෂකයන් වන අපට විටින් විට ඇය ඔවුනට අසුවේදෝ යන භීතිය ඇතිවේ.  ඇය සොල්දාදුවන්ගේ ග්‍රහනයට අසුවීමට අන්න මෙන්න කියා තිබෙන ත්‍රාසජනක අවස්ථාවේදී දුම්රියක පැමිනීමෙන් එය වැලකීයයි. ලද සුළු මොහොතෙන් ඇය අහම්බෙන් විවෘතව තිබූ කුඩා ඉඩකින් කුටියක් තුළට රින්ගා ගනයි.

 

WhatsApp Image 2024 04 20 at 5.07.59 PM 1චිත්‍රපටය වේගවත්ව ගලා යන බැවින් කිසිම අලස කමකට ඉඩ නොලැබේ.


කුටිය තුළ සිටින 'ඔහු' ප්‍රේක්ෂකයන්ට පිටුපා පොතක් කියවමින් සිටිනු දිස්වේ (මේ චරිත සම්පූර්න චිත්‍රපටය තුළම නම් නොකෙරෙන්නේ විෂේශ හේතුවක් නිසාය). ඔහු ඇයගේ හදිසි පැමිනීම නොදැක්කාසේ දොරට තඩිබා ගැහැනු ළමයෙක් එහි ආවාදැයි සොල්දාදුවන් අසන ප්‍රශ්නයට 'නැත' කියයි. මේ වනවිට ප්‍රේක්ෂකයන්ට ඔහු 'නැත' කීවේ සත්‍යය නොදැනද නැතිනම් හිතාමතාදැයි කුකුසක් ඇතිවෙයි. එය ඔහු හිතාමතාම කල දෙයක් යැයි ප්‍රේක්ෂකයාට වැටහෙන්නේ පසුවය.  

චිත්‍රපටය වේගවත්ව ගලා යන බැවින් කිසිම අලස කමකට ඉඩ නොලැබේ. මෙය පුදුම සහගත කරුනක් වනුයේ ඉහත සඳහන් සීමාවන් - කාලය, අවකාශය සහ  පුද්ගල අභිබවා යන හෙයිනි.  මේ සාර්ථකත්වයට හේතුවී ඇත්තේ තිර රචනයේ ප්‍රබලබව පමනක්ම නොව ප්‍රධාන චරිත නිරූපනය කරන තරින්දි ප්‍රනාන්දු සහ ආසිරි ඇල්ලගේ යන දෙපලගේ විශිෂ්ඨ රංගන දායකත්වයද නිසාය. 

 

WhatsApp Image 2024 04 20 at 5.08.00 PM 1ඇගේ අභ්‍යන්තර ආවේග සහ සිතුවිලි මුහුනු අභිනයෙන් නිරූපනයකිරීමද චිත්‍රපටයේ ආකර්ෂණයට සහ ප්‍රබලත්වයට හේතු බව හැඟේ.

'ඇය' චරිතයට නිරූපනන්ය කරන තරින්දි ප්‍රනාන්දුගේ අතිවිශේෂ රංගන විශේෂ්යෙන් සඳහන් කල යුතුය. ඇයව අපි පළමුවෙන්ම චිත්‍රපටියේ දකින්නේ වේගයෙන් දුව පලායන තරුණියක් ලෙසය. මේ අවස්ථාවේ සිටම ඇය නොනවත්වාම 'චලනයේ' යෙදෙයි. සිනහවෙමින්, එහා මෙහා යමින්, නටමින්, කතා කරමින්, ඇය කරන මේ රංගනය විශාලවශයෙන් චිත්‍ර පටයේ වේගවත් බවට හේතුවේ. ඇගේ අභ්‍යන්තර ආවේග සහ සිතුවිලි මුහුනු අභිනයෙන් නිරූපනයකිරීමද චිත්‍රපටයේ ආකර්ෂණයට සහ ප්‍රබලත්වයට හේතු බව හැඟේ. පිරිමි චරිතය නිරූපනය කරන ආසිරි ඇල්ලගේ එම චරිතයට උචිත ශරීර ලක්ෂණවලින් යුක්තය.

438079219 122138630504123994 2816935371157000515 n'ඇය' නොමඳව සතු මේ ගුණාංගයන් තම විශ්වීය සත්‍යයෙන් යුතු ඇගේ ප්‍රකාශන තුලින් ඔහුටද ඒත්තු ගන්වන්මින් දෙදෙනා අතර අවංක සහෝදරත්වයකට මගපාදා ගැනීමට ඇය සමත්වේ.

 

ඔහුගේ රංගනය තරින්දිගේ රඟපෑමට අගනා ප්‍රතිතුලනයක් සපයයි. ඔහු මුහුකුරා ගිය (වයසින්) විශාල න්ය්‍යායාත්මක දනුම් සම්භාරයකින් සන්නද්ධ, පීඩිත ජනතව පීඩාවෙන් මුදවගැනීමේ අවංක අභිලාෂයකින් යුතු විප්ලවවාදියෙකි. 'ඇය' පෙන්වාදෙන පරිදි 'ඔහුට' නැත්තේ මිනිසුන් සමග සබදතාවන්ය. 'ඇය' නොමඳව සතු මේ ගුණාංගයන් තම විශ්වීය සත්‍යයෙන් යුතු ඇගේ ප්‍රකාශන තුලින් ඔහුටද ඒත්තු ගන්වන්මින් දෙදෙනා අතර අවංක සහෝදරත්වයකට මගපාදා ගැනීමට ඇය සමත්වේ.

දෙබස් වනාහි මෙම චිත්‍රපටයේ තීරනාත්මක අංගකි. දෙබස් තුළින් චිත්‍රපටයේ තේමාවන් ප්‍රකාශවනවා පමණක් නොව අන් චිත්‍රපටවල මෙන් රූප (visuals) නොමැතිකමද පිරිමැහෙන්නේ එම දෙබස් ප්‍රේක්ෂක හද තුල ප්‍රබල චිත්තරූප මැවීමට සමත් වෙන හෙයිනි.

WhatsApp Image 2024 04 20 at 5.08.00 PMකැමරා ශිල්පියා මෙතරම් සීමිත වර්ණයන් සහ කුඩා අවකාශයක් ඇතුලත ප්‍රේක්ෂකයන් තුල නීරසබවක් ඇති නොවන ලෙස තම කැමරාව හසුරවා ඇත්තේ අතිදක්ෂ ලෙසය.

 

ශබ්ද සැලැස්මේ තීව්රතාවය තුලින් අදාල පසුබිම නිර්මාණය වන අතරම සම්පූර්න පරිසරයද උත්පාදනය වේ. කැමරා ශිල්පියා මෙතරම් සීමිත වර්ණයන් සහ කුඩා අවකාශයක් ඇතුලත ප්‍රේක්ෂකයන් තුල නීරසබවක් ඇති නොවන ලෙස තම කැමරාව හසුරවා ඇත්තේ අතිදක්ෂ ලෙසය.  

වාග් ප්‍රතිරූපන සහ ස්ංකේත භාවිතය සූක්ෂම ලෙසත් අර්තාන්විත ලෙසත් යොදා ගැනීමෙන් ප්‍රේක්ෂක අත්දැකීම තවත් නීව්‍ර වේ. සමස්තයක් වශයෙන් ගත්කල ‘මයි  රෙඩ් කොම්රෙඩ්' චිත්‍රපටය නැරඹිය යුතුම චිත්‍රපටියකි.    

(ම.ලී.පෙ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...